37
"මං කලේ මගේ ජිවිතේට සතුට සැනසීම අරන් ආව ඒ පුංචි දේවදූතයාට කලගුණ සැලකීමක් විතරයි බනී බෝයි. "
.
.
.ඊයේ රෑ අපි දෙන්නා පපුවට තුරුල් වෙලා ඉදලා නින්ද යද්දී කීය උනාද දන් නෑ... මට තියෙන ලෝභකමටම මං හිටියේ ඇස් ඇරගෙන... එයා හිටියෙත් නිදාගෙන නෙමෙයි.. සැරින් සැරේට ගන්න බර හුස්ම එක්ක මගේ හිස් මුදුනට දුන්න හාදු නිසා මට තේරුනා එයා නිදි නෑ කියලා... පස්ස මිරික මිරික හිටිය එයා අන්තිමට හෙමීට මගේ පස්සට තට්ටු කර කර හිටියේ චූටි බබාලා නිදිකරවද්දී කරනවා වගේ... ඇස් ඇරන් හිටිය මට නින්ද යනකලුත් එයා හිටියේ ඇහැරලා...
ඉතින් අද උදෙන් නැගිටලා මං හදපු කෑමත් කාලා එයා චුට්ටක් එළියට ගියා... මං මේ අපේ ඇඳුම් ලෑස්ති කරනවා.. ඉතාලි වල තියෙන හැම හොටෙල් එකක්ම ශොපින් මෝල් එකක්ම මාස්ටර්ගෙලු.. ඒවාට එයාගේ ඩැඩී සම්බන්ද නෑලු.. එයා තනියම පටන් ගත්ත ඒවාලූ... ඉතින් මෙහෙ ඒවා ඔක්කෝම මැනේජ් කරන්නේ එයාලු.. ඒවා ඔක්කෝම බලාගන්නේ එයාගේ විශ්වාසවන්තම හොඳම යාලුවෙක්ලු.. ඉතින් අද උදේම මාස්ටර් ගියේ එයාව චුට්ටක් හම්බෙලා එන්න... අපේ ෆ්ලයිට් එක එකට කිව්වා.....
හුම්......
අදින් පස්සේ ආයේත් පරණ ජීවිතේ.. මාස්ටර් කිව්වා එහේදී මෙහෙ හිටියා වගේ ඉන්න බෑ කියලා.. මං ඇයි ඇහුවත් එයා ඒකට මුකුත් කිව්වේ නෑ.. ඇත්ත ඉතින් එහෙම ඉන්න අපි දෙන්නා ආදරවන්තයෝ නෙමෙයිනේ.. මං කරන්නේ එයා ලඟ රස්සාවක්... මං ඒක තේරුම්ගන්න ඕනි..
ඊයේ පෙරේදා මේ සතියම වගේ මගේ ඇඟට තිබ්බ අපහසුව නම් අද නෑ.. ඔලුව කැරකිල්ල අල්ලලා තිබ්බේ... මාස්ටර්ට මං නොකිව්වට... අද නම් අමාරුවක් නෑ.. ඒත් මගේ හිතට නිකන් මොකක්දෝ හිස්කමක් දැනෙනවා.. ඒක කියන්න තේරෙන් නෑ.. හිස්කමක් වගේ..... මගේ බඩ කොර වෙලා වගේ තිබුනේ.. සැරින් සැරේට බ්ලීඩ් උනත් එක්ක... අද නම් හැබැයි බ්ලීඩ් උනේ නෑ.. මාස්ටර්ට ඕවා කියන්න ගියේ නෑ.. එයා කලබල වෙනවනේ.. අද ගියාම කෝමත් මාස්ටර් ඩොක්ටර්ව ගෙන්නයි.. එතකොට කියනවා...
"බනී බෝයි...... "
"අ.. ආ මාස්ටර්.... "
මාස්ටර් කාමරේටත් ඇවිත් මට ඇහුන් නෑනේ.....