මම මාස කීපෙකට කලින් පබ්ලිශ් කරපු පෙරහමුව කොටස කියවලා එන්න චරිත සහ කතාවේ පසුබිම තේරුම් ගන්න...නැත්තම් පැටලැවෙන්න පුළුවන්..
බාහුං සහස්ස මභිනිම්මිත සායුධං තං
ගිරීමෙඛලං උදිතඝොර සසෙන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දො
තං තෙජසා භවතු තෙ ජයමංගලානිජයමංගල ගාථා....
ඒවා ඇත්තටම විවාහයකට ආශිර්වාදයක්ද?
ෂදිල්ගේ මතකය දිව ගියේ මීට මාස තුනකට පමණ පෙර තිබුන ඒ ලස්සන දවසටයි...නමුත් ඒ දවස ලස්සන දවසක් වුනේ නාමිකව විතරයි...වචන...හුදු වචන කීපෙකට සීමා වුන දවසක්....
දිනය මෙම වසරේ ජූනි පලවෙනිදා....
විවාහ මංගල්‍යයක් කියන්නේ කොල්ලෙක්ට වුනත් කෙල්ලෙක්ට වුනත් ආදරණීය අමතකම නොවෙන දවසක්..තමන් ආදරය කරන කෙනාව තමන්ගේ ආදරණීයන් මැද නීතියෙන් තමන්ගේ කරගන්න ලැබෙන දවස...ලෝකෙටම ආදරය කෑ ගහලා කියන පෙන්වන දවස....
තමන්ගේ ලඟම නෑ හිත මිතුරන් එක්ක ගත කරන්න ලැබෙන නිසා හිත උතුරන සතුට බෙදාහදාගන්න ලැබෙන නිසා ඒ දවස තවත් සුවිශේෂී වෙනවා....
ෂදිල්ගේ විවාහ මංගල්‍යයත් ඒ වගේම එකක් වුනා...වෙනසකට තිබුනේ එයාටවත් එයාව විවාහ කරගත්ත කෙනාටවත් ඒ විවාහය අවශ්‍ය නොවුන එකයි...
ඒ සම්බන්ධය ආදර බැම්මක් නොවී පවුල් දෙකක් අතර නෛතික බැම්මක් පමණක්ම වුනා.....
පෝරුව උඩ හිටගන්නවත් වාසනාවක් ෂදිල්ට තිබුනේ නෑ...ඒක උඩ ඉන්නත් වුනේ රෝද පුටුවක ඉඳගෙන....කකුල් පණ නැති වුනත් කොන්ද පණ තිබ්බා එයාගේ...
ෂදිල් කාගෙවත් අනුකම්පාවකට කැමති කෙනෙක් නෙවේ...කායික අභියෝගතා මැද වුනත් ජීවිතේ ඉලක්ක වලට යන්න කැමති කොල්ලෙක්...
ඉතින් අභියෝග රැසක් මැද හරි පෝරුවක ඉන්න එයාට අවස්ථාවක් ලැබුනා හැබැයි තමන් විසින් තෝරගත්තු කෙනෙක් එක්ක නම් නෙවේ...තමන්ට පවුලෙන් තෝරලා දුන්න කෙනෙක් එක්ක....
ෂදිල්ගේ විවාහය අලංකාර සැරසිලි වලින් ඇඳුම් ආයිත්තම් වලින් මිල අධික මල් වලින් සැරසුනත් ආදරය කියන අකුරු හතරෙන් නම් සැරසුනේ නැහැ...ඒ අඩුව ෂදිල්ට දැනුනත් වෙන කිසි කෙනෙක්ට දැනිලා නැති හැඩයි....
ESTÁS LEYENDO
සිධාරණ්‍ය (Ongoing)
Fanficඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing