🌿41 හමුව🌿

3.5K 508 433
                                    

තවත් සාමාන්‍ය දවසක් උදා වුනා...කාට සාමාන්‍ය දවසක් වුනත් ඒක ෂදිල්ට කොහොමත් වෙනදා වගේ දවසක් වුනේ නෑ ඉර පෑයුවත් කුරුල්ලෝ පියෑඹුවත්....ගස් කොලං ප්‍රබෝධමත් වුනත්....

වෙනදට ෂදිල් වැඩට ගිහිල්ලත් ඉවරයි මේ වෙනකොට...ඒත් අද ෂදිල් නිවාඩුයි...කවදා වෙනකම්ද කියන්න එයාවත් දන්නේ නෑ...වෙන නිවාඩු දවසක එයා කොච්චර නම් දේවල් කරනවද...එයාට කරන්න දාහක් වැඩ තියෙනවා වෙන නිවාඩු දවස්වල....සමහරදාට පැය විසි හතර මදි තියෙන වැඩ ඉවර කරගන්න.....

ඒත් අද එයා කරන්නේ මොකුත්ම නොකර ඉන්න එක...එයාගේ හිත හිස් වෙලා....වෙනදාට උද්‍යෝගයෙන් ඉන්න ෂදිල් අද ඉන්නේ රූපෙන් විතරයි...එයාගේ හිත කොහේදෝ ඈතකට ගිහින්......වෙනදා ඉන්න කඩිසර කොල්ලා අද නෑ.....අහලකවත් නෑ....

එයාගේ ලෝකේ කෑලි කැඩිලා විසිරිලා...කාගේ වරදින්ද?....උත්තරේ නම් නෑ එයා ලඟ...එයාට ඕන ඒක කෝමහරි හොයාගන්න....නමුත් එහෙම හොයාගන්න ඕන කියලා හිතන්න උවමනා හොඳ සිහියත් ෂදිල් ගාව තියෙනවද කියන එක තවම ගැටළුවක්.....

ෂදිල් කාමරේ ජනෙල් කූරූවල එල්ලීගෙන එලිය බලාගෙන හිටියේ පොඩි දරුවෙක් වගේ...ඉර එළිය එයාගේ මූණට වැටිලා දීප්තිමත් දිනක් උදාවෙලා තිබුනත් එයාගේ මූණෙන් නම් කිසිම උද්‍යෝගයක් දීප්තියක් දකින්නට නැහැ....එයාගේ ඇස් හරිම මලානිකයි...දෙතොල් සුදුමැලි වෙලා ගිහින්.....

එයා බලා ඉන්නේ අහස දිහාද පොලොව දිහාද එහෙමත් නැත්තම් හිස් අවකාශය දිහාද කියලා බැලු බැල්මට කෙනෙක්ට තේරුම් ගන්න බැහැ...දැන් උදේ නමයත් පහුවුනා විතරයි....

රෑ වෙනවා උදේ වෙනවා ෂදිල්ට ගානක් නෑ....කොයිවෙලාවත් එකයි දැන් නම්.....ඔරලෝසුවේ කටු කැරකිලා වෙලාව ගත වුනත් ෂදිල්ගේ ලෝකය තවම එක තැනක නතර වෙලා.....

වෙනදට උදේ පාන්දර කොච්චර වැඩ එක්ක ෂදිල් ඔට්ටු වෙනවද...එයාගේ වැඩ...අරාෂ්ගේ වැඩ...ටයි එක හොයාගන්න බැරුව පරල වෙන රෙහාන්ගේ වැඩත් එක්ක එයා කාර්‍යබහුල වෙන්නේ අප්පච්චිට වගේම පොඩ්ඩාටත් හොඳටෝම බැන බැන...ඒ බැණුම් ඇතුලේ තිබුනේ කේන්තියක්වත් තරහක්වත් නෙමේ....ආදරයක් පමණමයි....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now