26
"ඒ ආවේ මාස්ටර් ගොඩාරියක් ආදරේ කරන මාස්ටර්ගේ අම්මා නෙමේයි නේද...??"
මං මාස්ටර්ගේ උකුලෙන් වාඩි වෙලා ඉදගෙන ඉන්න ගමන් එයාගෙන් ඇහුවේ මගේ ඇගිලි හෙමීට එයාගේ කොණ්ඩේ අතරින් යවන ගමන්... එයා හිටියේ සනීපෙට ඇස් වහගෙන උනත් මං ඒක අහද්දී එයා ඇස් ඇරලා මගේ දිහා බැලුවා.. එයා මුකුත් කිව්වේ නෑ... මගේ දිහාම බලන් ඉන්නවා... ඒත් මං නතර නොකරම එයාගේ ඔලුව මසාජ් කලා....
ටික වෙලාවක් මගේ දිහා එහෙම බලන් හිටිය එයා මගේ ඉන දෙපැත්තෙන් අල්ලලා මාව තව එයාගේ ලඟට ගත්තා.. ම්හ්ක්.. දැන් නම් එයාගේ හුස්ම මගේ තොල් වලට දැනෙනවා.. ඒ තරම් අපි ලඟයි.. මං එයාගේ උකුලේ හිටිය නිසා ඉස්සිලා මගේ දිහා බලන් හිටිය එයාගේ නහය තිබුනේ මගේ තොල් කිට්ටුව......
"බනී බෝයිට එහෙම හිතුනද.... ම්ම්...?? "
"හ්ම්....... "
"ඇයි ඒ..... "
එයා අහද්දී මං නැමිලා මගේ දිහාට ඉස්සිලා තිබුන එයාගේ ඇස් දිහා බැලුවා....
"එයා වෙනස්...... "
"එච්චරද.....?? "
"ම්හ්ක් නෑ... කෝම හරි ඒ එයා නෙමෙයි... නේද මාස්ටර්....?? "
මං අහද්දී එයා මගේ දිහාම බලන් ලාවට හින උනා.... මං ඉතින් මුකුත් නොකියාම මෙච්චර වෙලා එයාගේ සිනිඳුම සිනිඳු කොණ්ඩේ අතර ගිය මගේ ඇගිලි අරන් එයාගේ නලල මසාජ් කරන්න ගත්තේ එයා ආයේ ඇස් පියාගනිද්දී... දැන් හරි... එයා මං දිහා එක දිගට බලන් ඉද්දී මට හරි අමුතුයි වගේ වෙනවා අප්පා...
"ඔයා හරි... ඒ මගේ මමී නෙමෙයි බනී බෝයී.. මගේ මමී නැති උනේ මට අවුරුදු විස්සෙදී... හැබැයි ඒ වෙනකොටත් ඩැඩී එයායි හිටියේ සෙපරේට් වෙලා.... පස්සේ ඩැඩී ඔය වේ# ගෑනිව කසාඳ බැඳගත්තා...."