"ඒකි කවුද.... "
වැහුන දොර දිහා බලාගෙන මං කල්පනා කලේ ඇස්වල කඳුලු පිරෙද්දී.. අපි දෙන්නා විතරයි ඉන්නේ කියපු තැනට එකට එක්ක යන්න තරම්...
"සීන්..... "
මගේ පිටිපස්සෙන් ඇහුන ස්කොට්ගේ කටහඬ නිසා මං කඳුලු හංඟන් හිනා වෙලා එයා දිහා බැලුවා..
"ස්කොට්... ඒ... ඒ කවුද.... "
මං ඇහුවේ මගේ හිතේ තිබුන ප්රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන් එකම කෙනා ස්කොට් නිසා..
"ආ.... ඒ මිස් ලෝරා... මාස්ටර්ට ගොඩක් හිතවත් කෙනෙක් සීන්.. කලින් සීන් කරපු රස්සාවම කරපු කෙනෙක්.. හැබැයි දැන් අවුරුදු දහයකට පහලවකට කලින්.. මිස් ලෝරා තමයි වැඩිම කාලයක් මාස්ටර් එක්ක හිටපු කෙනා.. අවුරුදු දෙක හමාරක් විතර..... "
"ආ..... "
ස්කොට්ගේ වචන නිසා මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුනා.. මට දැන් මතක් උනේ. මාස්ටර් එදා මට එයා ගැන කිව්වා.. කලින් අයව ට්රේන් කලා කිව්වේ මෙයානේ... එයා මට වඩා මාස්ටර්ට ලඟ කෙනෙක්.. මට වඩා වැඩි අයිතියක් තියෙන කෙනෙක්.. මගේ උගුර හිරවෙන්න වගේ එද්දී මං අමාරුවෙන් මගේ කඳුලු පාලනය කාරගත්තා...
"එයාගෙන් පස්සේ මෙහාට ආව හැම කෙනාවම ට්රේන් කලේ මිස් ලෝරා තමයි.. සීන්ව විතරයි මාස්ටර් මිස් ලෝරාට භාරදුන්නෙ නැත්තේ.. මොනා උනත් පරිස්සම් වෙන්න සීන්.. මොකද ලොරා කියන්නේ ගිනි බෝම්බයක්.. මාස්ටර් හැමෝටම වඩා ලෝරාව විශ්වාස කරනවා.. ඒකි අහිංසක මූණකින් මාස්ටර්ව රවට්ටන් ඉන්නේ... "
"ම්න්... "
මං වචනයක්වත් නොකියා හුම් මිටි තිබ්බේ ඔලුව වනලා.. මට එක වචනයක්වත් කියන්න ශක්තියක් තිබ්බේ නෑ.. මොකද මගෙන් වචනයක් පිට උනොත් මං හිර කරන් ඉන්න කඳුලුත් මට පාලනයක් නෑති වෙයි කියලා මට බය හිතුනා...
වෙව්ලන තොල් එකට තද කරන් අමාරුවෙන් හිනා වෙලා මං ස්කොට් ඉන්න තැනින් එහාට ආවා.. මට ඕනි උනේ දුවගෙන ගිහින් කවුරුත් නැති තැනකට වෙලා හයියෙන් අඬන්න.. මගේ පපුව හිර කරන මේ දුක නැති වෙනකන් ආඬන්න... ඒත් මට දුවාගන්න බෑ.. මගේ කකුල් අඩියක් තියලා අඩියක් තියන්න බැරි තරම් වේදනායි...