"අභී නැගිටින්න.... අභිශේක්..... මල්ලී.... නැගිටිනවා...."
"ඇයි තාම පාන්දරනේ අනේ වද දෙන්න එපා අභී...."
"දැන් නැගිටිනවා වෙලාව පහයි.... අද ඔයාගේ ෆයිනල් එක්සෑම් එක.... අම්මලාවත් හම්බවෙලාම එක්සෑම් එකට යමු නැගිටින්න...."
"හරි හරි වදේ...."කියාගන්න බැරි විශේශ දේවල් ගොඩක් එක්ක.... මං ජීවිතේ කවදාවත් ගත කරන්න නොහිතපු විදිහට අභී එක්ක මාසයක්ම ගෙව්වා.... අපේ පින්තූර බිත්තියත් ටික ටික පිරුනා... සතුටු මතක වලින්... අද මගේ ෆයිනල් එක්සෑම් එක.... අභී උදේ පාන්දරම මට කතා කලේ ගෝල්ෆේස් එකටත් ගිහින් යන්න ඕනේ නිසා....
ඉක්මනට මූන හෝදගෙන ලෑස්ති වුන මං පොතක් බල බලාම පඩිපෙල බැහැගෙන ආවා..... ඒත් එක්කම පහල ඉදන් බලන් හිටිය අභිමන්‍යු මගේ ඔලුවට හයියෙන් පාරක් ගැහුවා....
"පිස්සුද යකෝ ඔලුවට ගහන්නේ.... පාඩම් කරපුවා අමතක වෙයි මට....."
"ඇස් දෙක වෙන කොහෙවත් තියාගෙන පඩිපෙල බහිනවා.... පැටලිලා වැටුනා නම් විභාගෙට නෙවෙයි කනත්තට යන්න වෙන්නේ උබට.... හරි හරි යමු දැන්...."
මං පොත දිහා බලාගෙනම කියනකොට අභී පිගානක් අරගෙන ආවා....
"මේ මොකද...."
"බඩගින්නේ යන්න පිස්සුද...."
"කන්න බෑ අභී... මේ තව බලාගන්න තියෙනවා...."
"එහෙම එකාද අර බුදියගෙන හිටියේ...."
"අනේ යමු අභී...."
"ආ... කියනවා...."අභී එහෙම කියනකොට මං අභී දිහා බැලුවා..... එයා බත් කටක් අනාගෙන මගේ පැත්තට දික් කරගෙන ඉන්නවා....
"මොකද මගේ දිහා බලාගෙන ඉන්නේ.... පාඩම බලාගන්න ගමන් කට අරින්න...."
"....................."මං ආපහු පොත දිහා බලාගන්න ගමන් කට ඇරියා එයා මට කැව්වා.... කවපු එයා මට වතුර එකත් පෙව්වා.....
"තැන්ක්ස් අභී...."
"තෑන්ක්ස් මොකටද බන්.... මං හදන්න දන්නේ මේවා විතරයි නැත්තම් වෙන් මොනවා හරි හදනවා.... හොදට පුලුවන් උපරිමේට විභාගේ ලියපන්.... මං බුදු පහන හැදුවා ඒකත් පත්තු කරලම යමු...."අභි මගේ උරහිසකට අතක් තියාගෙන එහෙම කියද්දී.... අම්මගෙන් ලැබෙන ආදරේ වගේ හැබැයි ටිකක් විතර වෙනස් ආදරයක් අභී ලගින් දැනුනා.... සමහර විට ඒක වෙන්න ඇති තාත්තාගේ ආදරේ කියන්නේ....
මම ගිහින් පහන තිබ්බා.... පහන තියලා එද්දී අභී දොර ගාව සමන්පිච්ච මල් දාපු වතුර එකක් තියාගෙන ඉදලා පෙව්වා....
"මේවා මොකටද අභිමන්‍යු....."
"සුභ ගමාක් යද්දී සුභ දේවල් තමා කරන්න ඕනේ...."තාත්තා නැහැ කිව්වට දැන් අභී මගේ අම්මා තාත්තා සහෝදරයා යාලුවා වගේ මගේ ලෝකේ හැම චරිතයක්ම වෙලා ඉන්නකොට මං අභීට අද ගහලා වැන්දා....
"අභිශේක් පිස්සුද අනේ නැගිටින්න...."
"පිස්සු නෑ අභී.... ඒක ඔයාට ලැබෙන්න ඕනේ ගෞරවයක්...."මං එහෙම කියනකොට අභී මාව තදින් බදාගත්තා....
"මං එච්චර දෙයක් කලේ නෑ අභිශේක්... මං කලේ මට ඒ දවසේ ඕනේ වුන හැබැයි... මට ලැබුනේ නැති ඒ දේවල්... ඔයාට අඩුවක් නැතුව දෙන්න..."
"අභිමන්‍යු විභාගෙට ගියේ කාලා නෙවෙයිද..... විභාගෙට ගියේ බුදු පහන තියලා නෙවෙයිද.... විභාගෙට ගියේ මොකුත්ම සුබ දෙයක් නැතුවද...."
"ඔය මොකුත් නැතුව අභී.... හැබැයි එක දෙයක් ඔයාට වගේම මටත් තිබ්බා...."
"මොකද්ද...."
"අපි දෙන්නා මුනගැහුනා...."
"කවද්ද අභී.... කොයි වෙලාවෙද...."
"ලෙක්චර් එක ඇතුලට ඇවිත් මං කිරි පැකට් එක දුන්නු දවසේ.... අන්න එදා තමා මගේ ෆයිනල් එක... ඒක තමා වෙච්චි සුබම දේ....."
"......................."
මට එයාගේ වචන වල වේදනාවක් දැනෙනකොට එයා කොහොමද සතුටින් ඉන්නේ කියලා පුදුමත් හිතෙනකොට.... ඒත් මං එයාගේ ඇස් වලින් සතුට දැක්කා...
"මට ඒ හොදටම ඇති අභී.... දැන් පාඩම් කරන්න ගෝල්ෆේස් එක ගාවට යනකල්......"
මගේ ඔලුව අතගාලා අභී වාහනේට නගිනකොට.... මාත් වාහනේට නැග්ගා....
අපි දෙන්නා ගිහින් ගෝල්ෆේස් එක ගාව නැවැත්තුවා....
"දැන් තාත්තා විතරක් නෙවෙයි අභී.... අපිට මෙතන ඉදලා හැමෝටම කතා කරන්න පුලුවන්...."
අභී හිනාවෙලා කියනකොට අපි දෙන්නම ඈස් ක්ශිතිජය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා එයාලට කතා කරබ්න ඇස් දෙක පියා ගත්තා.....
________________________
මම^_^
Nara...
YOU ARE READING
Hanahaki (yizhan) sinhala
Fanfictionපපුව හිර වෙද්දී වේදනාවක් දැනුනත්..... එලියට එන්නේ ලේ තැවරුණු රෝස පාට සකුරා පෙති වෙද්දී..... ඉතින් වේදනා වුනත්...... මන් කොහොමද දෙවියනේ හිනා නොවී අඩන්නේ..... ඒ මන් ආසම මල නේ.....