32

51 9 7
                                    

හැදියාව කියන එකේ අන්තිම අග්ගිස්සේ හිටිය අභිමන්‍යුයි හැදියාවෙන් ඩිග්‍රී එකක් ගහලා ඉන්න මමයි දෙන්නම හැදියාව දෙකට නවලා සාක්කුවට දාගෙන ප්ලේට් දෙකක් අතට ගත්තා.....

සමහර කට්ටිය ප්ලේට් අරගෙන මුලින්ම ඔක්කොම බෙදාගෙන මේසෙන් තියාගෙන හෙමීට කනකොට.... සමහරු බෙදාගන්නවා යනවා ඉදගන්නවා කනවා එනවා ආයෙත් බෙදාගන්නවා යනවා ඉදගන්නවා කනවා.....

පිස්සුනේ නේද කද්දි ඉදගන්න ඕනේ කියලා එකක් තියෙනවද නෑනේ... ඉතින් අපි දෙන්නා ප්ලේට් එකක් ගන්න ඕනවට අරගෙන මුලින්ම ගියෙ ශෝටිට්ස් තියන තැනට එතනට ගිහින් රෝල්ස් එකෙන් වැඩ ආරම්භ කරපු අපි දෙන්නා... එතන ඉදන් හිටගෙනම කෑවා.... ඊටපස්සේ පැටිසකට විද්දා.... එතන තියන හැම ජාට්ජියම වගේ කාපු අපි දෙන්නා ස්වීට්ස් තියන පැත්තට ගිහින් එතනත් හිටගෙනම ආතල් එකේ කාලා.... ඩ්‍රින්ක්ස් තිබ්බ තැනට අන්තිමට ගිහින් ඒකේන් හැම මගුලම පුරවගෙන මේසේට ගිහින් ග්ලාස් ටික තියාගෙන ඉදගෙන බිව්වා....

ඒ අස්සෙන් අභී ෆෝන් එකෙන් බීම දෙකත් එක්ක සෙල්ෆි එකකුත් ගැහුවා... මූටත් සෙල්ෆි මාරයා වැහිලා... දවසක මැරෙන්නේ සෙල්ෆියක් ගහද්දී.... මේක හොල්මනක් වෙලා ඇවිත් ඒ සෙල්ෆියත් එෆ්බී එකට දායි... last moment in mylife lol.. කියලා... මං දන්නේ නැතුවැයි හැටි... ජීවත් උනානේ ටික දවසක් මේ වහන්තරාව එක්ක....

ඩ්‍රින්ක්ස් ටිකත් පුලුවන් උනානම් අපි දෙන්නා ඒ ටිකත් හිටගෙන බොනවා... කියන්න සතුටුයි... ඒ වෙනකොට අපි දෙන්නා හිටියේ අසාධ්‍ය තත්වයේ... ඒත් ගෙව්ව සල්ලි වලටයි හයිටි එකටයි උපරිම සාදාරනයක් කරන්න... බොන්න ගත්තු ටිකත් බිව්ව අපි දෙන්නා.... නැගිටගන්න බැරුව එතනම හිටියා.....

හැදියාව කියන දේ ටිකකට සාක්කුවෙන් අරගත්තු මං ඒක දිග ඇරියා.... හීනියට ලැජ්ජාවක් හිතෙද්දී මං වටපිට බැලුවා.... අම්මට හුඩු වෙන්න... අපේ මේසේට එහා පැත්තේ ලොකු මේසේ කොල්ලෝ පස් දෙනෙක්.... උන් අපිට අන්තයි... දැන් පුපුරයි වගේ.... ඊට එහා පැත්තේ මේසේ හිටියේ නම් ෆැමිලි එකක් ඒත් කිසි වෙනසක් නෑ.... තව පැය බාගෙකින් හයිටි එක ඉවරයි.... නිකමට ඉතුරු මේස ටික දිහත් බැලුවේ එක පොශ් සෙට් එකක් වත් නැති වෙන තරමට ලංකාවේ තත්වේ හරහට ගිහින්ද කියලා දැනගන්න....

බලාගෙම යද්දී රටේ ගෞරවේ තියන්න යන්තමට එකම එක කෙලවරේ මේසෙක පොශ් කෙල්ලො ටිකක් චුට්ට චුට්ට කකා කිචි බිචි ගගා හිටියා....

"ඒයි අභී කොහෙද බලන්නේ ඔය....?"
"මංද..."
"ඔව් උබ තමා...."
"කාලා වැඩියි... කබරයා දාන්න තැනක් හොයනවා...."
"ඉතින් කෙලවරේ නංගිලා ටික ගාවට ගිහින් දාන්නද හැදුවේ...."
"මං කිව්වා කියලා හිතා ගන්න අභිමන්‍යු...."

සෑහෙන්න අමාරුවෙන් ඉදලත් අභී මට පද කියනකොට.... මාත් දීලා ඇරියා....
ඒ එක්කම අභී යන්න නැගිට්ටා... අඩේ මට නම් නැගිට ගන්න බෑ... අත් උදව්වට කවුරු හරි ඕනේ වෙයි.... මාස හයක විතර බඩකුත් තියෙයි දැන් නම්....

මං නිකමට අභීගේ බඩට මාස කීයද බැලුවා....

හෙන ගහන්න ඕනේනේ.... මේකට බඩල් නෑනේ..... කන එව්වා කොහෙටද දන්නේ නෑ යන්නේ....

අභී මං නැගිටිනකල් බලන් ඉන්නකොට මං අභීට ලගට කතාකලා...

"ඒ මේ.... අභිමන්‍යු... සුට්ටක් එනවකෝ...."
"මොකෝ...?"
"ඒ බන් අපිට අදට මෙහෙ ඉන්න බැරිද..."
"උබ හිතුවද උබට කන්න දීලා තව උබට ඉන්න දෙන්න තරම් මේ මිනිස්සුන්ට පිස්සු කියලා වරෙන් යන්න ගෙදර...."
"යන්න තිබ්බා හලෝ නැගිටගන්න බෑනේ...."
"ඇයි උබ ඇලිලද...."
"නෑ බන් ස්මුරුත්තාවට ඇවිත් ඉන්නේ... බලහන් බඩදරු අම්මා කෙනෙක් වගේ... දැන් ගිහින් බස් එකකට එහෙම නැග්ගොත් කොල්ලෙක් කියලා නොබලම කොන්දා කියයි මේ නගින අම්මාට ශීට් එකක් දෙන්න කියලා...."
"ඒවට කල් තියෙනවා අභී... උබට යන්නම බැයිනම් කියපන් මං වඩාගෙම යන්නම්...."
"නෑ කමක් නෑ අභී මං බඩගාගෙන හරි එන්නම්...."

අභී හිනාවෙලා මගේ කනට ලං වෙලා කියනකොට... මං දැනුනු ලැජ්ජාවත් එක්ක එපා කියලා අහක බලා ගත්තා...

ලැජ්ජා හිතුනේ වෙන මොකටවත් නෙවෙයි... පොශ් නංගිලා ටික අපි දෙන්නා දිහා බලලා අනංග හිනාවක් දැම්මා....

රවන එක හරි නැති නිසා මාත් ලාවට ස්මයිල් එකක් දෙනකොට... එක නංගියෙක් ටටා කියලත් කිව්වා.... දැන් ඉතින් ගස්සලා අහක බලන්නද බෑනේ... පොඩි බායි පාරක් දාන්න අත උස්සද්දිම උස්සපු අතින් ඇදලා ගත්ත අභිමන්‍යු මාව ඇදගෙන එලියට ආවා....  ඒ ආපු ඒමට නම් මට දැනුනේ පා………~ වෙනවා වගේ සාන්ත....

"සක්කරවට්ටම් වලට බායි කියද්දි ස්මුරුත්තා කැලේ..."

වරද මගේ අතේ... බැන බැන අභී ඩ්‍රයිව් කරනකොට මං කටවහගෙන ආවා...

"ආයනම් උබව කොහෙවත් එක්ක යන්නේ නෑ... කැම්පස් එකෙන් ගෙදරට ගෙදරින් කැම්පස් එකට.... එච්චරයි...."

අයිතිවාසිකම් කියන්න පුරුදු වෙලානේ....

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now