උදේ මං ඇහැරුනේ හසරැලිගේ කෝල් එකකින්.... මන් හිටියේ මගේ ඇද උඩ... අභී මගේ එහා පැත්තෙන් හිටියා....
"හෙලෝ හසරැලි...."
" දෙන්නම නැගිටලා ලෑස්ති වෙන්න නැත්තම් පරක්කු වෙයි ..."
"හරි... තැන්ක්‍යු..."
....
"අභී නැගිටින්න... පරක්කුයි.... අභී... අභී...."
"ම්ම්.... මට මහන්සියි අභී.... තව ටිකක් ඉමු...."
"හරි තව පැය බාගයක් දෙන්නම්...."
අභීට තව ටික වෙලාවක් දීලා මං එයාගේ බඩු ටිකත් ලාස්ති කරලා මමත් ලැස්ති වෙලා.... අභීව නැගිට්ටවන්න ආවා... අභී නැගිටලා ලෑස්තිත් වෙලා....
"තව නිදා ගන්න ඕනේ කිව්ව නේද... මොකො ඒ මටත් කලින් ලෑස්ති වෙලා...."
"එක තප්පරෙත් හරි වටිනවා අභී... හැම තප්පරේම වටිනවා... හැම තප්පරේම සතුටින් ඉන්න ඕනේ... පස්සේ පුලුවන් එක දිගට නැගිටින්නෙ නැතුවම නිදා ගන්න... යමු...."
"ඕකේ ඕකේ... යමු සර්.... පස්සෙ නිවාඩුවක් දාලා දවස් දෙක තුනක් එක දිගට නිදා ගමු..."
මං හිනා වෙවී වාහනේට යද්දී.... ජෝක් එකට තරහ ගිහින්ද කොහෙද අභී බැන්නා....
"ඔයාට තේරෙන්නෙ නෑ...."
මම ඩ්‍රයිවර් එක්ක ඉස්සරහ යද්දී අභියි හසරැලියි පිටිපස්සේ ඉදගත්තා.... ඒ දෙන්නා කොන්සට් එක ගැන කතා කරනවා.... මං සද්ද නැතුව... එයාලට හොරෙන් අභීගේ ලග එන උපන්දිනේට ප්ලෑන් කරා.... ඔෆ්කෝස් ඔෆීශියල් එක නෙවෙයි.... අපි තුන්දෙනාගේ පසනල් ප්ලෑන් එක.....
අභී පස්වෙනි සින්දුව රිලීස් කරන්නේ උපන්දිනේ දවසේ.... ඒක තවත් විශේෂ වෙන්න.... එක ගොඩාක් විශේෂ වෙන්න.... මං එයාගෙන් කැමැත්ත අහන්න යනවා.... සීමාවක් නැතුවම ආදරේ කරන්න... මට ඕනේ ඒ දවස ගොඩක් ලස්සන එකක් කරන්න.....
අභී පෆෝම් කරපු හැම සින්දුවකදිම එකක් නෑරම මං ඕඩියන්ස් එකේ හිටියා... ඉතින් අදත් වෙනසක් නැතුව මන් ඕඩියන්ස් එකේ ඉදන් එයා සින්දු කියනවා බලනවා.... හැමෝටමඅභීගෙ හැම සින්දුවකින්ම ලැබෙන්න ඇත්තෙ සතුටක් ඒත් අපි දෙන්නා විතරක් හැමදාම ඒ සින්දු ඉස්සරහ දුක් වුනා....
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....