"කොහොමද අම්මේ... කොහොමද තාත්තේ.... ඔයාලා හොදින් ඉන්නවද.... අද මන් ෆයිනල් එක ලියනවා.... ආච්චිඅම්මා ඔයාලත් එක්කනේද... මං වෙලාවක නංගිව බලන්න ඉස්කොලේ ගාවට යන්නම් අම්මේ.... දැන් වත් ඔයාලා හැමෝම සතුටින් ඉන්නවද.... අහලා තියෙනවා.... ඔහෙට ආවාම.... හැමෝම අනිත් අයත් එක්ක තියෙන තරහ අමතක කරලා සතුටින් ඉන්නවා කියලා.... මට ආදරේ කරන්න විශේශ කෙනෙක් හම්බුනානෙ.... තාත්තායි ආච්චිඅම්මයි නම් දන්නවා එයාව..... එයා නම් කියනවා එයා මගේ අයියලූ.... සමහර විට එහෙම ඉන්න එක හොදයි.... අනිත් හැමෝටම වඩා සහෝදරයෙක් ඉන්න එක හොදයි....
අභී ගේ අම්මා... තාත්තා.... ඔය දෙන්නා හරිම ලස්සන අයියා කෙනෙක්ව මට දුන්නාට ගොඩක් පින්.... මං එයාව ඇස් දෙක වගේ බලාගන්නම්...
බාප්පේ මට සමාවෙන්න.... ඔයා මට සමාව දෙනවා නේද.... මං නංගිට මේ හැමදේටම වඩා ආදරෙයි.... මං එයාව බලාගන්නම් ඔයා දුක් වෙන්න එපා....
ඔයාලා හැමෝගෙම ෆොටෝ මං දැක්කා.... අභී ඔයාලා හැමෝටමාපේ ජීවිතෙ ඇතුලේ පුංචිම හරි තැනක් දීලා තියෙනවා....
අම්මේ මං මගේ තාත්තාව දැක්කා.... එයා හරිම ලස්සනයි.... ඔය හැමෝම ඔහේ සතුටින් ඇති කියලා හිතනවා.... මං පස්සේ වෙලාවක ඔයාලාව බලන්න එන්නම්.... මං ගිහින් එන්නම්.... මං ඔයාලා හැමෝටම ආදරෙයි...."
මං ඇස් දෙක ඇරලා වටපිට බැලුවා.... මගේ එහා පැත්තෙන් ඉදන් ඇස් දෙක පියා ගත්තු අභී ඇස් දෙක අරිනකොට හිටියේ නෑ..... මං වටපිට බල බල අභීව හොයනකොට.... මගේ පිටි පස්සෙන් ඇවිත් කරට අත දාලා අභී සෙල්ෆී එකක් ගැහුවා....
"මේක හරියන්නේ නෑ අභිමන්‍යු... ඩැන් කොයි වෙලේ හරි මැරෙන්නෙත් ෆොටෝ ගගහා ඉදිද්දී...."
"කියන්න බෑ.... සමහර විට වෙන්න පුලුවන්...."
"ඔයාට නම් පිස්සු.... අපි යමු.... "
"පිස්සු නෙවෙයි අනේ.... ෆයිනල් එක ලිව්ව දවස මතක තියෙන්න එපෑ...."
අපි දෙන්නා වාහනෙන් කැම්පස් එක ලගට ආවා....
"අභිශේක්.... එහෙනම් හොදට එක්සෑම් එක ලියන්න... ඔයා එක්සෑම් එක ලියාලා එද්දී මං ඔයාව ගන්න මෙතන ඉන්නම්... හරිනේ.... හොදට කල්පනා කරලා එක්සෑම් එක ලියන්න ඕනේ හරිද....."
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....