7 chapter

99 13 0
                                    

"ඔයා ඉන්න එකම තෑග්ගක්..."
"Happy birthday අභී...."

මට එයාට දෙන්න පුලුවන් උපරිම තෑග්ග විදිහට මගේ පුලුවන් උපරිම ලස්සන හිනාව එයාට දුන්න මම එයාට සුබ පතන ගමන් පලවෙනි පාරට එයාට මං අභී කියලා කතා කරා..... එයාටත් හිනා ගියා...

"එන්න අපි කේක් කපමු...."
"හරි යමු...."
"........................."
"පොඩ්ඩක් ඉන්න...."

කේක් එක කපන්න ගිය එයාව මම නැවැත්තුවා.... ඉක්මනට ගිහින් බිම තිබ්බ ලස්සන රෝස පාට ඉටිපන්දමක් ගෙනත් කේක් එකෙ ගහපු මම happy birthday සින්දුව කිව්වා.....

"Happy birthday to you....
Happy birthday to you....
Happy birthday dear abhi....
Happy birthday to you...."

"දැන් කපන්නද...."

හිනා වුනු එයා මගෙන් ඇහුවා.... ප්‍රාර්ථනාවක් කරලා.... ඉටිපන්දම නිවලා.... කපන්න.....
ප්‍රාර්තනාවක් කරන්න එයා ඇස් පියා ගත්තා.... එයා ඉටිරූපයක් වගේ.... මේ වගේ කෙනෙක්ට කොහොමද කවුරුවත්ම නැති වෙන්නේ....
ඉටිපන්දම නිවපු එයා කේක් කෑල්ලක් කපලා මට කැව්වා.... ඊට පස්සේ..... කේක් කෑල්ලත් එක්ක මහ රෑ බීම බීපු අපි..... මුහුදු වෙරලේ කන්ඩියක් උඩ ඉදගත්තා....
අභිමන්‍යු කියන්නේ මට හරිම අබිරහස් ප්‍රශ්න පත්තරයක් වෙද්දී..... මම උත්තර හොයන්න පටන් ගත්තා....

"ඉතින් කොහොමද මං ගැන ඔච්චර දන්නේ....."
"ඔය ප්‍රශ්නේ අන්තිමට අහන්න තියා ගන්න...."
"ඔයා කවුද...."
"අම්මා තාත්තා කවුරුත් නැති අසරන වුන කෙනෙක්....."
"මාව හම්බුනේ අහම්බෙන් නෙ.... ඉතින් අද උපන්දිනේ සමරන්න හිටියේ තනියමද....."
"මම ආවේ ඔයාව හොයාගෙනම තමයි...."
"ඇයි ඒ...."
"මෙතනත් එක්ක තියෙන නරක මතක වෙනුවට ලස්සන මතක ටිකක් දෙන්න...."
"ඔයා කවුද.... කොහොමද මං ගැන ඔච්චර දන්නේ.... ඇයි මට මෙහෙම සලකන්නේ...."

මම කලබල වුනා.... ඉදන් හිටපු තැනින් නැගිට්ට මම එයාගෙන් ප්‍රශ්න වැලක් අහගෙන ගියා....

"මම නරක කෙනෙක් නෙවෙයි.... හැමදේම එකපාර කියන්න මටත් බෑ.... මට කල් දෙන්න.... හැමදේම පොඩ්ඩ පොඩ්ඩ.... හෙමීට කියන්නම්...."

මගේ අතකින් අල්ලගෙන එහ්ව්ම කිව්ව එයා.... ආපහු ඉදගන්න කියලා මට ඇස් වලින් කිව්වා....

එයාට අවස්ථවක් දෙන්න කියලා මගේ හිත කියද්දී..... එයාම හැමදේම කියනකල් එයාව විශ්වාස කරන්න හේතුවක් නැතුවම තීරනය කරලා.... එයා ගාවින් ඉදගත්තා.... අපි දෙන්නා අහස දිහා බලාගෙන හිටියා....අහස දිහා බලාගෙන හිටිය එයා කතා කලා....

අහස දිහා බලාගෙන හිටිය එයා කතා කලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"හද ලස්සනයි නේද...."
"ම්ම්... ඒත් දැන් මම වල්ගා තරුවට ඊට වඩා ආසයි....."
"ඇයි...."
"එයා පව්...."
"එච්චරද...."
"එයා හයියයි.... ඒත් තනි වෙලා.... හරියට මං වගේ...."
"නැහැ ඇත්තටම එයා මං වගේ...."
"ඇයි...."
"ඉක්මන් ගමනක් තියෙන්නේ...."
"ඒ කිව්වේ...."
"මොකුත් නෑ.... ඉතින් මට කියන්න.... ආපහු මෙතනට ආවාම දුක දැනෙන එකක් නෑ නේද....ම්ම්"
"මාත් හිතනවා.... ඒත් ඔයා කොහොමද ඒක දන්නේ....?"
"මම ඔයාට ලග කෙනෙක්.... හෙමීට දැනගමු...."
"...................................."
"ඉතින් ආස නැද්ද ආපහු පාරක් ඈත ඉන්න තාත්තට කතා කරන්න...."
"එහෙම කලේ පොඩි කාලේ...."
"ඒත් එතකොට ඔයා සතුටින් හිටියා නේ.... අද ආපහු කතා කරමු....මගේ අම්මටත් එක්කම කතා කරමු...."
"..............................."

එකපාරයම මාවත් නැගිට්ටවන ගමන් නැගිට්ට එයා හයියෙන් කෑ ගහන්න  ගත්තා....

"අම්මේ... ඔයා දැක්කද.... එයා ගෑනු ලමයෙක් නෙවෙයි.... මාමාට කියන්න පොඩි කාලයක් වුනත් එයාව හොදින් බලාගන්නම් කියලා....ණය ගෙවාගන්න බැරි උනත්.... ඊලග ආත්මෙත් ගෙවන්නම් කියන්න.....අපි හොදින් ඉන්නවා.... මං ආදරෙයි.... දාලා ගියාට තරහා නෑ...."
"..................."
"කතා කරන්න...."

එයා කියන දේවල් නොතේරුනත් මට වේදනාවක් දැනුනා......

ඇස් දෙකේ කදුලු පිරුන මම.... කාලෙකට පස්සේ ආපහු කතා කරන්න ගත්තා.... මගේ තාත්තා එක්ක....

"මගේ තාත්තේහ්.... මගේ තාත්තේහ්.... මම හොදින් ඉන්නවා.... නොආවට තරහ නෑ..... සතුටින් ඉන්න..... මට ඔයාව..... මතක් වෙනවා.... ම්..මං අ...අ..අදරෙයි...."

මගේ ජීවිතේ පලවෙනි වතාවට මම එයාට ආදරෙයි කිව්වා.....

"මාව අදුන්නලා දෙන්නෙ නැද්ද...."
"මං ඔයාව කවුරු කියල කියන්නද මට තේරෙන්නෙ නෑ...."
"දැනට ඔයාගෙ හිතේ මං කවුද අභී..... ඒක තාත්තට කියන්න...."
"......................."
"කියන්න...."
"..............................."
"මං කවුරුත්ම නෙවෙයිද...."
"........................."

_______________________________
මම

^_^

Nara....

Hanahaki (yizhan) sinhalaDonde viven las historias. Descúbrelo ahora