06

6.5K 697 138
                                    

Part 06

"What is BDSM.. ?? "

Bondage & Descipline
Dominant & submission
Sodidm & Mosochism

එයා projecter එක දාද්දී මං ඒ දිහා බලන් හිටියා.. වචන වලින් එන තේරුම මට යම්තාක් දුරට තේරුනත් එයා දිහා බැලුවේ ඒකේ තේරුම දැනගන්න.. මේ අමුතු ලෝකේ ගැන මට දැනගන්න ඕනි උනා.. ඒ වගේම මගේ ඉස්සරහා හිටගෙන ඉන්න මේ මනුස්සයා ගැන මට ලොකු විශ්වාසයක් ඇති වෙලා තිබුනා...

"බනී බෝයි.. හොඳට අහන් ඉන්න... හරිද.. BDSM කියන එකේ තේරුම අපිට මෙන්න මේ විදිහට නිර්වචනය කරන්න පුලුවන්...

Bondage & Descipline

Bondage කිව්වම ඕනි කෙනෙක් හිතන්නේ ගැට ගහනවා කියන එක.. බනී බෝයි ඔයත් හිතන්න ඇත්තේ එහෙම.. ඔව් ඒක හරි.. ඒත් බනී බෝයි.. මෙතනදි bondage කියන්නේ ගැටගැසීමම නෙමෙයි... හැඟීම් සීමා කිරීමක්.. සංයමයක්.. ඔයාගේ හැඟීම් වලට මං සීමාවක් දානවා.. ඔයාගේ සතුට මං පාලනය කරනවා.. බනී බෝයි.. ඒකට සෙක්ස්ම අදාල නෑ.. උදේ කෑමට ඔයාට ආස හිතෙන්න ඇති මං කාපුවා කන්න මැන්ගෝ ජූස් බොන්න.. ඒත් මං ඒක සීමා කලා.. හැබැයි මං ඔයාව බඩගින්නේ තිබ්බේ නෑ. කැරට් දුන්නා.. ඒත් මං ඔයාගේ සතුට ආසාව හිර කලා.. අන්න ඒ වගේ.. සෙක්ස් කරද්දිත් මං මේ දේ කරනවා.. ඔයාව ගැට ගහනවා.. ඇස් ගැටගහනවා.. ඔයාගේ හැඟීම් මං සීමා කරනවා... ඔයාට ඒක ඉස්සරහට බලන්න පුලුවන්..

අනික descipline.. ඒක ඔයාට තේරෙන දේ හරි.. විනය.. බනී බෝයි BDSM වලදි අනිවාර්යය දෙයක් විනය.. ඔයාට ස්වයං විනයක් තියෙන්නම ඕනි. එහෙම නැත්නම් මගේන් දඩුවම් ලැබෙනවා.. මට කීකරු වෙන්න් ඕනි.. නීති පිලිපඳින්න ඕනි.. ඒක ගැන හිතන්න එපා බනී බෝයි මං ඒක හදලා ගන්නම්... "

එයා එහෙම කියලා ආයේ අර කට කොනකින් දාන හිනාව දැම්මා.. මං ආවේ ඉස්කෝලෙකටද.. හමුදා පුහුණුවකටද.. අපෝ ඉස්සර අපේ ඉස්කෝලෙත් හිටියා විනය භාර සර් කෙනෙක්.. මට නම් පේන්න බෑ.. අපිට ඉතින් සල්ලි තිබ්බේ නෑනේ හැමදාම ඇඳුම් මහන්න කොණ්ඩේ කපන්න.. කලිසම කොට උනත් මාව දණ ගස්සනවා.. කොණ්ඩේ වැවිලා නම් ඉස්කෝලේ ලමයි ඉස්සරහා ලැජ්ජා කරනවා කපුටු කූඩුවක් කියලා.. විනය කිව්වම මට මතක් උනේම ඒ සර්ව..

"බනී බෝයි.. ඉස්කෝලේ තිබ්බ විනයයි මෙතන තියෙන එකයි දෙකක්. Listen to me... "

MASTER OF DARK 🔞 || CompletedWhere stories live. Discover now