24 chapter

61 12 3
                                    

"මං නිසා ඔයාගේ හීනෙත් විනාස වුනා අභිමන්‍යු.... මං.... මං නිසා ඔයාට ප්‍රිමියර් එකටත් යන්න බැරි වුනා...."
"අභී තමුසේ පිස්සෙක්ද කියපන් මට..... මං මෙච්චට කට කැඩෙනකල් කියන දේ උබට ඇත්තටම තේරෙන්නෙ නැද්ද බන්..... මට කියපන් පවුලේ කෙනෙක්ට කරදරයක් වුනාම.... රෙද්දේ ප්‍රිමියර් එකක්ද උබ තෝරගන්නේ.... තමංගේ පවුලද.... ඇත්තටම උබට මතක නැද්ද නැත්තම් උබ ඒක පිලිගන්න කැමති නැද්ද.... මං උබට හැම වෙලේම කිය්නවා.... උබ තමා මට එන්න එකම පවුලේ කෙනා කියලා...."

"..........................."

මට ආව තරහට මං කෑ ගහද්දී.... එයා ඇද රෙද්ද මිරිකගෙන බිම බලා ගත්තා....

මටත් දුකයි ඒත් එයාට මෙහෙම කියලා දුන්නේ නැත්තම් එයාට මං ඉන්නවා කියන එක එයාට දැනෙන්නේ නෑ.... එයා මගේ හැගීම් අනුකම්පාව කියලා වැරදියට තේරුම් ගනියි....

"මං උබව පවුලේ කෙනෙක් වගේ හිතනවට කැමති නැත්තම් ඒක කියපන්.... ඒත් මං දැන් හැමදේම කියනවා අහගෙන හිටපන්.... සිහියෙන අහගෙන හිටපන්...."

"......................"

මොකුත් නොකියා එයා ඔලුව හෙලෙව්වා....

"ඒක මගේ අම්මගේ කතාව.....

මගේ අම්මාගේ පලවෙනි ආදරේ එයාට හම්බවෙලා තියෙන්නේ උසස්පෙල කාලෙදී..... මගේ අම්මා හරි දග චරිතයක්..... එයාව පාලනය කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා.... එයා හැදිලා තියෙන්නේ ලමා නිවාසෙක..... ටික කාලයක් අම්මා ආදරේ කර කර ඉන්නකොට.... අම්මා උසස් පෙලින් පස්සේ හැමෝම එපා කියද්දිත් කොතලාවල කැම්පස් එකට ඇප්ලයි කරලා.... අම්මා ආදරේ කරපු කෙනත් එයා එක්කම ඒ කැම්පස් එකට ඇප්ලයි කරලා.... දෙන්නම කැම්පස් එකෙන් නේවි එකට ගිහින්.... කැම්පස් එක ඇතුලේ රැග් සීසන් එකත් එක්ක.... අම්මට උඩ රෑන්ක් එකක හිටිය සෙබලෙක්ගෙන් යෝජනාවක් ඇවිත්.... මේ අතරෙදී අම්මා ආදරේ කරපු කෙනාට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත් එයාට බල කරලා... දවසක් මගේ අම්මව හම්බවෙන්න අම්මගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදරින් ඇවිත්... අම්මට එයාව අතාරින්න කියලා.... හොද තැනකින් හම්බවෙලා තියෙන ප්‍රපෝසල් එකට අම්මා නිසා බෑ කියනවා කියලා.... කවදාවත් කවුරුත් කියන දේ අහන්නේ නැති අම්මා එයාට වඩා හොද කියන වචනෙත් එක්ක මානසිකව වැටිලා තිබ්බා.... අම්මා බෝයිෆ්‍රෙන්ඩ්ව අතෑරලා අර යෝජනාව ආව කෙනාව හොරෙන්ම කසාද් බැදලා එයත් එක්ක වෙන පැත්තකට මාරුවක් හදාගෙන ගිහින්

එදා ඒ බෝයි ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙලා තියෙනවා..... පස්සේ එයාලා බැදලා.... අම්මා බැදලා අවුරුද්දකින් විතර මාව ලැබෙනවත් එක්කම... නේවි එකේ හිටිය මගේ තාත්තා අතුරුදහන් වෙලා.... මට අවුරුද්දක් විතර වෙද්දී.... අම්මා හිටිය  කොලඹ හෙඩ්ක්වාටස් එකට අම්මාගේ පරන බෝයිෆ්‍රෙන්ඩ් මාරුවීමකින් ඇවිත් ආපහු අම්මව හම්බවෙලා.....

ඒ වෙද්දී එයාගේ වයිෆ්ටත් ලමයෙක් හම්බවෙන්න ඉදලා.... ඒත් ඒ බොයි අම්මගේ විස්තර දැන ගත්තාට පස්සේ අම්මවයි මාවයි ආදරෙන් බලාගත්තා.... මං දන්නේ නෑ එයාගේ වයිෆ්ටයි ලමයටයි ඒකෙන් අසාධාරණයක් උනාද කියලා.... ඒත් තාත්තෙක් නැති මට එයා තාත්තෙක් වුනා.... මාව හරි ආදරෙන් බලා ගත්තා... මං එයාට තාත්තා කියලා පවා කිව්වා....

එයා මට හැම වෙලේම කිව්වා...  අභී පැටියා... තාත්තා ගාව තව බබෙක් ඉන්නවා... එයා තාම පොඩියි.... ලොකු උනාම එයාව එක්කගෙන එන්නම්.... ලොකු වෙලා එයාව හොදට බලා ගන්න.... පොරොන්දු වෙනවා නේද....  කියලා.... පුංචි කමට මාත් පොරොන්දු වුනා අභී....

තාත්තා තව දවසක් ඇහුවා...
අභී පැටියා.... මං ගේන අලුත් බබාට දාන්න පැටියා ලස්සන නමක් කියන්නකෝ..."
කියලා...අවුරුදු දෙකක් විතර වෙච්චි මං දැනන් හිටිය ලස්සනම නම වුනේඅගේ නම.... මං කිව්වා...
තාත්තා එයාටත් අභී කියමුකෝ... චුචි අභී කියමු....

මං දැනන් හිටියේ නෑ එයාට දාපු නම මොකද්ද කියලා නම්.... ඒත් මං හැමදාම එයාට කිව්වේ චුටි අභී කියලා....

එක පාරම අම්මට යුද්ධ නැවකට සතියකට යන්න වුනා.... බයටම මං තාත්තාට කිව්වා අනේ තාත්තාත් යන්න එපා කියලා... ඒත් තාත්තාටත් යන්න වෙලා තිබ්බා ඒ නැවේම.... ඒත් ආපහු ආවේ නෑ එයාලා....

මං හිතනවා.... අභී මගේ තාත්තාව දැන් දන්නවා කියලා...."

"අභිමන්‍යු... ම්...මගේ තාත්තාද......"
"ඔව් අභී.... මං නොදන්නවා උනාට තාත්තා ඇත්තටම චුටි අභීටත් අභී කියලම නම තියලා..... මං දැනගද්දී පරක්කුයි අභී...."
"..............................."

අභී මොකුත් නොකියා පුදුම වෙලා මගේ දිහා බලාගෙන හිටියා....

"ඇයි මොකුත් නොකියන්නේ අභී...."

_________________________
මම

^_^

Nara...

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now