25
"Master.. Mr. & Mrs. Elrod are here.... "
ස්කොට් දොරෙන් එබිලා කියද්දී මෙච්චර වෙලා මේසේ මාස්ටර්ට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය මාව නැගිට්ටුනා... මොකක්ද ස්කොට් කිව්වේ.. දෙයියනේ මට ඇහුනා වැරදිද.... මාව රත් වෙලා යද්දී මං හැරිලා බැලුවේ ලියෝ දිහා... එයාට වැරදිලාද... ඇයි මේ එයා මාව එක්කන් ආවේ.... ඒත් නෑ... එයා වාඩි වෙලා ඉන්නවා කිසිම ගාණක් නැතුව.. මුකුත්ම කිව්වේ නෑ..
දෙයියනේ මේ මනුස්සයාට පිස්සුද... දැන් ස්කොට් කිව්වේ Mr & Mrs. Elrod කියලා නේද... නැත්නම් මට ඇහුනා වැරදිද... ඉතින් යකූ ඒ කියන්නෙ මේ ලියෝගේ ඩැඩී මමී නේද.... එහෙමනේ... මේ මනුස්සයා කිසිම ගාණක් නැතුව ඉන්නවනේ... මාව මෙතන තියාගන්න පිස්සුද...
මං හිටියේ එයාගේ දිහාම බලාගෙන... එයාට වැරදිලාද කියලා.. ඒත් නෑ.. එයා කිසි වෙනසක් නැතුව ඔහේ වාඩි වෙලා ඉන්නවා සුපුරුදු ගාම්භීරත්වයෙන්ම... මාව නම් ඔලුවේ ඉදන් ගිනි අරන් තිබ්බේ.. මං හැදුවේ මාස්ටර්ගෙන් උඩට යන්නද කියලා අහන්න...
"මාස්........"
ඒත් මට කතා කරන්න උනේ නෑ... ආයේ දොර ඇරෙද්දී මං ඒ දිහාට හැරුනා.... හරිනේ... ඉස්සරහින් ආවේ ලියෝ වගේම ගාම්භීර පෙනුමක් තිබුන මිස්ටර් එල්රොඩ්... එයාව දැකපු සැනින් මගේ පපුව එකසිය ගාණට ගැහෙන්න ගත්තා....
එයාගේ පිටිපස්සෙන් තනි කලු ගවුමක් ඇඳලා හයි හීල්ස් දාලා තද රතු ලිප්ස්ටික් එකක් ගලා ආවේ මැදි වයසේ ගැනු කෙනෙක්... ඒ මාස්ටර්ගේ මමී වෙන්න ඇති... හැබැයි එයාගෙන් මිස්ටර් එල්රොඩ්ගේ වයසක් පෙනුනේ නෑ... අවුරුදු හතලිහක හතලිස් පහක පෙනුමක් තිබුනේ.. නෑ නෑ වෙන්න බෑනේ.. මාස්ටර්ටත් අවුරුදු තිස් පහක්... මේ එයාගේ මමීනේ.. මිසිස් එල්රොඩ්ට ගොඩක් වයස පේන් නෑ....