37

39 11 2
                                    

#'හිතුවක්කාර ඇස් අස්සේ...
දැනුනා හුරුපුරුදු බවක්...
කියන්නද රහසක්...
ඔයා මගේ එක හීනයක්....
නපුරුකම් අස්සේන්ම.....
ආදරේ ලියනකොට....
කොහොම නම්....
මගහරින්නද ඔය ආදරේ ....
මං.....'#

#මතකයන් හිත අස්සේ....
දැවි දැවී පිච්චෙද්දී....
ආදරේ ඇස් අගින්....
කදුලු වී පැමිනෙද්දී....
  නිසා වෙන්න ඇති...
කදුලු මේතරම් රස්නේ....#

මේවා ලිව්වේ මගේ තාත්තා නම්... මං අද මගේ තාත්තාව දැක්කා.... මට එක මොහොතකට හිතුනා.... ආච්චිඅම්මාට මොකක් හරි තැනක් වැරදිලා කියලා..... එයාලාගේ දෛවය දෙවියෝ එකට ඉන්නමයි මවලා තිබ්බේ.... මට දැනගන්න ඕනේ වුනා.... අභීගේ අම්මා ප්‍රශ්නේ ඇහුවේ මොන විදිහටද කියලා මට දැනගන්න ඕනේ වුනා.... උත්තරේ මෙහෙම එකක් වෙන්න ප්‍රශ්නේ මොන වගේ වෙන්න ඇතිද.....

මට කතාවේ අවසානය පොත ඇතුලේ තියෙනවද දැනගන්න ඔනේ වුනා.... මං අන්තිම පිටුවට පෙරලුවා....

#හැරීමක් නැති මාවතක....
ගොඩක් දුර ඇවිත්....
බැරි බව දැන දැනම.....
නැවතුනේ පසුතැවීමක් නිසා මං....#
(ඒ ඇසුත් ඔය ඇස් වගේම මාව අතරමං කරනවා....)

තේරුනේ නැහැ ඒත්.... දැනුනා එතන වේදනාව මහා ගොඩක් තියෙනවා කියලා.... මං පොත තියලා එලියට ආවා අභීව හොයාගෙන.....

"අභී.... කොහෙද ඔයා...."
"කුස්සියට එන්න...."

මං පහල කුස්සියට ගියා... අභිමන්‍යු කෑම හදනවා....

"කියවලා ඉවරද...."
"නෑ ඒක හෙමීට කියවනවා......."
"ඒක ගැන මොනවද අභිශේක්ට හිතෙන්නේ....."
"තෙරුම් ගන්න බැරි මොකද්දො පැටලිල්ලක් තියෙනවා අභී.... මට ඒක කියන්නවත් තෙරුම් ගන්න බෑ....."
"............."

අභිමන්‍යු මොකුත් නොකියා හිනා වෙලා ලූනූ සුද්ද කරන්න ගත්තා....

"හිනා නෙවෙයි ඇත්තටම කිව්වේ.... මට සමහර තැන් වල ප්‍රශ්නෙ මොකක්ද කියන එක පවා ප්‍රශ්නයක්.... කෝ දෙන්න මං ලූනූ ටික කපන්නම්...."

මං අභිමන්‍යු සුද්ද කර කර හිටිය ලූනූ ටික ඉල්ලගත්තා....

වැඩ්ඩා වගේ ගත්තට මොකද ඒ ලූනූ සැර වැඩියි....එක ලූනූ ගෙඩියක් කපලා ඉවරවුනු මං අමාරුවෙන් ඇරගෙන හිටිය ඇස් දෙක වහ ගත්තා.... වහගත්තු ඇස් දෙක දැවිල්ල වැඩි කමටම ආයෙත් ඇරගන්න බැරි වෙනකොට මං ඇස් දෙක පිහ දැම්මා.... ඒත් එක්කම අභිමන්‍යු මගේ ඇගට කඩා පැන්නා... 

"මී අරකා ඇල්ලුවා නේද ඇස් දෙක.... ඇල්ලුවා නේද ඇස් දෙක....!! මීමා තෝ ලූනු කපලා ඒ අත් දෙකෙන් ඇස් අල්ලන්න තරම් මෝඩද....."

මේකා අමාරුවේ වැටිච්ච මට උදව් කරන්නේ නැතුව එතන ඉදලා උරහිස්සට ඇගිල්ලෙන් ඇන ඇනම බැන්නා.....

"උබව හදන්න බෑ.... එක්කො බැරි වැඩ නොකර ඉන්න ඕනේ...."

ඒ අස්සෙන් හොටුත් එනකොට මං අතින් ඒක පිහ දාන්න යනකොට.... තරු පේන්න පාරක් පිටට වැදුනා....

"ආව් යකෝ...!!"
"ආව් යකෝ නෙවෙයි... උබ අමු මීහරකෙක් ඇස් දෙක අල්ලලා දැන් නහයත් අල්ලන්න යනවද.... ඊට වඩා ලේසියි... කපපු ලූනූ ටික අරගෙන මූනේ අතුල්ල ගනින්.... ලූනූ ගෙඩියක් කපා ගන්න බෑ.... ඒකට මොකද පන්ඩිත කමයි කටයි තියෙනවා...."

"අභී එක්කෝ කෑ නොගහා මට උදවු කරපන්... නැත්තන් අහකට වෙයන් මට මූන හෝදගන්න දීලා..."

මමත් නහය උඩට ඇද ඇද කෑ ගැහුවා.... ඇයි යකෝ මං මෙතන ඉන්න අමාරුව මූට තේරෙන්නේ නෑනේ.... අනිත් එක මගේද මුගේනේ කටයි පන්ඩිත කමයි තියෙන්නේ.... නැට්ටට තද වෙන්නේ මූටනේ.....

"කෝ මෙහාට වරෙන්...."

අභී මාව ඇදලා සින්ක් එක ගාවට අරගෙන මුලින්ම මගේ නහය පිහදාලා.... ඊට පස්සේ හෙමීට මගේ මූන වතුරෙන් පිහ දැම්මා..... අනේ මන්දා මූ මගේ මූන පිහ දැම්මේ නිකන් පොඩි ලමයෙක් නාවනවා වගේ හරි පරිස්සමට.... ඉතින් සහෝදරකමට එහා හැගීමක් මට දැනෙන එක සාදාරන නැද්ද.... මං සහෝදරයෝ සහෝදරයෙක්ට සලකන විදිහ අදුරන්නේ නැතුවද..... මං හිටිය කල්පනාව බිදිලා ගියේ අභීගේ කටහඩත් එක්ක.....

"අභී ඇස් දෙක අරින්න පුලුවන්ද බලන්න...."
"ම්ම්...."

මං බොහොම අමාරුවෙන් කදුලු පෙරාගෙන ඇස් දෙක අරිද්දී.... අභී එයාගෙ ටීශර්ට් එකේ අතෙන් මගේ මූන පිහදැම්මා....

"මෙතන වැඩ එක දෙක කරන්නේ නැතුව ගිහින් උබේ වැඩක් බලාගනින් පොඩි එකා...."

අන්තිමට මොකක්ද උනේ.... මොකක් වෙන්නද ඉතින් අරූ මට පොඩි එකා කියලා ලැජ්ජා කරලා මාව කුස්සියෙන් එලව ගත්තා...

_________________________
මම

^_^

Nara...

Hanahaki (yizhan) sinhalaWhere stories live. Discover now