12
"අද ඩිනර් එක ඔයා හදන්න... "
එයා කිව්වේ එච්චරයි..... වෙන මුකුත් නොකියා ඔෆිස් රූම් එකට ගිහින් දොර වහගත්තා... මාස්ටර් ඕක ඇතුලේ කියන්නේ ඉතින් මට කතා කරන්න පවා තහනම්.... එයාට කිසිම විදිහකින් ඩිස්ටබ් කරන්න බෑ.... ඒවා ඔය එයාගේ නීති සංග්රහයේ තියෙන නීති..
ඩිනර් හදන්න කිව්වට හදන්න ඕනි මොනාද කියලවත් කිව්වේ නෑනේ අප්පා... මං මොනාද ඉතින් හදන්නේ.... අනේ මන්දා.. ආයේත් බැනුම් අහන්න වෙයිද දන් නෑ... කියන දේ වචන දෙකෙන් තුනෙන් කියන් නැතුව හරියට කිව්වා නම් ප්රශ්න නෑනේ....
දවල් උනත් ස්කොට් ඔයව ජිම් එකට එක්ක යයි කිව්වා නම් මං එතන්ට හරියන ඇඳුම ඇඳන් යනවනේ... භාගෙට කියලා ඊට පස්සේ මෙතන මට කෑ ගහනවා.. ම්හ්ක්... පුදුම අසාධාරණයි...
මං හිතින් අර මාස්ටරයට නෝක්කාඩු කියන ගමන් මේසේ ඔක්කොම අස් කරලා පිහදැම්මා....
මොනා නැතත් අම්මොහ්හ්හ් එයාට කේන්ති ගියාම නම් යකෙක් වගේ.... ඇස් රතු වෙලා... ඒ ඇස් මතක් වෙද්දීත් මාව වෙව්ලනවා.... බැරි වෙලාවත් එයා කේන්තියට අර කකුල උස්සපු පාර මට ගැහුවා නම් මට තාම නැගිටගන්න බැරි වෙයි... බැරි වෙලාවත් මං අලුත් නොවුනා නම්..... අම්මේහ් එතනින් එහාට නම් මට හිතන්නවත් බෑ.... මාස්ටර් හොඳයි.... ගොඩක් හොඳයි.... හැබැයි එයාව කේන්ති ගස්සවන්න හොඳ නෑ.. එහෙම උනොත් නම් මාව පණ පිටින් පුච්චයි.. පුච්චන්න දෙයක් නෑ.. ඒ ගින්දර වගේ ඇස් වලට පුලුවන් මාව එතනම අලු කරලා දාන්න... අම්මොහ්හ් මතක් වෙද්දිත් ඇගේ හිරි පිපෙනවා....
මං ඔක්කොම ටික කාට් එකට දාගෙන දොරත් වහන් එළියට ආවා... ලිෆ්ට් එකෙන්ම මං කෙලින්ම ගියේ පහලම තට්ටුවට.. ලිෆ්ට් එක ඇරෙද්දිත් ඒ වටේ හිටපු හැමෝම හිටියේ ඔලුව නමාගෙන.. ඔව් ඉතින් ලිෆ්ට් එක ආවේ 3rd floor ඉදන්නේ.. එක්කෝ මං නැත්නම් මාස්ටර්... මං එයාලා එක්ක හිනා වෙද්දී එයාලත් ඔලුව නමලා මාත් එක්ක හිනා උනා.. පව් අප්පා.. මාස්ටර් උනා නම් මේ මිනිස්සු වෙව්ලලා මැරෙයි...
"සීන්........ "
ස්කොට් දුවගෙන එද්දී මං එයා දිහා බැලුවේ හිනාවීගෙන... ස්කොට්ගේ ඇස් මගේ ඇඟපුරාම ගිහින් මැණික් කටුව ලඟ නැවතුනා.. රතු වෙලා ටිකක්... මාස්ටර් ඉතින් රිබන් එකෙන් උනත් ගැටගැහුවේ චුට්ටක් තදටනේ.. අනික චුට්ට ඇත්නම් මගේ හමේ පාර හිටිනවා....