36"බනී බෝයි !! මොන ලෝකෙද ඉන්නේ..?? මේ සුප් එකත් නිමිලා... "
ඊයේ දවස ගැන සුන්දර මතක ආවර්ජනයක හිටිය මාව ගැස්සිලා මේ ලෝකෙට ආවේ එයාගේ කටහඬට....
හුටා එච්චර වෙලා ගියාද....
එයා වොශ් එකක් දාගන්න කියලා උඩට ගිහින් වොශ් එකකුත් දාන් එයාගේ ෆුල් සූට් එකකටත් බැහැලා පහලට ඇවිත් හිටියේ මගේ දිහා බලාගෙන.. නිකන් නෙමෙයි මාව හම ගහලා ඩෙවල් දාන සයිස් එකේ බැල්මකුත් එක්ක...
"මොන සිහියෙන්ද සීන් තමුසේ හිටියේ... බඩගිනී කියලා නේද කිව්වේ.. මේකට අත තියලාවත් නෑ... "
එයා කෑ ගහද්දී මං හොර පූසා වගේ සුප් එක දිහා බැලුවා... මට අමතක උනානේ.. ඊයේ දවසේ රස තැන් ආයේ මතක් කර කරනේ හිටියේ.. හුහ් මාස්ටර් දන් නෑ මගේ බනී පැටියත් මේ වෙද්දී හිස ඔසෝලා ඉන්නේ... එයාගේ හපන්කම් තමා.. මලක් වගේ හිටපු මං වල් වැදිලා දැන් හරීයට....
"දැන් මෙතන ඉන්නවා හොර පූසා වගේ.. මොන සිහියෙන් ඉන්නවාද මන්දා... කෝ මෙහාට දෙනවා ඕක ආයේ රත් කරන් අරන් එන්නම්.. "
එයා උදේ පාන්දර නහරයක් පුපුරගන්න වගේ මට කෑ ගහලා මගේ සුප් කප් එකත් අරන් කිචන් එක දිහාට ගියා... මං නම් ඉතින් බබා වගේ හිටියේ නියපොත්තකින් මේසේ සූර සූර.... මං හිටපු ලෝකේ කිව්වොත් ඒම උදේ පාන්දර මං අහගන්නවා හොඳ දේශනයක්.. ඊට සැපයි කට පුප වහන් ඉන්නවා...
මෙයා මොකෝ අද මේ ෆුල් සූට් ගහලා.. කොහේ හරි යන්න වගේ.. මාවත් අරන් යයිද දන් නෑ.. අනේහ් මට නම් බෑ... හරී වෙහෙසයි මට... ඇහුවොත් බෑ කියන්න ඕනි....
හෙට ආයේ ලන්ඩන් යනවනේ ඉතින්.. එතකොට මේ නිදහස නෑ ඉතින්.. දුකේ බෑ එක අතකට.....
ඇගිල්ලකුත් කටේ දාන් ආයේ හෙට යන්න වෙන එකට දුකේ හිටිය මං ආයේ සිහියට ආවේ මගේ ඉස්සරහින් සුප් බෝල් එක තියන සද්දෙට.. ඒක තියලා එයාත් මගේ ලඟින්ම වාඩි උනා....
"බනී බෝයි.. කන්න අමාරුද... ම්ම්..?? මං කවන්නද...?? මේවා කන්න අප්පිරියා නම් පුලුවන් දෙයක් කියන්න මං ගෙනත් දෙන්නම්.... "
එයා මං කටේ ගහන් හිටිය අතත් අල්ලන් හරී ආදරෙන් ඇහුවේ මගේ මූණට එබිලා... පව්ව්ව්.. එයා හිතේ ඇති මං නොකා හිටියේ කන්න බැරුව කියලා.. ඒම එකක් නෑ ඉතින්...