🌿56 හමුව🌿

4.1K 445 1.4K
                                    

"ෂදිල් මේ අහන්න....මට මේ සෙල්ලම ඇතිවෙලා තියෙන්නේ...මේ මොන පීඩනයක්ද?...ඔයාට ඕන මගෙන් පලිගන්නද?..මම ඉන්නෙත් හිතේ අමාරුවෙන්....මාත් දුක් විඳින කෙනෙක්.."

ෂදිල්ගේ කැබින් එක ඇතුලට ආපු ගමන් යශෝධරා නොසන්සුන්ව දුක් අඳෝනා කිව්වේ අතේ තිබ්බ ෆයිල් මිටිය අත් දෙක අතරට පොඩි කරගන්න ගමන්.....

එයා කොල්ලගේ ඇස් මඟාරින්න ලොකු සටනක් දුන්නේ හිතේ අමාරුවකින් කතා කරන ගමන්......

"මොකද මොකද මේ කලබල?....මන් මොකවත් අහන්න කලින් ඔයාට මාර දැඟලිල්ලනේ....හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්න හොඳ නෑ කියලා කතාවක් අහලා නැද්ද මැඩම්?......"

කට කොනකින් හිනාවෙලා කැරකෙන පුටුවේ හෙඩ් රෙස්ට් එක උඩින් අත් දෙක පටලන් තියාගත්ත ෂදිල් තවමත් දොරගාව හිටන් ඉන්න යශෝධරාට දුන්නේ සරදම් බවත් එක්ක මුසුවුන දැඩි බැල්මක්....

රෙහාන් ගාවදි මෘදු වෙන ෂදිල් මෙතන හිටියේ නෑ....එයාට කෝමත් එහෙම මෘදු විදියට ඉන්න ඕන වුනේම නෑ....

"ඔයා මාව මෙතනට ගෙන්න ගත්තේ හොටෙල් බ්ලූ පර්ල්ස් එකට ඔයාව මන් යැව්වේ දිලුක...ඒ කිව්වේ කොන්ඩයා නිසා කියලා කන්ෆර්ම් කරගත්තාට පස්සෙනේ..ඔයා මෝඩයෙක් නෙමේ...අන්තිමට ඔයා එක්ක කතා කරපු දවසෙම මන් ඒක හොඳට තේරුම් ගත්තා....ඔයා ගොඩාක් රහස් දැනටමත් දන්න කෙනෙක් ෂදිල්......"

ෂදිල්ගේ මුවග සරදම් හිනාව තව විසල් වුනා....

"මන්...බය වුනා ෂදිල්....කොල්ලෙක්ට වගේ නෙමේ කෙල්ලෙක්ට...මන් විනාස වුන එකියක් බව ඇත්ත....ඒ වුනාට මන් තව කරදරවල වැටෙන්න කැමති වුනේ නෑ..ඒ හින්දා මට එයා කියපුවා කරන්න වුනා අකමැත්තෙන් හරි...."

යශෝධරා ෂදිල්ගේ මේසේ ගාවට ඇවිත් ෆයිල් ටික වෙව්ලන අත්වලින් මේසේ උඩ තියලා ඔළුව බිමට හරවන් හඬමින් කතාව පටන් ගත්තා....

ෂදිල් නිහඬව ඉවසීමෙන් වගේ උනන්දුවෙන් කෙල්ල දිහා බලා හිටියේ අලුත් නාට්ටිය මොකක්ද කියලා අහන්න වගේ.....

"ඔයාව කොන්ඩයා ගාවට මන් යැව්වේ වාසියක් බලාපොරොත්තුවෙන් නෙමේ...එයා මාව බ්ලැක්මේල් කරන්න තියාගත්තා...එයාගෙයි මගෙයි අනියම් සම්බන්ධයේ සේරම අග මුල අහස්ට කියනවා කිව්වා.... අපි එකට හිටපු ප්‍රයිවට් ෆොටෝස් ප්‍රසිද්ධ කරනවා කියලා....ඒවා එඩිට් කරනවා කිව්වා විපක්ෂේ ඇමතිලා එක්ක මන් හිටියා කියලා පෙන්නන්න....මන් නූපන් දරුවාවත් මරාගත්ත කාලකන්නි ගෑණියෙක් ෂදිල්!!...."

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now