❤️🙏💚
ලබන්නා වූ නව වසර ඔයාලා හැමෝටම සාමය සතුට පිරි නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා...!!!!
සුබ නව වසරක් වේවා !!
💚🙏❤️
*********************
"එක්කෙනෙක් මගේ අම්මා....... අනිත් කෙනා............. ඔයා.... "
මගේ ඇස් දිහාම බලාගෙන එයා කියද්දී මං හිටියේ ඒ දිලිසෙන ගැඹුරු ඇස් අස්සේ හිර වෙලා..... 'අම්මා...... ඔයා...... වටිනම අය...' එයා කියපුවා ආයේ ආයේ මගේ හිත ඇතුලෙන් ගලපද්දී එයා ඒ දේ කිව්වාද නෑද කියලා පවා මගේ හිතට සැකයක් දැනුනා... එයාට වටිනම අය දෙන්නයිලූ... එක්කෙනෙක් එයාගේ අම්මාලූ.. අනිත් කෙනා මංලු.. එයා... එයා කිව්වේ එහෙම... එයා මේ දැන් කිව්වේ එහෙම....
ඒක හිතෙනවා එක්කම ආයේ මගේ හාට් එක පිස්සු නටන්න ගත්තා.. එයාගේ බැල්මක් වචනයක් ගානේ මගේ හාට් එක පිස්සු නටනවා... එයා කිව්වේ මාව එයාට වටිනවා කියලා.. එහෙමද... එයා මේ දැන් කිව්වේ එහෙමද... මං... මං එයාව විශ්වාස කරන්න ඕනිද... එයා කියපු දේ.... මං විශ්වාස කරන්නද...... ඒත් ඇයි.. එයාට අනිත් හැමෝටම වඩා මාව ඒ තරම් වටින්නේ ඇයි... අම්මා වගේම මාවත් වටින්නේ.... එයා බොරුද කියන්නේ...
මගේ හිතම මගෙන් ප්‍රශ්න කරද්දිත් මං හිටියේ ඒ ඇස් අස්සේ අතරමං වෙලා.. නෑ.. ඒ ඇස් අවංකයි... බොරු නෙමෙයි... ඒත්.. මට බයයි.. ඒක විශ්වාස කරලා ආයේ මගේ හිත රිදෝගන්න මට බයයි..... මං හිටියේ ඇහිපිය නොගහා මගේ ලොකු ඇස් දෙක තව ලොකු කරන් එයා දිහා බලාගෙන....
"Cute.. "
හුඟ වෙලාවක් මගේ ඇස් දිහාම බලන් හිටිය එයා එහෙම කිව්වේ මගේ කොණ්ඩේ අවුස්සලා... මං මගේ ඇස් පියාගෙන ඇකිලෙද්දී එයා ලා හිනාවක් එක්ක මගේ දිහා බලන් හිටියා.. හිනාවක් කිව්වට එයා හිනා උනේ නෑ.. ඒත් ඒ ඇස් වලින් මූණෙන් මට එයා හිනා වෙනවා වගේ පෙනුනා...