"මේ දොර අරින්න.... අනේහ් ඕක කරන්න එපාහ්...."
"කරුනාකරලා මිස්ටර් අහකට වෙලා ඉන්න ඔපරේශන් රූම් එකක් කියන්නෙ සෙල්ලම් කරන තැනක් නෙවෙයි...."
"මං සෙල්ලම් කරනවා වගේද ඔයාට පේන්නේ.... අර රිපෝර්ට් එක නෙගටිව් ඒ කියන්නේ ඔපරේශන් එක කරන්න හොද නෑ.... මගේ අම්මාව ඇතුලට අරගෙන.. ඔයා කියන්නේ මට බලන් ඉන්න කියලද... අනේ එයාලට ඔපරේශන් එක නවත්තන්න කියන්න.... මගෙ අම්මව මට නැති වෙයි...."
"මං මොනවා හරි උදව්වක් කරන්න පුලුවන්ද බලන්නම්... දැන් අතනින් ඉදගන්න... "මං එක හුස්මට කෑ ගගහා කියද්දී.... මගේ කතාවත් එක්ක මිසීගේ මූන වෙනස් වුනා.... එයා මට උදව් කරන්නම් කියද්දී... දොරටගහන එක නැවැත්තුව මං එතන පුටුවකින් ඉදගත්තා....
පැය බාගයක් විතර යද්දී.... තියටර් එකෙන් ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.....
"ඩ්..ඩොක්ටර් මගේ අම්මා...."
"සමාවෙන්න ඔයා පරක්කු නිසා අපිට ඒ රිපෝර්ට් එක නැතුව ඔපරේශන් එක කරන්න සිද්ද වුනා..... ඔපරේශන් එක සාර්ථක ද නැද්ද කියන්න අපිට තවම අමාරුයි.... තව ටිකකින් අම්මව අයිසීයූ එකට දානවා.... එක්කෙනෙක්ට විතරක් එයාව ගිහින් බලන්න පුලුවන්....."
"ඩොක්ටර් අම්මට සිහිය තියෙනවද....."
"ඔව් අපි ඔපරේශන් එක කරේ පේශන්ට සිහිය තියෙද්දී...."
"තැන්ක්යූ ඩොක්ටර්...."මගේ පිටට තට්ටුවක් දාපු ඩොක්ටර් යන්න යනකොට.... මිසි කෙනෙක් මාව අයිසීයූ එකට එක්කන ගියා....
මං අයිසීයූ එක ඇතුලට ගියා.... වෙනදා වගේම මැශින් ගොඩකින් අස්සේ හිටිය අම්මා... අද ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන හිටියා.... අම්මා කෙදිරි ගාන්න මට ඇහුනා.... අම්මට සිහිය තියෙනවා....
අම්මගෙ ඇද ලගට ගිය මං අම්මට කතා කලා...."අම්මා.... මං ආවා.... අම්මට කොහොමද දැන්..."
මගේ දිහා බැලුව අම්මා.... ඇස් කෙලවරින් කදුලු වැටෙනකොට කෙදිරි ගගාම හරි අමාරුවෙන් මගේ අත අල්ලගත්තා....
මට මැරෙන්න තරම් දුක හිතෙනකොට මං හෙමීට අම්මාගෙ ඇද ලගින් දනගහගෙන අම්මගෙ කදුලු පිහදැම්මා...."ඇයි ඉතින් මගෙ අම්මා අඩන්නේ..... ගොඩක් රිදිනවද...."
"ම්ම්....."කෙදිරි ගගාම ඔව් කියන්න අම්මා ඔලුව වැනුවා....
أنت تقرأ
Hanahaki (yizhan) sinhala
أدب الهواةපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....