8 chapter

90 15 0
                                    

"මං කවුරුත් නෙවෙයිද...."
"අර ඈත පේන කණ්ඩිය ගාවට යනවද ටිකකට...."
"ඇයි....."
"මං ඔයාගේ කවුද කියන එක රහසක් නම්.... දැනට ඔයා මට කවුද කියන එකත් රහසක්...."
"ඉතින්....."
"ඉතින් ඈතට යන්න.... මට තාත්තට කියන්න ඕනේ..."
"එපා...."
"මොකද්ද...."
"ඈතට යන්න කියන්න එපා...."
"අනේ ටිකකට...."
"ටික වෙලාවයි තියෙන්නෙ...."
"මොකක්...."
"ඈතට යන්නත් එපා.... ඈතට යන්න කියන්නත් එපා...."
"ඇයි....."
"අහන්න එපා.... එපා කියන්නේ.. එපා...!"

එයා කෑ ගැහුවා.... එක පාරටම කෑ ගහපු එයා.... ඒ තප්පරේම ආපහු හොද හුස්මක් ගත්තා....

"මට සමාවෙන්න.... "
"ඒකට කමක් නෑ මං ඒක තාත්තට හිතෙන් කියන්නම්....."
"ම්ම්...."

ඇස් දෙක පියා ගත්ත මං... ප්‍රාර්තනාවක් කරන්න වගේ අත් දෙකත් බැදගෙන මගේ හිතින් තාත්තට කතා කලා.....

'තාත්තා දන්නවද.... මේ එහා පැත්තේ ඉන්න කෙනා.... මං හිතන විදිහට ඔයා දන්නවා.... ඒත් මං දන්නෙ නෑනේ.... මං දන්නේ මට දැනෙන්නේ එක දෙයයි..... එයා මගේ ජීවිතේ වෙනස් කරන්න ඇවිත් තියෙන්නේ..... එයා කිව්වා එයාව විශ්වාස කරන්නලූ..... එයාට ඔනේ මගේ නරක මතක අයින් කරන්නලූ...... එයා හොද කෙනෙක් ලූ.... එයා මාව හැමෝටම අවිශ්වාස තැන් වලදිත් විශ්වාස කලා..... කවුද තාත්තේ මේ කවුද කියන්න මං නොදන්නවා වුනත්..... එයා මට විශේෂ කෙනෙක්.... මං හිතන්නේ....'

මං ඇස් ඇරියා එයා මගේ දිහා බලාගෙන ඉන්නවා....

"හරිද..."
"ම්ම්ම්...."
"දැන් යමු පරක්කු වෙලා...."
"තව ටිකක් ඉමූ..."
"ටිකයි..."
"...................."






තවත් වෙලා ඉන්න ඕනේ වුනත්.... මුහුදක් ලගට වෙලා.... සැනසීමේ.... නිදිකිරන මාව.... එයා බලෙන්ම එක්කන් ආවා....

"අභී ඔයා කොහෙද දැන් නැවතිලා ඉන්නේ...."
"ඒක හොයා ගන්න බැරි වුනාද...."
"හරි ඔයා කියන්න එපා.... මංම හොයාගෙන ගිහින් දාන්නම්...."
".........................."

මොකුත් නොකියා හිනා වුන මම..... එයාව පේද්දි නින්ද යන්නේ නැති නිසා.... ශීට් එකේ එයා පේන්නේ නැති පැත්තට බෙල්ල හරවගත්තා නිදා ගන්න..... බේරිල්ලක් ඇත්තෙම නෑ.... ශටර් එකෙනුත් පේන්නේ එයාගේ මූන.... මූන කෙලින් හරව ගත්තා.... අනේ දෙය්යනේ.... දැන් ඉස්සරහ වීදුරුවෙනුත් පේනවා.... ඉස්සර කැන්ටිමට විතරක් සීමා වුන..... එයා දැන් හැමතැනම ඉන්න ප්‍රශ්නාර්තයක් වෙලා.....

Hanahaki (yizhan) sinhalaDonde viven las historias. Descúbrelo ahora