47
" Congratulations Mr. Sean.. you are pregnant... "
ඩොක්ටර් මගේ අතත් අල්ලන් කියපු දේ එක්ක මං හිටියේ බය වෙලා වගේ ඩොක්ටර් දිහා බලාගෙන..... ටික වෙලාවක් ඩොක්ටර්ගේ මූණ දිහා හොඳට බලන් හිටිය මං මහ හයියෙන් හිනා උනේ ඩොක්ටර්ගේ මූණෙත් අමුතුම හිනාවක් ඇඳෙද්දී......
"හහ් හහ් හා ඩොක්ටර්... ව්ට් අ ජෝක්... මෙහෙම බය කරලා ඔහොම විහිලු කරන්න එපා ඩොක්ටර්... අම්මොහ්.. "
මං ආයේ ඩොක්ටර් දිහා බලන් හයියෙන් හිනා උනත් ඩොක්ටර්ගේ මූණේ හිනාවක්වත් එයා විහිලුවක් කරා කියන්න පෙනුමක්වත් තිබුනේ නෑ... ඒ මූණ සීරියස් උනා... මං ටිකක් හිනා වෙවී ඩොක්ටර් දිහා බලන් ඉදලා හිනාව නතර කරගත්තේ ඩොක්ටර්ගෙන් ප්රතිචාරයක් නැති නිසා....
"ඩ්.. ඩොක්ටර්... "
"මට ඔයාගේ තත්වේ තේරෙනවා මිස්ටර් සීන්.. මොකද මේක දැනගත්ත වෙලේ මාත් හැසිරුනේ ඔය විදිහට... මං මේ ගැන අහලා තිබුනත් මට විශ්වාස කරගන්න බැරි උනා.. එහෙම එකේ එහෙම දේවල් අහලාවත් නැති ඔයා කොහොම විශ්වාස කරන්නද මිස්ටර් සීන්... "
ඩොක්ටර් කියවද්දී මං මේ අණ්ඩර දෙමලේ අහන් හිටියේ ඇත්තටම මට මේ දේවල් නොතේරෙද්දී....
"මිස්ටර් සීන්.. ඔයා නොදන්නවා උනාට මේ ලෝකේ මේ වගේ ප්රාතිහාරයය සිද්ධ වෙනවා... හැබැයි ඒක අතලොස්සයි... මිනිස්සු දන්නෙවත් නැති තරම්... පිරිමි අය ගැබ් ගන්න පුලුවන්... ඒත්..... ඒවා සාර්තක නෑ.... මිස්ටර් සීන් උනත් ඒ වගේ ගොඩාක් විශේෂ කෙනෙක්.... "
ඩොක්ටර් කියද්දී මං අහන් හිටියේ වෙනම ලෝකෙකින් ආවා වගේ මූඩ් එකකින්.. ඩොක්ටර් මං ඇල වෙලා හිටිය බෙඩ් එකේම කෙලින් කරවලා ඉන්දවලා ගිහින් එයාගේ ටැබ් එක අරන් ආවා...
"මිස්ටර් සීන්... මේ බලන්න.. මේ ඉන්නේ මේ ලෝකේ මිස්ටර් සීන් වගේ විශේෂිත උන පිරිමි අය.. මේ හැමෝම මිස්ටර් සීන් වගේ දරු ගැබක් දරන්න වාසනාවන්ත උන අය... ඒත්..... මෙතනින් දෙතුන් දෙනෙක් ඇරෙන්න නිරෝගී දරු ප්රසූතියකට ගිහින් නෑ.... මොකද පිරිමි කෙනෙක්ගේ ඇගක් ඒකට සූදානම් වෙලා නෑ... ඒ නිසා ටික කාලෙකින් කලලය කුසේදීම නැති වෙන්න පුලුවන්.. ඒ ප්රශ්නේ නිසා මේක ගොඩක් සාර්තක නෑ.... ඒත් සීන් මෙහෙම දේවල් මේ ලෝකේ සිද්ධ වෙන්න පුලුවන් වගේම සිද්ධ වෙන දේවල්... "