6 chapter

115 18 0
                                    

"ඉතින් වැඩේ හරිද...ම්ම්..."
"හ්..හරි..."
"ඉදුවර අයියේ මම ඔන්ලයින් පේමන්ට් එක කලා.... මම යනවා...."
"හරි මල්ලි..."

කට කොනෙන් හිනා වුනු එයා යන්න ගියා.... මගේ පපුව එකසිය ගානට ගැහෙනවා....කවුද බය නොවෙන්නෙ ඒ විදිහට ලං වෙද්දී... තව ගෑනු ලමයෙක් ආවා ක්ලීනප් එකක් කරන්න..... හැමදේම අමතක උන මම ඒකත් එක්ක බිසී වුනා....

මම මගේ වැඩ ඉවර කරලා යන්න ලෑස්ති වුනා....

"මල්ලි ගිහින් දාන්නද..."
"එපා අයියෙ මම සතිඅන්තෙ විතරයි ගෙදර යන්නේ...."
"දැන් කොහෙද ඉන්නේ...."
"උදේට ශෙඩ් එකේ වැඩ අයියේ... ඒ නිසා ඒකේ නැවතුනා....යන්නම්...."
"ම්ම්........."

රෑ 10යි.... හෙමින් හෙමින් ඇවිදගෙනම ආවා....  තනියම පාරේ යන මගේ පාලු මකන්න හද ඇතියි කියලා හිතාගෙන උඩ බැලුවා.... මෙච්චර වෙලා හරි ලස්සනට තිබ්බ අඩහද වලාකුලක් ඇවිත් වහගත්තා.... වලාකුලට ඉරිසියා හිතිලා...

"හංගන්න ඕනේ නෑ..... බලන් උන්නට මම උදුර ගන්නේ නෑ.....මගෙන් උදුර ගත්තට මං උදුර ගන්නේ නෑ..."

මම වලාකුලට ඇහෙන්න කෑගහලා කිව්වා..... අහල පහල මනුස්ස පුලුටක් පේන්න නෑ ඉතින් මට පිස්සු කියලා හිතන්නවත් කවුරුත් නෑ.....

"අභීට ඕනේ හැමදාටම තියෙන හදක්මද.... පුංචි වල්ගා තරුවකට ආසා නැද්ද....?"

"අම්මාහ්..!?"

මම බය වුනා.... මට කෑගැස්සුනා.... ඒ එයා මගේ පිටි පස්සෙන් ඉදන්.... අහසේ මං බලන් හිටපු දිහාම බලන් හිටියේ එයා....

"බය වුනාද...."
"කොහෙ ඉදලද ආවේ...."
"ඈත වාහනේ එද්දී ඔයාව දැක්කා.... වාහනේ එතන නවත්තලා පස්සෙන් එද්දී ඇහුනා.... කවුදෝ වලාකුලකට බනිනවා...."
"බැන්නේ නෑ..."
"ඉතින් මගේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද....ම්ම්..."
"ලස්සන වුනත් එයා යන්නෙ අවසාන ගමන ඒ නිසා මං ආස නෑ...."
"එහෙම කරන්න එපා.... හැමදාම ඉන්න කෙනාට වඩා..... අන්තිම ගමන වේගෙන් යන කෙනාට තමා.... ආදරේ ගොඩක් ඕනේ...."
"ම්ම්..... ඇත්ත තමා....."
"ඉතින්..... කොහෙද මේ යන්නේ...."
"නැවතිලා ඉන්න තැනට...."
"කොහෙද...."
"......................"
"හරි කියන්න එපා මං හොයා ගන්නම්...."
"හෝල්ට් දෙකක් ඉස්සරහ තියෙන ශෙඩ් එකේ...."
"ඒකෙත් වැඩද....."
"ම්ම්........"
"රෑද....."
"උදේ...."
"එහෙනම් ගමනක් යන්න එනවද....."
"කොහෙද...."
"එන්නකෝ..."

මාවත් වාහනේට දාගත්ත එයා ආවේ.... ගෝල්ෆේස් එකට.....

"ඇයි මෙතන....."
"නරක මතක අමතක කරලා.... අලුත් ලස්සන මතක ටිකක් දෙන්න...."
"මොකක්....?"
"ඇස් දෙක පියා ගන්න.ලස්සන දෙයක් පෙන්නන්නයි යන්නේ...."

මම මගේ ඇස් දෙක පියා ගත්තා.... මට ඇහුනා එයා දුවගෙන කොහෙට හරි ගියා....ආයෙත් ආවා.... ආයෙත් ගියා... එයා හැමතැනම ඇවිදිනවා....

"හරිද...."
"තව ටිකයි...."
"..................."

එයා දැන් ඉන්නේ මගේ ඉස්සරහා ඒක මට දැනුනා.....

"ඇස් අරින්න...."

එයාගේ හස්කි වොයිස් එකෙන් එයා හරි ලස්සනට කිව්වා.....
මම මගේ ඇස් දෙක ඇරියා..... මට කතා කරගන්න වචන නැති වුනා.....මගේ ඇස් වල කදුලු පිරුනා.....ඒ හැමතැනම බිම හරි ලස්සනට ඉටිපන්දම්... ඒ මදිවට ඒ ඔක්කොම මැද්දේ  පොඩි ස්ටූල් එකක කේක් එකක්.... ඒත්...

"ඇයි මේ..... කේක් එකක්...."
"මුලින්ම කියන්න ඔයා මේකට ආසද.... මේක ලස්සනද....."
"ම්ම්........ මන් කැමතියි..... ඒක ලස්සනයි......ඒත් ඇයි...."
"උපන්දිනේට....."
"ඒත් මගේ උපන්දිනේ අද නෙවෙයි නේ...."
"දන්නවා.... අද මගේ උපන්දිනේ....."
"ආහ්..... හැපි බර්ත් ඩේ....ඇයි ඔයා මාව සප්‍රයිස් කලේ...."
"නිකන්.... මාත් එක්ක උපන්දිනේ සමරමුද...."
"මමම ඇයි.... ගෙදර අය යාලුවෝ ඔයාට ගොඩක් ඉන්නවනේ.... ඇයි මමම...."
"පේන හැමදේමඇත්ත නෙවෙයි.... අනික මට කවුරුත්ම නෑ...."
"ඒත්..."
"කමක් නෑ ඔයාට යන්න ඕනේ නම් යන්න.... හැමදාම උපන්දිනේ තනියම සමරපු මට..... අදත් පුලුවන් තනියම සමරන්න...."
"ඒත් මං ගාව ඔයාට දෙන්න මොකුත් නෑනේ...."
"ඔයා ඉන්න එකම තෑග්ගක්...."
__________________________
මම

^_^

Nara...

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now