"අදට මීටින් එක මෙතනින් ඉවරයි...ඇග්‍රි වුන විදියට ඩිසයිනින් ටීම් එකෙන් ප්‍රසන්ටේශන් එක මන් හෙට උදේ නවය වෙනකොට එක්ස්පෙක්ට් කරනවා...ඕල් ද බෙස්ට් ටීම්....ගුඩ් නයිට්..."
"එක්ස්කියුස් මී සර්....අද ඩිස්කස් කරපු විදියට නම් ඉතින් අපිට කැම්පේන් එක රීඩිසයින් කරන්න වෙනවා මුල ඉදලම...හෙට උදේ නවය කියන්නේ අපිට හුගාක් වෙලාව මදිනේ ආයෙම ප්‍රසන්ටේශන් එක එඩිට් කරන්න....දැනුත් අට පහුවෙලානේ සර්...අද රෑ ටීම් එකට නිදිමරාගෙන වැඩ කරන්න වෙනවා...සෝ අපිට බැරිවෙයිද මේක අනිද්දට කල් දාන්න...."
"නයින් මීන්ස් ඇට් නයින්...ඒකේ වෙනසක් නෑ....අයි ඩෝන්ට් කෙයාර් හව් යූ ඩූ ඉට්...වැඩේ වෙන්නයි ඕන....ගොට් ඉට්?...."
"යර්ස් සර්...."
තමන්ගේ ආයතන ප්‍රධානියාගේ යෝජනාවට එරෙහිව අදහස් ප්‍රකාශ කරපු ඩිසයිනින් ටීම් එකේ වැඩ්ඩා චාරුක කට පියාගත්තේ කියපු වෙලාවට ඕක සම්පූර්ණ නොකලොත් වෙන දේ දන්න නිසාමයි...
රෑ අටත් පහු වෙනකම් සිලෝන් ඇඩ්වර්ක්ස් ගෲප් ලිමිටඩ් කම්පනියේ පැය හතරක් තිස්සේ තිබුන මීටිම ඉවර වුනේ එහෙමයි....ඒ කතා කලේ ඉතාම අඩු වයසකදී කම්පනියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වුන රෙහාන් සිද්ධාර්ත් දෑළබණ්ඩාරයි....
එයාගේ වචනයකට මුළු කම්පනි එකම සරෙන්ඩර්...මුළු ආසියානු සමාගම් ජාලයෙන් පලවෙනි තැනට සිලෝන් ඇඩ්වර්ක්ස් ගේන්න එයා ලොකු වෙහෙසක් දැරුවේ ජීවිතේ කොයි දේකටත් වඩා වැඩි තැනක් කම්පනි එකට දෙමින්....
කෙටියෙන් කියතොත් එයා දක්ෂ බිස්නස්කාරයෙක්......වෙලාවට වැඩ කරන කෙනෙක්....තරඟකාරීත්වයට කැමති දිනන්නම උපන් හපනෙක්....පරාජයට අකමැති කෙනෙක්....ඒ වගේම දුටුවන් මනබඳින කඩවසම් රුවක් හිමි වුන තරුණයෙක්...වයස අවුරුදු තිහක් වුන රෙහාන්ගේ ජීවිතේ වුනේ රස්සාව විතරමයි....එයාගෙන් නිතරම දිස්වුනේ දඩබ්බර සීතල ගතියක්.....ඒ නිසාම එයාට ලන්වෙන්න ගොඩක් අය ආස වුනත් බයයි.....
මීටිම ඉවර වෙනකම් ඇඟිලි ගනිමින් බලා හිටපු මාර්කටින් සහ ඩිසයිනින් ටීම් දෙකම දොරෙන් එලියට පැනගත්තේ හිර කඳවුරක හිරවෙලා හිටපු හිරකාරයෝ සෙට් එකක් නිදහස් ලැබුවා වගේ....ඊලඟ දවසට සෙට් වුන ප්‍රසන්ටේශන් එක නිසා ඩිසයිනින් ටීම් එක හිටියේ නම් ඉහින් කනින් දාඩිය දාලා අල්ල සීතල වෙලා බොක්ක රත් වෙලා යන තරම් ටෙන්ශන් එහෙකින්....වෙලාවට ප්‍රසන්ටේශන් එක රෙහාන් බලාපොරොත්තු වුන විදියට නොතිබ්බොත් එයාලට වෙන ඉරණම එයාලා දැනන් හිටියා....
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing