මන් කොස්ටියුම් එක ඩිසයින් කරන්න ගත්තා... ඒත් අභී රිලීස් කරන් සොන්ග් එකයි.... තිම් එකයි එක්ක ඒක ගැලපෙන්න ඕනේ නිසා මං අභිමන්යු ගාවට ගියා...."අභී...."
"කියන්න...."
"මට කියන්නකො ඔයා රිලීස් කරන්න යන සින්දුව ගැනයි ප්රිමියර් එකේ තීම් එක ගැනයි විස්තර... ඒකට ගැලපෙන්නනේ කොස්ටියුම් එක ඩිසයින් කරන්න ඕනේ....""ඒක ගැන මං ඔයා එක්ක කතා කරන්නමයි හිටියේ.... දැන් ඔයාට වැඩක් නැත්තම් ලෑස්ති වෙන්නකෝ.... අපි කෙලින්ම ස්ටුඩියො එකටම යමු...."
"මං ලෑස්ති වෙලා එන්නම්...."
"අභී ඔයා මං දුන්න පොත කියෙව්වද....."
"ටිකක් කියෙව්වා අභී...."
"ම්ම්...."
"ඇයි එහෙම ඇහුවේ...."
"නිකන්...."අපි ස්ටුඩියො එක ඇතුලට ආවා.... මං පැත්තකින් ඉදගන්නකොට අභිමන්යු එතන හිටිය කට්ටියක් එක්ක කතා කලා....
එයා ටික වෙලාවකින් මට අඩගැහුවා....
"අභී එන්න...."
"ඇයි...."
"මගේ ෆස්ට් රිලීස් එක අහන්න...."# ලෝකෙටම රහසින්...
මා ගාව නැවතුනේ....
සිනිදු නැති ආදරෙන්...
හිත නැද්ද සීරුනේ...ජීවිතේ රිදෙන තැන්...
සිනා සී පිලිගන්නේ....
කිසිදිනෙක දැනේවිද...
මේ ගමනේ වෙහෙසක්....හිතුවක්කාර ඇස් අස්සේ...
දැනුනා හුරුපුරුදු බවක්...
කියන්නද රහසක්...
ඔයා මගේ එක හීනයක්....නපුරුකම් අස්සේන්ම.....
ආදරේ ලියනකොට....
කොහොම මගහරින්නද....
ඔය ආදරේ මං.....#එයා සින්දුව ප්ලේ කරනකොට.... එයාගේ ඒ ගැඹුරු කටහඬ කියන වචන වලට.... මට මහා කියාගන්න බැරි වේදනාවක් දැනුනා.... ඒ හැගීම ඒවා ඇතුලේ අමුතු වේදනාවක් දැනුනා.... ඒත් ඊලගට ඇහුන පද ටික.... මට ඒ පද වල හුරුපුරුද්දක් දැනුනා.....
තාත්තාගේ ඩයරි එක.... ඒකේ තිබ්බ පලවෙනි නිසදැස.... එතකොට මුලින් තිබ්බේ ඒක අම්මාගේද.... මං අභිමන්යුගේ මූන දිහා බැලුවා.... එයා දැනටමත්මගේ දිහා බලාගෙන.....
සින්දුව ඉවර වුනා...
"කොහොමද ඒක අභී...."
"අභී එක තාත්තාගෙ...."
"ඔව් ඒක තමා...."
"එතකොට මුල කවිය අම්මාගෙද...."
"ම්ම්.... නැහැ... ඒක අම්මගෙ නම් නෙවෙයි...."
"ඕහ්... එත් මං බැලුවා... ඒක අම්මාගේද කියලා...."
"ඒක ලස්සනද අභී...."
"ලස්සනයි.... ඒත්...."මං දැක්කා මගේ ඒත් එක ඇතුලේ අභීගේ හිනාව නැත්තටම නැති වෙලා ගියා....
"මොකක්ද අවුල අභී...."
"නෑ තාත්තාගේ කතාව දම්න නිසාද මන්දා.... මට දුක හිතුනා...."
"තාම හරියටම දන්නේ නෑනේ...."
"ඇයි එහෙම කියන්නේ...."
"නෑ අරක කියවලා ඉවර නෑනේ...."
"ම්ම්..... මං ඇග්රිමන්ට් එක සයින් කරන්නේ කවද්ද අභී...."
"අනිද්දට.... යමුද මගේ මැනේජර්ව හම්බවෙන්න... එතන ඇති මගේ ඇසිස්ටන්...."
"යමු...."අපි දෙන්නා ඒජන්සි එකට ගියා.... ඔෆිස් එකට ගිය අපි දෙන්නට අභිමන්යුගේ ඇසිස්ටන් හම්බවුනා.... අනේ එයත් මගේ වයස ගෑනු ලමයෙක්....
"හායි නයිස් ටු මීට් යූ.... මම හසරැලි...."
"හායි...මං අභිශේක්... මිස්ටර් අභිමන්යුගේ ඩිසයිනර්...."
"ඔහ්... එහෙනම් අපි එක ස්ටාෆ් එකේ..."
"ඔයා ඇග්රිමන්ට් සයින් කරන්නෙත් හෙටද...."
"නෑ අද නෙවෙයි ද කට්ටියම ඇග්රිමන්ට් සයින් කරන්නේ...."
"අභී මට කිව්වනේ හෙට කියලා..."
"අභී..??"
"ඔහ්.. අයි මීන් අභිමන්යු....""ඕහ්... ඔය දෙන්නා අදුරනවද...."
"ඔව්...අපි දෙන්නා...ස්..."
"හොදම යාලුවෝ.... අපි දෙන්නා හොදම යාලුවෝ.... එහෙම නේද අභී..."
"ආහ් ඔව් ඔව්...."මායි හසරැලියි කතා කරන අතරට අභිමන්යු කඩා පැන්නා... අපි දෙන්නා දැන් සහෝදරයොත් නෙවෙයි ලූ.... හොදම යාලුවෝ විතරලූ.... මට දැන් හිතෙනවා අපි දෙන්නා දුරස් වෙනවා කියලත් අභී....
මං අභිමන්යු දිහාවට හැරුනා....
"අභී හසරැලි කියන්නෙ අදලූ ඇග්රිමන්ට් සයින් කරන්නේ...."
"ඔව් එයාලා අද ඔයා හෙට...."
"ආපු එකේ මාත් අදම කරා නම් හරිනේ අභී...."
"බෑ...!"හේතුවක් නැතුව ආයෙමත් කඩාගෙන පැන්නා..
"ඒ ඇයි...."
"ඩොකියුමන්ට්ස් ලෑස්ති නෑ තාම..."
"මගේ විතරක්..."
"ඔව් අනේ... ඔව්... ප්රශ්න ඇති ගෙදර යමු... අපි යනවා හසරැලි..."
"ඕකේ මිස්ටර් අභිමන්යු...."මට හසරැලිට යන්නම් කියන්නවත් හැරෙන්න නොදී අභී මාව ඇදගෙන එලියට ආවා.... මොන යකා වැහුනද මන්දා මේකට....
______________________
මොකාද වැහිච්ච යකා... ගෙස් කරන්න බලන්න....මම
^_^
Nara...

YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....