මහ රෑ ගෙවිලා ගිහින් ගොඩක් වෙලා... දැන් පාන්දර ලං වෙලා... හරියටම කිව්වොත් දැන් මැදියම.... ඇස් දෙක ගොරකා ලෙලි වෙලා... මොකෝ මහ රෑට කොට්ටෙට දුක කියන එක මට පුරුදු නැති දෙයක්ද... ඒකත් මගේ දුක් වැඩියෙන්ම ඇහුවෙ මේ කොට්ටේ වෙනකොට මේක මට නුපුරුදු දෙයක් නෙවෙයි... මේක මේ කොට්ටෙට නුපුරුදු දෙයකුත් නෙවෙයි... මට නැති වාසනාවක් හිතින් මවා ගත්තට කවුරුත් පලි නැහැ... මට තිබ්බා තෙරුම් ගන්න... මේ ලෝකේ මට සැනසීම සතුට උපන්දා ඉදලා ලැබෙන්න තිබ්බ දෙයක් නෙවෙයි... හැමොම ඉපදෙන්නේ තමන්ගෙම ශබ්දකෝශයක් අරගෙන.... මං අරන් ආපු ශබ්දකෝශෙ නැති දේවල් මවා ගත්තු මමයි වරදී... මට තව කිතන්න තිබුනා... පිරිමියෙක් කොහොමද පිරිමියෙක්ට ආදරේ කරන්නේ....
ඒත්... එයාට තිබ්බා මට බලාපොරොත්තු නොදී ඉන්න... එයට තිබුනා ඒ පපුවට අයිතිකාරයෙක් ඉන්නවා නම් මාව ඒ පපුව මැද්දෙ හිරකර ගන්නෙ නැතුව ඉන්න... එයාට තිබුනා එයා ආදරේ සහෝදරයෙක් විදිහට නම් ඒ සීමවට මෙහයින් නවතින්න... හරියටම සීමව මැද නැවතුනම සීමාව පැනලද නැද්ද කියලා හොයා ගන්න බැරුව මාව අතරමන් නොකර ඉන්න...
"හැමදේම හොදින් තියෙන්න තිබ්බා අභී උබ මට නුපුරුදු හැගීම් දැනෙන්න නොදී හිටිය විදිහටම ඉන්න දුන්නා නම්...."
එහෙනම් මැරුන් නැතිව හිටියා නම් මන් සතුටින් සැනසීමෙන් නැත්තත් දරා ගන්න බැරි දුකක් නැතුව හරි ජීවිතේ අල්ලන් යනවා...
අඩලා අඩලා අඩන්න කදුලුත් නෑ.. දැන් අඩන්න හේතුත් නෑ... මොකො මට බැරි මොකුත් නොවුනු ගානට ජීවත් වෙන්න... මන් වෙලාව බැලුවා.... 5යි.... හෙමිට නැගිට්ට මන් මුන කට හෝදලා මේ තිබ්බ අදුමක් අදගත්තා... ස්ටුඩියෝ යන්න හිතාගෙන එලිය බැස්සා...
කාර් එකක් මගෙ ඉස්සරහින් නැවත්තුවා... අදුරන්නෙ නැති එකක් නෙවෙයි මන් ඕනවටත් වඩා දන්න එකක්.... ශටර් එක ඇරුනා... වෙනදට මට අයිති වුනු ඉස්සරහ ශීට් එකේ අද එයත් එක්ක එයා ආදරේ කරන කෙනා....
"අභී... මේ මන් ඔයාගෙ කෑම එක ගෙනවා..."
හසරැලිගේ කටහඩ ඇහුනත්... දැකපු දේත් එක්ක මගේ ඇස් දෙකට කදුලු උනන්න ගත්තා... හසරැලිගේ බෙල්ල පාමුල අහම්බෙන් දැක්ක දම් පාටට හැරුනු කැලලෙන් ඇස් ඈත් ගහක් දිහාවට අයින් කරපු මන් කතා කලා...
"මං උයාගෙන කෑවා හසූ.. මගේ ගෙදරනේ මොකො මට පුරුදු නැතුවද.... මට උයගෙන කන්න බැරුවද... මන් කෑවා..."
මන් කතා කලාටත් වඩා දරා ගන්න බැරුව කෑ ගැහුවා වගේ උනා....
"හරි හරි බන් කෑවා නම් හරී... ඕකට කෑ ගහන්න ඔනෙද... නැගපන් යමු...."
තවමත් කතා කරන්නේ හසරැලි විතරක් වෙනකොට එක අතකින් සුක්කානමයි අනිත් අතින් හසරැලිගේ අතයි අල්ලන් හිටිය එයාට... මාව පෙනුනෙත් නෑ ඇහුනෙත් නෑ....
"ඔයාලා යන්න මන් එන්නම්..."
"නගින්න අනේ කට්ටියම යන්නෙ එකම තැනටනේ....දෙපාරක් යන්න ඕනෙද...."
"මට තව වැඩ වගයක් තියෙනවා... ඒ ටිකත් කරගෙන එන්නම් ඔයාලා යන්න..."
"මොනවද වැඩ..."
"ඉදිකටු නූල් වගයක් ගන්න යනවා..."
"මොකො ඒ පාර අභී රෙදි මහන්නද හදන්නේ..."
"ඔව් ඉරුනු රෙද්දක්... ඔයාලා යන්න මන් එන්නම්..."
"බායි...."
"ම්ම්... බායි..."අවසානෙදි වාහනේ අද්දනවත් එක්කම වරදිලා වගේ ඒ ඇස් මගේ ඇස් වල හැප්පුනා... ඒත් එක්කම ගැස්සුනා... ගැස්සුනේ ඇස් උනාට නැවතුනේ වාහනේ...
"නගින්න කියන්න මොකො කඩයක් ගාව නවත්තන් ටික වෙලවක් ඉන්න බැරි නැනේ අපිට...."
"එකනෙ පොඩි අභී නගින්න...."
"එක එක වැඩක් විතරයි තව වැඩ දෙක තුනක්ම කරගෙන එන්නේ... එහෙම වෙන කෙනෙක් නිසා කාලේ කන්න බැරි තරම් කලේ වටෙනවා ඔයාලා යන්න..."
මොනව කිව්වද මන් දන්නෙත් නෑ... ඒ නපුරු ඇස් මට රවලා වේගෙන් ඉස්සරහට ඇදිලා ගියා....
මන් ඉරුනු හදවත මහන්න පුලුවන් ජාතියේ ඉදිකටු නූල් හොයගෙන ගියා...
______________
මම,Nara....
දෙන්නම් අනේ ^_^

YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....