43

40 7 0
                                    

දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා.... ඉස්සර වගේ සතුටින් ඉන්න වෙලාවක් දැන් ඇත්තෙම නැති තරම්...... ඒත් ඉඩ ලැබුනු හැම මොහොතකම අපි සතුටින් ඉන්නවා......දැන් මටයි අභීටයි වඩා වෙලාවක් එකට ඉන්නේ.... හසරැලියි අභියි..... දැන් නම් පුංචි ඉරිසියාවක් එක්ක ඇසිස්ටන් වෙන්න හිතුනු අවස්ථා නැතුවම නෙවෙයි..... ඒත් අපි තුන්දෙනාගේ බැදීම.... රණ්ඩු කරන්න බැරි තරමටම ශක්තිමත් වෙලා.....

අවුරුද්දක් වෙන්න එනවා.... අභි ලබන සතියේ පස් වෙනි සින්දුව රිලීස් කරනවා..... කරපු හැම සින්දුවක්ම හිට් වුනා.... එයා දැන් ලොකු තරුවක්..... මතක තියා ගන්න මගේ අභිමන්‍යූ දැන්.... පුංචි කාලෙකින් එන්න පුලුවන් උපරිම දුර ආවා.... එයා දැන් හැමෝගෙම dream star වෙලා..... මොකද ඇත්ත අයිතිය මට නිසා.....

"හෙලෝ අභී කොහෙද අනේ ඉන්නේ දැන් වෙලාව කීයද ඔය දෙන්නා කොහෙද ගියේ 11 වෙලා....."

"අභී මං හසරැලි.... ලොකු අභී චෙකප් එකකට ඇවිත් ඉන්නේ.... එන්න වෙලා යයි....

හස.... "

බීප් බීප්....

අභීගේ කටහඩ ඇහෙනවත් එක්ක කෝල් එක කට් වුනා..... චෙකප් චෙකප් කියනවා ඔය මගුලට යද්දි තමා මාව එක්ක යන්න බැරි..... ඇහුවොත් කියනවා එහෙට මේකප් නැති නිසා එන්න එපාලු.....

පාලුව වැඩි කමටම තරහ ගිහින් මං ඒ දෙන්නට බැන බැන හිටියා..... දැන් අභී නැතුව තප්පරයක් ඉන්න බැරි තරමටම මං අභීට ඇබ්බැහි වෙලා.....

අභි එබකල් බලාගෙන ඉදලා මට පුටුව උඩම නින්ද ගියා..... එයා දොර ඇරගෙන ඇතුලටම එනකොටයි මට ඇහැරුනේ...

"අභී ඔය මොකද පුටුව උඩම නිදිකිරන්නෙ...."

"කොහෙද මෙච්චර වෙලා ගියේ.... බලන්න වෙලාව පන්දර එකයි හෙට කොන්සට් එකකුත් තියෙනවා කොහෙ යනවද රෙස්ට් කරන්නෙ නැතුව...."

අඩ නින්දේ තරහා ගිහින් මමත් කෑ ගහුවා.... මට ජීවිතේට බැනලා නැති විදිහට අභී කෑ ගහලා බනින්න ගත්තා....

"පෆෝම් කරන්නෙ මන් මිසක් ඔයා නෙවෙයිනෙ අභිශේක්... බොරුවට කෑ ගහන්නෙ නැතුව ගිහින් නිදා ගන්නවා.... මහන්සි වෙලා ඇතුලට ආපු ගමන් ඇගට කඩා පනින්නෙ නැතුව..!"

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now