33

40 9 0
                                    

ගෙදරට ගියපු අපි දෙන්නා මුලින්ම කලේ හොදම ඒවගෙන් බියර් දෙකක් නෙවෙයි... උනු වතුර කෝප්ප දෙකක් බිව්වා.... ඊට පස්සේ මං කෙලින්ම කාමරේට ගියේ වොශ් එකක් දාගෙන පාඩම් කරන්න ලබන මාසේ එක්සෑම්....

පැයක් විතර සනීපෙට ඇගත් හෝදගෙන ටවල් එකත් ඉන වටේ ඔතාගෙන කාමරේට ආවා.... අභී ආපු ඇදුමෙන්ම මගේ ඇදේ නිදි...

"අභී ඔයා මොකද මගේ කාමරේ...."
".................."

එක ඇහැක් බාගෙට ඇරලා මගේ දිහා බැලුව අභී ගැස්සිලා වගේ වටපිට බැලුවා....

"ආහ්... මට අමතක වුනා දැන් මේක ඔයාගේ කාමරේනේ...."

අභිමන්‍යු අඩ නින්දෙන් ඇහැරිලා එයාගේ හස්කි වොයිස් එකෙන් කියලා අහක බලාගත්තා... එතකොටයි මට මතක් වුනේ මං ඉන්නේ ටවල් එක පිටින් කියලා.... එකත් එකට ඇයි මෙහෙම හිටියට මොනවා වෙනවද මේක මගෙ අයියානේ... ඒත් අනේ එහෙම කිව්වට මට අභීව අයියා කියල හිතෙන්නෙම නෑනේ....

අභී තාම ගිහින් නැති කොට මං හිටගෙන කල්පනාවකට වැටුනා....

"තමුසේ මොකෝ ඔය කරන්නේ... ඇදුමක් දාගන්නවා..."

අභිමන්‍යු ඒකත් කිව්වේ අහක බලාගෙන වගේ.....

"ඇදුමක් දාගන්න නම් කාමරෙන් එලියට යනවකො...."
"අනේ අපි දැකලා නැති ඒවනේ තියෙන්නේ...."
"එහෙනම් අහක බල්න් ඉන්නේ මොකෝ අපිට සික්ස්පැක් නැති නිසා ලැජ්ජද බලන්න...."
"අනේ මේ...."

අභී ගස්සලා කාමරෙන් එලියට ගියා....

මං ඇදුමක් දාගෙන වැඩ කරන්න ගන්නකොට මේකා ආපහු ආවේ නැතෑ කාමරේට....

"අභී....!"
"මොකෝ...."
"ෆිල්ම් එකක් බලමුද...."
"මං පාඩම් කරනවා.... මට එක්සෑම් ලගයි...."
"ඕක පාස් නොවුනත් උබට ජොබ් එකට දහයක් තියෙනවා බන්... වරෙන්කෝ...."
"මොකද්ද ඉතින් බලන්නේ...."
"හොද ඇක්ශන් එකක් බලමු...."
"ඊයා මං කැමති නෑ....."
"මොකා...! ආපහු කියපන්...."
"මං කැමති නෑ ඇක්ශන් මූවී වලට...."
"උබ කොල්ලෙක් නෙවෙයිද බන්..."
"කොල්ලො හැමෝම ඇක්ශන් මූවී වලට කැමති වෙන්න ඕනේ කියලා නීතියක් නෑ....අපි වෙන එකක් බලමු... අපි දෙන්නා ඉන්න මූඩ් එකට ගැලපෙන එකක්..."

"එහෙනම් හොද රොමෑන්ටික් එකක් බලමු...."
"ඈ බන් උබට හිතෙනවද අපි දෙන්නා ඉන්නේ එහෙම මූඩ් එකක කියලා...."
"කොහොම....?"
"රොමෑන්ටික් මූඩ් එකක...?"
"නෑනේ නේ..."
"නෑ තමා..."
"කොමඩියක්...?"
"ඊයා...."
"සෑඩ්....?"
"හා...."

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now