31

39 9 2
                                    

ගෙදරට යන පාර පහු කරගෙන අභී කොහෙද මන්දා එක්කගෙන ගියා....

"කොහෙද අභී අපි මේ යන්නේ...."
"හයිටි එකකට...."
"පිස්සුද අනේ පිස්සෙක් වගේ සල්ලි වියදම් කරන්නේ..."
"අප්පො කොලු පැටියෝ උබ නම් ජීවිතේ විදින්න දන්නෙම නෑ..."
"අප්පෝ සෑහෙන්න ජීවිතේ විදපු මිනිහනේ කියන්නේ...."
"ඔව්...."
"හරි මං රැවටුනා.... ඒත් මෙහෙම වියදන් කරන්න සල්ලි කොහෙන්ද අභී.... අපි ජොබ් එකක් කරද්දී හිගන්නෝ වෙලා ඉදියි මෙහෙම ගියොත්...."

"ඔයා තාම කිසිදෙයක් දන්නේ නැතුවනේ ඉන්නේ.... අපි ජොබ් නොකලත් අපිට මැරෙනකල් මෙහෙම ජීවත් වෙන්න පුලුවන් විදිහට වැඩ කරලා තමා සීයා ගියේ...."

ඇත්තටම මටත් සීයා මොකක්ද කරපු ජොබ් එක කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා...

"හරි ලොකු වැඩේ සීයගේ සල්ලි වලින් රගන එක.... ඒත් සීයා මොනවද කලේ අභී.... මං අහන්නේ ජොබ් එක...."

"අනේ මන්දා ඔයාට එක පිට එක ස්ප්‍රයිස් දෙන්නත් මොකද්ද වගේ.... අභී ඔයා පුදුම වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.... එතකොට මං කියන්නම්...."

"හරි හරි කියන්නකෝ...."

"ශුවර් නේ පුදුම වෙන්නෙ නෑනේ...."

"අනේ මේ ඕක කියනවකෝ...."

අභිමන්‍යු පුලුවන් තරම් මගේ ඉවසීමේ සීමාව පන්නවන්න ට්‍රයි කලා.... මමත් නොසෑහෙන්න ඉවසලා බැරිම තැන බැන්නා....

"ඔයා යන කැම්පස් එක සීයාගේ.... දැන් මගේ.... ඔය ඒජන්සිය එකත් අපේ තමා..."

මට නිකන් ඔලුවට හෙන ගැහුවා වගේ.... මං ඇස් ගෙඩි දෙක පුම්බගෙන බලාගෙම හිටියා....

"......................"

"ඔච්චර පුදුම වෙන්න එපා බන්.... උබේ නහරයක් වත් ගහලා යයි.... එතකොට මගේ ප්‍රිමියර් එක.... ඔයා මේකප් ආටිස්ට් කරන එක.... එක්සෑම් මාසයක් කලින් දාපු එක.... මේ ලොකු අභී තමා කලේ...."

"........................"

මං ටිකක් වෙලා මාව සන්සුන් වෙනකල් සද්ද නැතුව හිටියා.... අභී තව මොන මොනවදෝ කිව්වා ඇත්තටම මට ඒවා හරියට ඇහුනේ නෑ..... ටික් වෙලාවකින් නෝමල් උනාට පස්සේ මං නිකමට අභීගෙන ප්‍රශ්නයක් ඇහුවා....

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now