10 chapter

82 15 4
                                    

"අභිහ්.... ඉක්මනට එ...එන්න.... හ්...හදිස්සියක් වෙලා...."
"මොකද්ද ප්‍රශ්න....."
"ක්...කියනහ් දේ අහලාහ්.... ඉ...ඉක්මනට එන්න...."

එයා හිටියේ ගොඩක් බය වෙලා.... එයාට වචනත් පැටලුනා.... මම දුවගෙන ගිහින්..... හදිස්සියක් කියලා.... අත්සන් කරලා ආවා.... මගේ අතින් ඇදගෙන වාහනේ ගාවට ගිය එයා.... මාවත් වාහනේට දාගෙන හරි වේගෙන් අපේ ගම පැත්තට ඩ්‍රයිව් කලා.... ටිකක් දුර ගියත් සද්දයක් නැති අභිමන්‍යුට මං කතා කලා....

"අභිමන්‍යු මොකද්ද ප්‍රශ්නේ...?"
"............................"
"අභිමන්‍යු....."
"ඔයාගෙ හිත කොච්චර හයියද අභී.....?"
"මොකා...."
"මං අහන්නේ.... ඔයාට කොච්චර දුරකට දේවල් දරාගන්න පුලුවන්ද....."
"..............................."
"මට උත්තරයක් ඔනේ..... ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න.... මේ ප්‍රශ්නෙට උත්තර දැනන් ඉන්න ඕනේ....."
"අභී මාව බය කරන්න එපා...."
"උත්තර දෙන්න...."
"මාව දැන් මැරෙනවා කිව්වොත් මට ඉවසන්න පුලුවන්....."
"ඒකද උපරිමේ....."
"මම දන්නේ නෑ......."
"ආදරේ කරන කෙනෙක්ට කරදරයක් කිව්වොත්....."
"කාටද....."
".........................."
"අභිමන්‍යු..... කාටද කරදරයක් වෙලා තියෙන්නේ........."
"........................"

වාහනේ ඩ්‍රයිව් කරන එයාව හොල්ල හොල්ල මං කතා කරද්දී.... එයා ගම්පහ සෙත්මා එක ගාවින් වාහනේ නැවත්තුවා..... කාට හරි කරදරයක් වෙලා කියලා දැනටමත් දන්න මම කවුද කියලා දැනගන්න..... අභිමන්‍යු දිහා බැලුවා.....
එයා මගේ ඇස් මගාරිනවා.....

"අභීමන්‍යුහ්...... මේ පැත්ත බලන්න....."
"අභී.... වාහනෙන් බහින්න පුලුවන්ද...."

එහෙම කියපු එයා වාහනෙන් බහිද්දී..... මාත් වාහනෙන් බැස්සා..... අපි දෙන්නම........ ඔපරේශන් රූම් එක..... අයිසීයූ එක තියෙන හරියට ගියා.... මාව පුටුවක ඉදගන්න කිව්ව එයා..... නර්ස් කෙනෙක් ගාවට ගිහින් මොනවදෝ කතා කලා..... ඊට පස්සෙ ඇවිත් මං ගාවින් ඉදගත්තු එයා.... මගේ අත් දෙක අල්ලගෙන මගේ ඇස් දෙක දිහා බැලුවේ.... ලොකූ කතාවක් කියන්න වගේ......

"අභී.... මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න ඕනේ..... බලාපොරොත්තු නොවෙන දේවල්.....ඔයා ගොඩාක් හයිය කෙනෙක් නේද....ම්ම්.... නරකම දේටත් වඩා  දේකට වුනත් මූන දෙන්න අපිට හිත් හයියට තියා ගන්න වෙනවා.... හැමදාටම බැරි උනත් මං පුලුවන් තරම් දුර ඔයා එක්ක ඉන්නවා.... තේරුනාද......"
"ඇයි ඔයා මට මේවා කියන්නේ... ඇයි මාව මෙතනට එක්ක ආවේ..... කියන්න මගේ කවුද තියටර් එකේ ඇතුලේ ඉන්නේ...."
"............................"
"අභිමන්‍යු....."

මං කවුද කියලා අහන වාරයක් ගානේ.... එයාගෙ ඇස් අසරන වෙනවා දකිනකොට..... මං තවත් කලබල වෙලා.... ඔපරේශන් රූම් එකේ දොර ගාවට යන්න හදද්දී...... දොර ඇරගෙන ඩොක්ටර් කෙනෙක් එලියට ආවා.....

"Im really sorry අභිමන්‍යු...... මං මගේ උපරිමෙන්ම කලා...."
".........................."

ඩොක්ටර් එහෙම කියලා එලියට යද්දී.... කවුද කියලා නොදන්නව වුනත්.... ඇතුලේ මාව දාලා ගියේ..... මගේ කෙනෙක් කියලා දැනෙද්දී..... මගේ පපුව හිරවෙනවා වගේ දැනෙද්දී.... මං ඇතුලට යන්න ගියත්.....
පිටිපස්සෙන් ආව.... අභිමන්‍යුගේ අත් දෙක මාව ඇදලා අරන්.... මාව එයාගේ අත් අස්සෙ හිර කර ගද්දී.... මාව හයියෙන් අල්ලන් අභිමන්‍යු කතා කලා.....

"මට සමාවෙන්න අභී..... මං යද්දි පරක්කු වැඩියි..... මට ඔයාගෙ ආච්චිඅම්මා බේරගන්න බැරි වුනා......."
".................................."

අභිමන්‍යු කියනදේ එක පාරටම තේරුම් ගන්න බැරි වුන මම..... එයා ගෙන් ඈත් වෙලා එයා දිහා බලන් හිටියේ..... විහිලුවක් නේද කියලා අහන්න වෙනකොට....... ඒ ඇස් දෙකෙන් කදුලු කඩා වැටෙනවා දැක්ක මට වෙලා තියෙන  දේ තේරෙද්දී..... මගේ කකුල් පන නැති වේගන යද්දී.... මගේ ආච්චිඅම්මා ගාවට යන්න කලින් කකුල් පන නැති වෙයි කියන බයට..... අනිත් පැත්ත හැරුනු මම.... දොරෙත් හැප්පීගෙන ඇතුලට දිව්වා....

අනේ මං යද්දී.... මගේ ආච්චිඅම්මා ඇදක් උඩ.... කොල පාට ඔපරේශන් ඇදුමක් ඇදගෙන.... ඇස් පියන් ඉන්නවා.... අනේ ඒකත් මට පෙනුනේ.... එයා හිනා වෙලා ඉන්නවා වගේ....

ආච්චිඅම්මා ගාවට ගිය මම.... අනේ මං මං ඒ අතට තට්ටු කර කර වෙනදා උදේට නැගිට්ටවනවා වගේ..... ආච්චිඅම්මේ..... ආච්චිඅම්මේ........ කිය කිය කතා කලා...... ඒ හිටපු විදියට එයා මාව දාල ගියා කියන්න බැරි වුනා.... එයා හරි ලස්සනට නිදාගෙන හිටියා..... හැමෝටම වැරදිලා ඇති කියලා හිතුව මම...... ආච්චිඅම්මාව ඇහැරවද්දී..... අනේ වෙනදට නලල රැලි කරලා ඇස් ඇරින කෙනා.... අද මාව නොදැනෙන ගානට ඇහෙන්නේ නැති ගානට...... හරි සැනසිල්ලේ නිදාගෙන හිටියා..... ඒ නිදාගෙන හිටිය සැනසිල්ල දකිනකොට...... ආච්චිඅම්මා ඇත්තටම මාව දාලා එයාගෙ පුතා ගාවට ගියා කියල මම දැන ගත්තත්...... අනේ මං ඒක පිලිගන්න අකමැති කමට....... මගේ ආච්චිඅම්මාව බදාගෙන අඩ අඩ ඉදිද්දී....... 

සදහටම නිදා ගත්ත මගේ ආච්චිඅම්මාව ගෙනියන්න... ට්‍රොලියක් එක්ක කට්ටිය එද්දී...... මං එයාලට ආච්චිඅම්මාව ගෙනියන්න නොදෙනකොට........ මාව ඇදලා ගත්තු අභී මාව පිටිපස්සෙන් බදාගෙන හිර කරගද්දී.... මං මගේ දනින් වැටීගෙන ඇඩුවා.....
____________________________
මම

^_^

Nara...

Hanahaki (yizhan) sinhalaTempat cerita menjadi hidup. Temukan sekarang