24
"මාස්ටර් ට්‍රිප් ගිහින් තියෙයිද.......?? "
ඉර බැහැගෙන යන ඒ හවස පාක් එකේ බෙන්ච් එක උඩම එයාගේ කකුලක් උඩින් වාඩි වෙලා හිටිය මං එයාගෙන් ඇහුවේ එයා දිහාට මගේ ඇස් හරවලා.... මං හිතන්නේ මං අහපු දේ මං එවලේ අහයි කියලා හිතන්න බෑරි දෙයක් වෙන්න ඇති.. ඒ නිසා එයා ටිකක් ප්‍රශ්නාර්ත බැල්මකින් මගේ දිහා ටිකක් බලන් හිටියා... බලන් ඉදලා එයා 'ම්න්' කියලා ආයේ මගේ දිහා බලලා ඇහිබැමක් ඉස්සුවා..
"ඇයි බනී බෝයි එහෙම ඇහුවේ..."
එයා අහද්දී මං ආයේ බිම බලාගත්තා... හරි ඉතින් මං අහපු දේ ඒ අවස්තාiවට ගැලපෙන්නේ නැතුව ඇති තමා.. ඒත් ඉතින් මෙහෙම එයා එක්ක ඉද්දී.. එයාගේ අත අල්ලන් ඇවිඳිද්දී... මට එයා එක්ක එහෙම නිදහසේ ඉන්න ආසාවක් ආවානේ. ඒකයි ඉතින් මං එහෙම ඇහුවේ... ඒත් එයාට ඒවා කියන්න බෑනේ... 'know your limits bunny boy' කියලා කියයි...
"මාස්ටර් කා එක්කද ට්‍රිප් ගියේ..... "
මං ඉතින් එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදීම ආයේ ප්‍රශ්නයක්ම ඇහුවා... ඒක මඟ අරින්නත් හිතාගෙන...
"ම්ම්.. මමීයි ඩැඩීයි එක්ක... තව.... යාලුවෝ එක්ක..... "
එයාලාට සල්ලි තියෙයිනේ.. ඉතින් යනවා ඇති තමයි.. එයාලා හැම අවුරුද්දෙම යනවද දන් නෑ... මං නම් කවදාවත් ගිහින් නෑ....
"ඕ...... ලඟදීත් ගියාද මාස්ටර්.... "
මං අහද්දී එයා මගේ දිහා ටික වෙලාවක් බලන් හිටියා... එයා ආයෙත් පෙනෙන නොපෙනෙන ගාණට හිනා වෙලා මාව උස්සලා ආයේ කකුල උඩින් හරියට තිබ්බා...
"ම්ම්ම්ම්... බිස්නස් ට්‍රිප් නම් යනවා ඉතින්... ගිය මාසෙත් ගියේ ෆ්‍රාන්ස්... "