ස්ටුඩියෝ යන්න ආපු මන් නැවතිලා තිබුනේ ගෝල්ෆේස් එකේ වෙද්දී... ඒ වෙද්දි මගේ නමට ඒජන්සියේ එකෙ අද නිවාඩුවකුත් වැටිලා තිබුනා...
මං හරියටම දන්නෙ නෑ මන් මේ තැනට ආදරේ කරන්නද ඕනේ වෛර කරන්නද ඕනේ කියන්න නම්.... එත් මං එක දෙයක් දන්නවා මගෙ ජිවිතේ මෙතනට බැදලා දාලා තියෙන්නේ.... ඒක කරපු කෙනෙක් නැතත් එක එහෙම වෙලා.... මං මුහුදට මුහුනලා බැම්ම උඩ වාඩි උනා...
මට හැමදෙයක්ම දැන් වෙනවා හා සමානවම මැවිලා පෙනුනා.... රෑ හිනා වුනු මන් දවල් ඇවිත් ඇඩුවා.... හුස්මක් කටක් නොගෙන දුක අමතක වෙන්න ඉස්සර හරි හරියට වැඩ කරපු මම... දැන් අඩන්න පවා නිවාඩු දානවා....
"අම්මා.... ආච්චිඅම්මා.... ඔයාලා ගියේ මගේ හිතේ හයියත් අරගෙනමද දෙය්යනේ...."
කවදාවත් නොවුනු විදිහට කඩාවැටිලා හිටිය මං එක මොහොතකට මේ මුහුද කොච්චර ගැබුරුද බලන්න හිතුවා..... ඔව් විසදන්න තරම් හයියක් නැහැ.... දරා ගන්නවත් හයියක් නෑ.... මගෙ ආදරේ කියන හැගිම පටන් ගන්නත් කලින් මළබෙර සද්දෙ ඇහෙන්න ගත්තා....
කදුලුවලටත් බැරි උනා මේ පපුවේ වේදනාව නැති කරන්න කියා තුනී කරන්නවත්.... කදුලු බින්දු එකින් එක කම්මුල් දිගේ පහලට ගලාගෙන එද්දී.... පිටට කියගන්න බැරි ඒ වේදනාව මන් ඇගිලි තුඩු වලින් හාරලා ගත්තු වැලි මිටක් එක්ක මුහුදට විසික් කරලා කෑ ගැහුවා.....
"ආහ්හ්හ්හ්හ්හ්.... මොකෙක් වත් එපාහ්... තනියෙන් මැරිලා යන්න දිපාන්..... මගේ ඈත් වෙයන්..... මට ඉන්න දීපල්ලාආහ්.... අම්මාහ්....තාත්තාහ්...මාව අනාත කරලා ගියාට වෛර කරනවාහ්හ්හ්....."
නැගිට්ට මං ගලකට පයින් ගගහා ආපහු එද්දී මගකින් හරවගෙන ආපහු යන අභීගේ වාහනේ දැක්කා....උබ මගෙ පස්සෙන් එනවද
උබ මගෙ පස්සෙන් ආවේ මන් මගේ ජිවිතේ උදුර ගනි කියලද අභී.... උබට ඒ බයත් තිබුනද..... නිදහසේ මැරෙන්න ඕනේ නම් මැරෙන්නවත් දීපන් අභී.... නිදහසේ ආදරේ කරන්න තහනම් නම් මැරෙන අයිතියවත් දීලා මාව නොපෙනෙන දිහාවකට පලයන්... හොරෙන් හොයන්න එපා බන්...මන් බලාපොරොත්තු තියා ගනී.... කලින් මැරෙන්න නොදෙන්න හේතුව උබේ පවුල මං විතරක්ම උන නිසා නේ....දැන් අතරපන් උබේ පවුලට අලුත් සාමාජිකාවක් දැන් ඉන්නවා... ලස්සන පවුලක් හදාගෙන ජිවිතේ ගෙවපන්... මේ පරන පව් වලට යන්න දීපන්...
"සහෝදරයා.."
කියා ගන්න ඔනේ උනත් කියා ගන්න බැරි කමට ඈතට ඇදෙන වාහනේදිහා බලගෙන මන් හිතින් හිතුවා....
සහෝදරයාලු..
"හහ්.."
මේ මොන විහිලුවක්ද උබටයි මටයි පුලුවන්ද සහෝදරයො වෙන්න... උබ කිව්ව පලියට එහෙම වෙන්න පුලුවන්ද බන්...ආදරේ කරන්න බැරි නම් දැන් යාලුවෝ වගේ හැසිරෙන්න පවා බැරි තරම් කතාව දික් ගැස්සිලා නම්... අපිට ආගන්තුකයෝ වෙනවා ඇරෙන්න වෙන තේරීමක් නැහැ අභිමන්යු....
ආපහු ගෙදර ගිය මන් නිදා ගත්තා.... ආපහු ඇහැරෙන්න එපා කියලා ප්රර්තනාවක් පවා කලා...
දන්නේ නැහැ කොච්චර වෙලාවක් නිදා ගත්තද කියන්න නම් ඇගට පන් නැති ගතියක් එක්ක මං ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දයක් එක්ක....
අමාරුවෙන් නැගිටලා ඇවිත් දොර ඇරියාම එපා කිය කියම ඒ රූපෙ තවමත් මාව හොයන් ඇවිත්... හුරුපුරුදු රූපයක් හොයන්න වගේ වටපිට බැලුවත් මේ පාර තනියමමයි ඇවිත් තිබුනේ.....
"ඇයි ?!"
"කොහෙද ගියේ...?"
"මොකක් ගැනද අහන්නෙ?"
"ඇයි එනවා කියලා ආවේ නැත්තේ...?"
"මාත් ඔය ප්රශ්නෙම ඇහුවොත් උත්තර තියෙනවද..?"
"මන් කොහෙවත් ගියෙ නෑ..."
"මාත් කොහෙවත් ගියෙ නෑ..."
"ම්ම්..."
"........"
"කාලාද...."
"නොකා නොබී ඉන්න හේතුවක් තියෙනවා වගේ පේනවද....?"
"අඩලාද ඉන්නෙ..."
"ගෙදර දූවිලි අස් කරලා ඉන්නේ..."
".....""ඇයි අවේලාවේ ආවේ....?"
"අහ්?"
"අසහනකාරයෙක් ඉන්න තැනකට මේ වගේ අවේලවේ හවසට එන්නම වෙන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසනේ..."
"එන්න ගෙදර යමු..."
"මේ මගේ ගෙදර...."
"අපේ ගෙදර යමු..."
"ඔයලගෙ ගෙදර ඉන්නෙ ඇයි මට ගෙයක් තියෙද්දී..."
"ඒක අපේ ගෙදර..."
"ඔව් ඔයාලගේ...."
"...........""විශේෂ දෙයක් නෙවෙයි නම් ප්ලීස් රෑට මේ වගේ ගෙවල් වලට එන්න එපා ගෙදර යන්න... මිස්ටර් අභිමන්යුගේ ගෑනු ලමයා තනියම එහෙ..."
එහෙම කිව්ව මන් අභීගේ මූනට දොර වහලා එහෙනමම දොර මුල්ලේ රූටලා කඩාගෙන වැටුනේ තවමත් එලියේ ඉන්න කෙනා දොරට ගගහා කතා කරද්දී......
____________________
මම,Nara....
![](https://img.wattpad.com/cover/342152965-288-k661349.jpg)
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....