කාන්දමක් වගේ පස්සෙන්ම හිටිය අභීට හෙට තියෙන song release එක නිසා අද මාව මගහෑරිලා.... ඒ ලැබුනු පුංචි අවසරෙන් මම අපේ විශේෂ දවස වෙනුවෙන් ලෑස්ති වෙනගමන්...
බ්‍ර්‍ර්ර්..... බ්‍ර්‍ර්ර්....
අභීගෙන කෝල් එකක්.... මේ අද දවසට ගන්න විසි වෙනි කෝල් එක මන් හිතන්නේ.... ඒකත් මං කේක් එකේ ඕඩර් එක දෙන්න ස්ටුඩියෝ එක පහු කරගෙන යද්දිම....
අභී මාව දැක්කා වත්ද....?
මං කෝල් එක දැක්කේ නැති ගානට ඵෝන් එක පැත්තකින් තිබ්බා.... තරහ ගිහින් නෙවෙයි.... අද එයා ගත්ත හැම කෝල් එකකින්ම කිව්වෙ එකම දෙයයි.... එකත් මට අද කොහොමත්ම කරන්න බැරි දෙයක්....
බ්‍ර්‍ර්ර්....... බ්‍ර්‍ර්ර්.......
"ආපහු...? Seriously...."
මං ඵොන් එක silent කලා.... කේක් ඕඩර් එක දීලා ශොප් එකෙන් එලියට එනකොටයි දැක්කේ.... හසූගෙන් මැසේජ් එකක්....
අභී අපි දෙන්නගේ කෑම දෙක ගේන්නේ නැද්ද අද...?
"ශිට්..!"
මට ඒ දෙන්නාගේ කෑම දෙක ගෙනියන්න අමතක උනා..... මොකක්ද මන්දා හේතුවකට අපි තුන් දෙනා දැන් කඩෙන් කන්නේ නෑ.... මන් නෙවෙයි එයාලා තමා තීරනේ කලේ.... වෙලාව තුනටත් ලගයි.... වාහනේට නැග්ග මන් knight rider වැහුනා වගේ පාගලා ගියා...
ගෙදරට ගිහින් බත් දෙකක් ඔතාගෙන ආපහු ස්ටුඩියෝ එක ගාවටම පෑගුවා... තුනයි.... වෙලාව හරියටම තුනයි....
" mission completed..."
මම හසරැලිට මැසේජ් එකක් දැම්මා....
හසූ මං ස්ටුඩියෝ එකට ආවා පහලට ඇවිත් කෑම දෙක අරගෙන යන්න... අභීට කියන්න එපා මං ආවා කියලා....
කාර් එකෙන් බැස්ස මං ස්ටුඩියෝ එකට ආවා... මං ලිෆ්ට් එක තියෙන තැනට වෙලා බලන් ඉන්නකොට හසරැලි ආවා....
"මෙන්න කෑම දෙක... මං යන්නම් එහෙනම්..."
"පොඩි අභී...!"
"ඔව් කියන්න.... තව මොනවා හරි ඕනෙද...."
"මොකද ඔච්චර හදිස්සිය.... අභීට කියන්නත් එපා කිව්වා.... උදේ දැක්කට පස්සේ දැක්කෙත් නෑ.... කතා කරන්නෙත් නෑ.... මොකද වෙලා තියෙන්නේ....""මං...?"
"ඔව් ඔව් ඔයා තමයි.... "
"දැන්ම කියන්න බෑ පොඩි වැඩ වගේකට හිරවෙලා ඉන්නෙ හසූ... ඔයාලා ඉක්මනටම දැනගනියි promise...."
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....