23 (බෝනස්)
"මාස්ටර්.... අනේ.... මාව බේරගන්න........"
මාව බයේ වෙව්ලද්දී මට කරකියා ගන්න කිසිම දෙයක් නැති වෙද්දී මං මගේ මූණ වහන් කෑ ගැහුවා... මාව බේරගන්න ඉන්නේ මාස්ටර් විතරක් නිසා මං එයාටම කතා කලා.. එයා එයිද නෑද කියන්න මං හරියට දන් නෑ.. ඒත් මට හිටිය එකම පිහිට එයා නිසා මං එයාටම කතා කලා... මං හිටියේ හොඳටම බය වෙලා.... වෙව්ලන තරම් බය වෙලා......
ඒත්.......
ඒ එක්කම මෙච්චර වෙලා ඇතුලේ වැහිලා තිබුන දොරක් වේගෙන් ඇරෙද්දී මං වගේම අරූත් හැරිලා ඒ දිහා බැලුවා....
මාස්ටර්....... දෙයියනේ මාස්ටර්......... එයා.... මට මෙච්චර වෙලා තිබුන බය නැති වෙලාම යද්දී මගේ මුලු හිතටම සතුටක් දැනුනා... එයා... එයා මෙච්චර වෙලා ඇතුලෙද හිටියේ.... ඒත්.... ඇයි එයා.. කලින් ආවේ නැත්තේ.......
"ම්ම්.. මාස්..................."
මං එයාට කතා කරගෙන එයා ලඟට දිව්වත් එයා මගේ දිහා බැලුවේ එක බැල්මයි... ඒ බැල්මේන් කියන්න ඕනි හැමදේම කියවෙද්දී මගේ කකුල් එහෙන්ම නැවතුනා... එයා මගේ දිහා බලන් ඉදලා එයාගේ දඹර ඇගිල්ල එයාගේ තොල් වලින් තිබ්බේ මට කට පියාගන්න කියලා කියන ගමන්....
එතනින් එහාට මං වචනයක්වත් නොකියා බිම බලාගත්තා... එයා ඉන්නේ තරහින්.. මාත් එක්ක තරහින්.... එයා එන්න කලින් කියලාම එව්වා කරදරේක වැටෙන දේවල් කරන්න එපා කියලා.. එයාට දැන් කේන්ති ගිහින් ඇති.. මට එයා එනකන් වොශ් රූම් නොයා චුට්ටක් ඉවසන්න තිබුනා......
මං ඔලුව නමාගෙන හිතද්දී එයා වචනයක්වත් නොකියා ගිහින් සින්ක් එක ලඟ හිටගත්තා.. එයාගේ අත ටිකක් හෝදගෙන මූණත් හෝදගෙන එතන තිබ්බ කණ්නාඩියෙන් එයාගේම මූණ දිහා ටිකක් බලන් හිටියා..