අභී fan meetig එකට පස්සෙ ආපහු මේකප් රූම් එකට ආවා... මම හිටියේ යන්න ලෑස්ති වෙන ගමන්.... අභීට ගොඩක් මහන්සි පාටයි... ඒත් එයා හිනා වෙලා ඉන්නවා දකිනකොට ගොඩක් සතුටුයි....
"මහන්සිද....?"
"ම්ම්... ඒත් මට හරි සතුටුයි අභිශේක්.... මට තාත්තා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමෙන් මං කරනවා...."
"තාත්තාටත් ඔයා ඉන්න තැන දැක්කාම සතුටු හිතෙයි අභී...."අපි දෙන්නා කතා කර කර ඉන්නකොට මං එයාගේ මූනේ තිබ්බ මේකප් එක අයින් කරලා එයාගේ මාස්ක් එක දුන්නා දාගන්න.... එතකොට එතනට දුවගෙන ආවේ හසරැලි.... ඒ ලමයා පුදුම කඩිසරයි බලන හැම වෙලාවකම වැඩක් බදාගෙන කොහෙට හරි දුවනවා....
"අභිමන්‍යූ වාහනේ ආවා... අපි යමු..."
"මං එන්නම් පොඩ්ඩක් ඉන්න... අභී අපිත් එක්ක යමූ..."
"ඕනේ නෑ අභී ඔයා හසරැලි එක්ක යන්න මං ගෙදරට එන්නම්...."
"ඒත්..."
"ඒත් මේත් නෙවෙයි කියන දේ අහලා යන්න..."
අභී එලියට යන්න ගිහාම මං හෙමීට සෙනග අස්සෙන් ගිහින් මාස්ක් එකක් දාගෙන සෙනග මැද්දෙන් වාහනේට නගින එයා දිහා බලාගෙන හිටියා.... එතන ඉන්න ගෑනු ලමයි එයාට පිස්සු වැටිලා.... දන්නවනම් එයාලා පිස්සු වැටුනු කෙනාගෙ අයිතිකාරයා එයාලාගේ පිටිපස්සේ ඉන්නවා කියලා... එයලා මොනවා කරයිද කියලා මටම පුදුමයි.... අභී ගියාට පස්සේ මං බස් එකක නැගලා ගෙදර ආවා....
"බස් එකේද ආවේ...?"
"ඔව්...."
"ඒකනේ මාත් එක්ක එන්න කිව්වේ..."
"ඔයා එක්ක ආවා නම් මට ලස්සන දර්ශනයක් මිස් වෙනවා..."
"ඒ මොකද්ද..."
"ඒක රහසක්...."ඒත් එක්කම කුස්සියෙන් ආවේ බීම හදාගෙන හසරැලි....
"ආහ්... ඔය දෙන්නත් බොන්න මහන්සීයි නේ..."
"තැන්ක්ස්...."අපි තුන් දෙනා සෝෆා එකෙ ඉදගෙන සද්දයක්වත් නැතුව බීම බිව්වා.... එක පාරටම හසරැලි නැගිට්ටා...
"ඕහ් කමෝන් ගයිස්... මොකද්ද අනේ මල ගෙදරක නෙස්කැෆේ බොනවා වගේ... අද අභිමන්‍යු සර් ගෙ ප්‍රිමියර් එකනෙ... ලෙට්ස් සෙලිබ්‍රේට් ගයිස්...."
"එහෙනම් අභී වෙනුවෙන්..."
මං අභී වෙනුවෙන් චියර් කරන්න ග්ලාස් එක ඉස්සුවා... අභීයි හසරැලියි දෙන්නත් මාව රිපීට් කරද්දී... අපි ටීවී එකේ කැරොකේ දාලා මයික් එකක් සෙට් කරලා සින්දු කියන්න ගත්තා.... මම මයික් එක හසරැලිට දුන්නා...
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....