Extra chap
"ඩැඩී... "
"ම්න්... "
"ඔයාට ලොකූගේ මුකුත් වෙනසක් පේන් නෑද... "
"ම්න්.. "
"ඒකනේ ඒකනේ.. මාත් මේ බලාගෙන ඉන්නේ හොඳද දැන් සතියක විතර ඉදන්.. ඉස්සර 10ට ගෙදර එන මිනිහා දැන් එන්නේ මහ පාන්දර 1ට 2ට... "
"ම්න්.. "
"මට නම් ඕකාව ශුවර් නෑ ඩැඩී.. අප්පාගේ පාරෙමනේ යන්නේ... කොහේ හරි අහිංසකයෙක් අල්ලගෙනද දන් නෑ.. අප්පාත් ඔය වයසෙදි හොඳ හොඳ සෙල්ලන්නේ දාලා තියෙන්නේ... "
"ම්න්.. "
"ඔයාට කියන්න ඩැඩී. මට සැක හිතුනේ ඇයි දන්නවාද.. ඊයේ මං ලොකූගේ සුදු ශර්ට් එක හෝදන්න යද්දී ඒකේ තැනින් තැන මේකප් ගෑවිලත් තිබුනා.. ලිස්ටික් පාරවලුත් තිබුන.. අනික බ්ලොන්ඩ් කලර් කොණ්ඩෙකුත් තිබ්බා බොත්තමක පැටලිලා... "
"ම්න්.. "
"මට අපේ එකා ගැන නම් බයක් නෑ.. මට බය ඕකාට අහු වෙන එකී ගැන... "
"ම්න්.. "
"අනේ ඒකට මගේ පොඩි උන් දෙන්නා... කනට ඇහෙන්න වචනයක් කතා කරන් නෑ.. අහිංසක පැටව් දෙන්නා.. අම්මිගේ පාරෙනේ එයාලා යන්නේ... මොන කරදරයක්වත් නෑ මගේ පැටව් දෙන්නාගෙන්.. ඒකටත් හරියන්න ඉන්නවා අප්පාගේ මහ ලොකු ලොකු පුතා... ගිනි ගෙඩිමනේ දෙන්නේ...... "
"ම්න්... "
"අම්මීමීමීමීමීමී.......... අනේ.... මූ...... මගේ කොණ්ඩ කට්ට ගත්තා............... අම්මීමීමීමීමී.......... "
"හූ... පුලුවන්නම් ගනින්... මේ.... "
"දීපන්....... බූරුවා..... අනේ අම්මීමීමීමී.... මට ලේට් වෙනවා දැන්......... ඕක දීපන් මෙහේ... වල් හරකා............ අනේ තාත්තීතීතී....... බලන්නකෝ.............."
උදේ පාන්දර ඇහුනේ මගේ කෙල්ලගේ කටහඬ.. ගේ දෙක වෙන්නම... අනේ ඉතින්.... ගෙදරටම කොච්චර සිරියාවද... මේ පොඩි උන් දෙන්නා නැත්නම් මේ බකුසෝ දෙන්නා එක්ක මේ බංගලාවම මූසල වෙලා යනවා...
"පොඩී.. ඕක දෙන්න නංගිට.... "
මං කියද්දී පොඩි කොල්ලා අරකිට දිව ඇදලා ආයේ ගේ පුරා දුවන්න ගත්තේ චූටිත් එයාගේ පස්සෙන් දුවන්න ගනිද්දී..