"Happy birthday Abhimanyu.... To me you are my everything so I love you... will you be my boyfriend...."ඔව් මගේ ගිෆ්ට් එක මුද්දක්....
මං ඒ ටික කියලා අභී දිහා බැලුවා....
අභී කලබල වෙලා වගේ.... ඔව් එයා ඇත්තටම සප්රයිස් වෙලා.... මං බලාපොරොත්තු උනාටත් වඩා.... අභී මෙහෙම රියැක්ට් කරනවා දැක්කාමයි... ඒ හිටිය තැනම ගල් වෙලා... මගේ මහන්සිය දිහා ඇස් ලොකු කරලා බලපු එයා මගේ ඇස් දෙක දිහා බැලුවා.... ඒ ඇස් දෙක රතු වෙලා ඒ ඇස් වල කදුලු පිරිලා... එයාගේ ඇස් වලට කදුලු ආවේ වෙනවෙලාවක නම් මං මට සමාව නොදෙන්න තිබ්බා....ඒත් අද මට කියා ගන්න බැරි තරමටම සතුටු හිතුනා.... මං තවමත් දනගහගෙන මුද්ද එයාට පෙන්නලා එයාට කතා කලා....
"අභී.... ඔයා කැමතිද....?"
"........................."එයා තාමත් පුදුම වෙලා වගේ විශ්වාස නැතුව වගේ ඇස් පිල්ලමක්වත් නොගහා එයා බලාගෙන ඉන්නවා.....
"අභී අපි තවත් මේක අපි දෙන්නගෙන්ම හංගගෙන ඉන්න ඕනෙද අභී... ම්ම්..."
"................"
"අභී ඔයගේ උත්තරේ දෙන්න... අභී මං ආද්...."
ඒත් එක්කම මගේ අතේ තිබ්බ මල් පොකුර ඇදලා අර ගත්තු අභී....ඒක ඈතට විසි කරලා මාව කොලර් එකෙන් ඇදලා නැගිට්ටුවා....
"අභිශේක්.... මොකද්ද තමුසෙ මේ නටන නාඩගම... ම්ම්...? තමුසෙට පිස්සු හැදීගෙන එනවද.... ආහ්...? තමුසෙ කොලුකාරයෙක්ද ඕයි...? මං මේ නැහීගෙන ගෙට දාගෙන හදන්නෙ කොලුකාරයෙක්වද....?"
මාව ගොලු උනා... මට කියන්න දෙයක් නැතුව ගියා.... එක පාර ඔලුවට හෙනයක් ගැහුවා වගේ හැගීමක් එක්ක අභීගේ කටහඩ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා....
"කතා කරනවා... කෝ තමුසෙගෙ කට...."
"ස්... සමාවෙන්න... මං.. මං හිතුවා...."
"මොනවද තමුසෙ හිතුවේ... මාත් කොලුකාරයෙක් ඒ නිසා තමුසෙව ගෙට දාගත්තා කියලද....."
"ස්.... සමාවෙන්න අභීහ්...."එහෙන්මම දනින් වැටුනු මම අභීගේ කකුල් දෙක අල්ලගෙන සමාව ඉල්ලුවා.... මටවත් නොතේරෙන විදිහකට මට කොතන හරි වැරදිලා තිබුනා....
"තමුසේ මගේ මල්ලි ඕයී.... තාත්තා තමුසෙව මට බලාගන්න කිව්ව එකයි මන් තමුසෙව බලාගන්නේ....."
![](https://img.wattpad.com/cover/342152965-288-k661349.jpg)
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....