22

5.3K 607 146
                                    

22

"මගේ පුංචි බෝම්බේ.. මේක දාලා බලන්න හරිද කියලා...."

එයා මට අර අතේ තිබුන එක දික් කරලා කියද්දී මං එයා දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා.....

"ඇයි.. ම්ම්.. දැන් පුපුර පුපුර එහාටයි මෙහාටයි වෙවී හිටියේ මේකට නේද.. දාලා බලන්න ඉතින්..."

එයා කියද්දී මං යටි තොලත් හපාගෙන හොර බැල්මක් දාලා අත් දෙකෙන් ඒක ගත්තා...

"Thank you master

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Thank you master.. "

මං එයාට මගේ අවංක හිනාව කට පුරෝලා දෙද්දී එයා හිටියේ මගේ දිහාම බලගෙන... ටික වෙලාවක් බලන් ඉදලා හැමදාම වගේ මගේ කොණ්ඩේ අවුස්සලා එයා එළියට ගියා....

"මට අලුත් ඇඳුමක්..... මං වෙඩින් එකකට යන්නයි යන්නේ..... "

මං ඒ දුන්න කවර් එකේ ශිපර් එක ඕපන් කලා.. අල්ලන්නත් ලෝභයි.. මට මේ වගේ ඇඳුමක් හම්බුනාමයි... අනික.... මං මේ වෙඩින් එකකට යන පලවෙනිපාර... මං ඇඳුම ඇඳලා බලන්නත් හදලා ආයේ පැත්තකින් තිබ්බා... කුණු ගෑවුනොත් එහෙම.. මගේ අතින් පොඩි උනොත් එහෙම... ඒක එක ඉරක් නැති වෙන්න අයන් කරලා.. ඉතින් මට ඒක අල්ලන්නත් ලෝභ හිතුනා...

මං හෙමීට මගේ නහය ඒකට ලං කරලා සුවඳ බැලුවා... අලුත් සුවඳයි..... කලු ට්‍රවුසර් එකයි.. නිල් පාට වගේ ශර්ට් එකයි... මෙරූන් කලර්ද.. රෝසද මන්දා.. කෝට් එකයි. ආ තව කලු පාට ටයි එකකුත් තියෙයි... ඒකේ චූටි මී මැස්සෙකුත් ඉන්නවා...

මං එකින් එක එකින් එක ඒ ඔක්කොම අතගාලා බැලුවා.. ලෝභයි... මට අඳිනකන් ඉවසිල්ලක් නෑ... ඒත් මං කලින් ඇඳලා බැලුවේත් නෑ...

ආයේ මාස්ටර් ඒක ගැන මගෙන් ඇහුවෙත් නෑ.. මං රෑ කෑම හැදුවට පස්සේ මාස්ටර් එක්කම කෑවා... කාලා ඉවර උනාට පස්සේ ඉතින් එයා එයාගේ පුටුවේ වාඩි වෙලා අර සිගරට් එක උරවද්දී මං ගිහින් එයා ඉස්සරහා දණ ගැහුවා.. එයාට ඉතින් රෑට මාව ඕනිනේ....

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now