54

6.6K 697 188
                                    

54

"මං උබට හරි ආදරෙයි මගේ වස්තුව......"

එයා මගේ ඇස් දිහා බලාගෙනම කියද්දී මගේ ඇස් වලට කඳුලු පිරුනා..... මේ තරම් කාලයක් එයාගේ කටින් අහන්න මං හීන දැකපු ඒ වචන ටික මගේ පපුවත් බර කරන් එයා කියද්දී ඉබේම මගේ ඇස් වලට කඳුලු පිරුනා...... ඒ මගේ හීනයක්... එයා වචනයෙන් නොකියපු.... ඒත් මහමෙරක් තරමටම දැනුන ඒ ආදරේ මගේ වෙන එක... හැමදාම ලෝභකම් කරපු එයාගේ ආදරේ මගේ නමට ලියවෙන එක.... ඒක මගේ හීනයක්......

"ම්... මා..ස්..ට..ර්..... "

"මං දන් නෑ බන්..... මං උබට උබව දැකපු දවසේ ඉදන් ආදරෙයි.... මං ආයේ උබට මේ වචනේ මගේ කටින් කියයිද දන් නෑ.... ඒත්.... හොඳට මතක තියාගනින් සීන්.... මගේ ආදරේ අයිතිකාරයා උබ විතරයි.... උබම විතරයි......."

එයා හෙමීට සිනිඳුවට මගේ කම්මුලක් අතගාන ගමන් කියද්දී මගේ ඇස්වල පොරකාපු කඳුලු මගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා.......

"උබ දන්නවාද වස්තුව..... මං ආසම මේ කතාකරන ලොකු ඇස් වලට..... උබට මුලින්ම හිත ගියෙත් ඔය ඇස් වලට..... උබේ ඇස් මගේ අම්මාගේ වගේ බනීබෝයි.... ඒ වගේමයි..... "

එයා මගේ ඇස්වලින් ගලන කඳුලු පිහිදදා කිව්වේ ලා හිනාවක් එක්ක.... එයාගේ ඇස් දිලිසෙනවා...... මං හිටියේ ඒ ඇස් දිහා බලාගෙන.....

මෙච්චර කාලයක් එයා හිතේ හිර කරන් හිටිය ඒ හැඟීම් වචන කරද්දී මටත් හිතුනා මං හිර කරන් ඉන්න ආදරෙත් එයාට කියන්න...... ඒ ඇස් දිහා බලාගෙනම.... ඇයි තව කල් ගන්නේ.....

"ම්... මා..ස්..ටර්..... "

"ම්ම්ම්... "

"මං.... මං මේ....... "

මං ගොත ගහද්දී එයා ලාවට හිනා වෙලා මගේ කම්මුලක් මිරිකුවක්....

"රතු වෙලා ස්ටෝබෙරි ගෙඩියක් වගේ...."

"අනේහ්හ්... අහන්නකෝ..... "

"ම්ම්... කියන්නකෝ...."

එයා මගේ දිහා බලන් ඉද්දී මං එයා ඇඳන් හිටිය ටී ශර්ට් එක උඩ මගේ ඇගිලි අරන් ගියා.... ලැජ්ජයිනේ අප්පා......

"රෝස මල....... ඔය කියන්න හදන දේ කියන්නකෝ වස්තුව.... හැමදාම ඇස්වලින් කියපු දේ වචනෙන් අහන්න ආසයි......"

MASTER OF DARK 🔞 || CompletedDonde viven las historias. Descúbrelo ahora