39
"උදේ යද්දී මාස්ටර් මට කියලා ගියා ලෝන්ග් නයිට් එකකට රෙඩි වෙන්න කියලා... ඉතින්.... මතක් කරලා මාස්ටර්ගේ ඩෙසර්ට් එකට දූරියන් බේක් කරලා තියන්න.... "
මං කියද්දී ස්කොට් අහක බලන් කහින්න ගත්තා... මං දැක්කා ඒ මනුස්සයා වගේම ලඟ හිටිය මේරිත් රතු වෙලා තියෙනවා.. හුහ්.. යස වැඩක් ඒක... ඔච්චර රතු වෙන්න දෙයක් කිව්වද ඉතින් මං....
"තමුසෙට ලැජ්ජාවක් නැද්ද සීන්..... "
මගේ කන ලඟින්ම ඇහුන ටකරං වොයිස් එකෙන් තමයි මටත් මතක් උනේ මෙතන ඉන්න විශේෂම පුද්ගලයා... මාස්ටර්ගේ වෙන්න වයිෆ්... ලැජ්ජාවක් නෑද අහනවා මෙන්න මෙයා... මෙහෙමයි ඉතින්... මේ ඩාක් මැන්ශන් එකට අඩිය තියද්දී නම් මං ලැජ්ජා බයට හැදුන කොල්ලෙක්... එත් මාස්ටර් මගේ ඒ නහරේ කැපුවනේ... ඒ නිසා සොරි කෙල්ලේ....
අර ගෑණි හයියෙන් බෙරිහන් දෙද්දී මං එයා දිහා බලලා හරීම අහිංසක ලැජ්ජාශීලී හිනාවක් දැම්මා..... එහෙන්ම හෙමින් බෙල්ල පිටිපස්ස අතගාගන්න ගමන් මං කතා කලේ ලැජ්ජාවෙන් වගේ...
"ඕහ්හ් සොරි මිස් රියා... මට ඇත්තටම ඔයා මෙතන ඉන්නවා කියලා අමතක උනා... ඔයා ඇරෙන්න මෙතන ඉන්න අනිත් අයට නම් ඉතින් ඕවා සුලු දේවල්.. ඔයිට වඩා දේවල් එයාලා ඇස් වලින්ම දකිනවනේ.... ඔයාට කියන්න මිස් රියා... මං මේ ඔයාගේ අනාගතේට හොඳ නිසා කියන්නේ...... "
මං එහෙම කියලා අඩියක් දෙකක් ඒකි ලඟට ලං වෙද්දී ඒකි මූණ හට්ටියක් කරන් අඩියක් පස්සට ගියා....
"මාස්ටර්ට වෙලාවකට තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නෑනේ... මෙතන උනත් පෙරලගනී... මද කිපුන දල ඇතා වගේ තමා.. කුලප්පු උනොත් ආයේ ඉතින් දවසක් දෙකක් නැගිටිනවා බොරු.... "
මං හෙන සීරියස් මූඩ් එකෙන් කටත් නොපිට පෙරලන් කියද්දී ස්කොට්ගේ කැස්ස වැඩි වෙලා පඩි පෙල දිගේ පහලට දිව්වේ මේරිගේ අතින් තව පොඩ්ඩෙන් අපිට ගෙනාව ජූස් වීදුරු දෙකක් බිමට වැටෙන්න යද්දී....
අනේ ඉතින් අපේ අනාගත වෙන්න ඉන්න මැඩම්ගේ මූණ නම් දකින්න ලස්සනයි අපායට ගහපු කැලෙන්ඩර් එක වගේ....