"ඇයි අම්මේ එහෙම කලේ...... ඔයා මැරෙන්නද හැදුවේ..... මං තනි උනා කිය්ලා දැකලත් දාලා යන්නද හැදුවේ.... ඔයටත් මොකක් හරි වුනා නම්..... මමත් මැරිලා යනවා වාහනේකට පැනලා.... ඔයා දන්නවද.... මට දැන් හරි මහන්සියි.... මොකක් කරන්නද කොහෙට ය්න්නද..... හිතා ගන්න බෑ..... අරෙහෙ ආච්චිඅම්මා මෙහෙ ඔයා..... මං අතරමං වෙලා..... හෙටින් පස්සේ මං වෙනුවෙන් ආච්චිඅම්මා නෑ කියලා දැනෙද්දී..... මම් දැන් එතන නේද ඉන්න ඕනේ කියලා හිතෙනවා..... අනිත් අතට ඔයා මෙතන ඉදිද්දී..... ඔයාවත් නැති කරගන්න බෑ කියලා දැනෙනවා...... මොනවද අම්මේ මේ වෙන්නේ..... මං සැනසීමෙන් හිටිය දවසක් මතකවත් නෑ..... මේ ආත්මෙදි සැනසීමක් ඇත්තෙ නැද්ද මට..... කියන්න නෙවෙයි හිටියේ මං මේක.... ඒත් යන්න හදන්න එපා අම්මේ..... මං ඔයාට ආදරෙයි..... ම්...මට.... ඔයාව ඕනේ....."
අම්මගේ අත බදාගෙන හිතේ තිබ්බ පීඩනේ මං පිට කලා.... ඉකි ගගහා අඩ අඩ පිට කලා..... රෑක් එලි වෙනකල් අඩපු මම යන්තන් මලානික ඉර එලිය වැටීගෙන එද්දී..... මුනත් ටිකක් සෝදගෙන ඇවිත්..... ටවල් එකක් තෙම තෙම.... අම්මව පිහ දැම්මා..... ටිකකින් ඩොක්ටර් ආවා....
"මිස්ටර් අභිශේක්.... ඔයාගෙ අම්මව අද හවස 6 ට තියටර් එකට ගන්නවා.... ඔපරේශන් එකට.... ඊට කලින් අපිට අර රිපෝර්ට් එක ඕනේ.... ඒක පොසිටිව් උනොත් විතරයි ඔපරේශන් එක කරන්න වෙන්නේ.... නෙගටිව් උනොත්..... අපිට පේශන්ගෙ ජීවිතෙ ගැන අන්සුවර්....."
"ඕකේ ඩොක්ටර් මං පහ වෙද්දි වගේ ගෙනත් දෙන්නම්...."
"ගූඩ්...."
ඩොක්ටර් රූම් එකෙන් එලියට යද්දී මමත් එලියට ආවේ අම්මා ගාවින් පැය දෙක තුනකට තියන්න.... සල්ලි වලට කෙනෙක්ව හොයන්න.....
"එක්ස්කියුස්මී මිසී...."
"කියන්න...."
"පැය දෙකකට වගේ.... මගේ අම්මා ලගින් තියන්න සල්ලි වලට කෙනෙක් හොයගන්න උදව් කරන්න පුලුවන්ද....."
"එලියේ හොස්පිටල් එකට ඇතුල් වෙන තැන තියෙනවා තැනක්...."
"ඕහ්... තැන්ක්‍යූ..."
"....................."සල්ලි වලට කෙනෙක් ගන්න ඇවිත් එතනට සල්ලිත් බැදලා.... අභිමන්‍යුට කතා කලා....
"අභිමන්‍යු.... මං අම්මා ගාව නවතින්න කෙනෙක් හොයා ගත්තා...."
"කීයටද මං එක්කන් යන්න එන්න ඕනේ...."
"ඔයා එන්න එපා... මං එන්නම්.... අනේ ඔතන වැඩ ටික බලන්න....."
"ඔයා බය වෙන්න එපා අභී..... මං ඒවා බලා ගන්නම්.....පරිස්සමට එන්න...."
"ම්ම්...."
"බුදු සරණයි...."
"බුදු සරණයි...."හිතට පුංචි සැනසීමක් දැනෙද්දී.... කඩේකට ගිහින් වතුර බෝතලයක් ගත්තු මම..... ඒකත් බිබී.... අම්මගේ කාමරේට ආවා....
මං යද්දී කාමරේ නර්ස්ලා ඩොක්ටර්ස්ලා පිරිලා.... එයාලා අස්සෙන් ඉක්මනට මං ඇතුලට ගියා....
"එක්ස්කියුස්මී මට ඉඩ දෙන්න...."
"................"
"ඩ්.... ඩොක්ටර් මොකද්ද ප්‍රශ්නේ......."
"මිස්ටර් අභිශේක් කොහෙද හිටියේ....."
"සොරි ඩොක්ටර්.... මං අම්ම ලග හවසට නවත්තන්න කෙනෙක්ව හොයන්න ගියා....."ඒ එක්කම ඩොක්ටර් ඔලුවට අත තියා ගද්දී.... මොකක්ද වෙන්නේ කියලා නොතේරෙන මං අම්මා දිහා බලලා..... ඩොක්ටර් දිහා බැලුවා....
"ඩ්... ඩොක්ටර්.... ම්...මොකද්ද ප්‍රශ්නේ.....?!"
"අභිශේක් අපිට අම්මව ඉක්මනට කොලඹ ජෙනරල් හොස්පිටල් ගෙනියන්න වෙනවා...."
"ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නේ....."
"නොහිතපු වෙලාවක අම්මට සිහිය ඇවිත්.... ඒකත් ඔපරේශන් එකට කලින්..... වේදනාව එක්ක.... මේ මැශින්ස් දරාගන්න බැරුව.... ආපහු සිහිය නැති වෙලා.... අපි දැන් මෙහෙ ඔපරේශන් එක කරන එක අවදානම් වැඩියි.... ඒත් පුලුවන් ඉක්මනට ඔපරේශන් එක කරන්න ඕනේ..... අම්මගේ මොලේ සෛල විනාශ වෙන්න පටන්ගෙන....."
"අ...අනේ සර් දැන් මොකද කරන්නේ....."
"ඉක්මනට ජෙනරල් හොස්පිටල් ගෙනියන්න ලෑස්ති කරා...... දැන් අම්මව පහලට ගෙනියයි..... ඔයත් ඒ එක්කම යන්න..... ඉක්මනට මගේ රූම් එකට එන්න.... අවශ්‍ය ඩොකියුමට්ස් ටික දෙන්නම්...."
".........................."ඒ එක්කම මමයි නර්ස් කෙනෙකුයි.... ඩොක්ටර් එක්ක ඔෆිස් එකට ගියා....
"මිසී මේ ඩොකියුමට්ස් ටික එහෙ හොස්පිටල් එකට දෙන්න ඉක්මනට තියටර් එකට ගන්න කියන්න...."
"ඕකේ ඩොක්ටර්...."
"අභිශේක් අර රිපෝර්ට් ටික දෙන්න...."
"ඩ්...ඩොක්ටර් ඒවා.... තාම ගත්තේ නෑනේ...."
"වට්....?!!"
".................."
"කොලඹ ලීසන්ස් එකෙනුත් ගන්න පුලුවන් ඔය රිසිට් එකටම ඔපරේශන් එකට කලින් කොහොම හරි මිසීගෙ අතට රිපෝර්ට් එක හම්බවෙන්න සලස්වන්න....ඕකේ නව් ගෝ...."
".............."හා කියන්න ඩොක්ටර් ට ඔලුව වනපු මම නර්ස් එක්ක ඇම්බියුලන්ස් එක ගාවට ගියා.....
____________________________
මම^_^
Nara...
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....