🌿19 හමුව🌿

5.7K 799 885
                                    

ෂදිල්ට අතේ තිබ්බ රිපෝට් එකවත් ඒකේ තිබ්බ ප්‍රථිපලවත් අදහාගන්න බැරි වුනා...රෙහාන් එයා ගාවට එනවා දැනුන නිසා හඬන එක ඉකිගැහීමක් බවට පත් කරගෙන කොල්ලා රිපෝට් එක ලියුම් කවරේ ඇතුලටම දැම්මේ වෙව්ලන අත්වලින්.....ඒක දිහා බලා ඉන්න තව හිත් දුන්නෑ....

අරාෂ්ව මුළු හිතින්ම දරුවා විදියට භාරගෙන හිටියත් රෙහාන්ව අරාෂ්ගේ අප්පච්චි තනතුරේ හිත පිරුන සෙනෙහසකින් පත්කලත් අරාෂ් කියන්නේ රෙහාන්ගෙයි අයෝධ්‍යාගෙයි ලේ ධාතුවක් කියන එක පිලිගන්න ෂදිල්ගේ හිත මැලිවුනා...විද්‍යාත්මක සාක්ෂි තිවිලත් ඒක ප්‍රතික්ෂේප කරලා දාන්න හයියක් ෂදිල්ට නැහැ...

ඇත්තටම ඒ ගැන ෂදිල්ට සතුටු වෙන්න අමාරුයි....අහස්නගේ මුවින් අරාෂ් කියන්නේ රෙහාන්ගේ පුතා කියන එක පිටවුන දවසේ රෙහාන්ම ෂදිල්ට කිව්වා අයෝධ්‍යා එක්ක දරුවෙක් හදන්න තරම් දුරදිග ගිය සම්බන්ධයක් එයාට නොතිබුනු වග...

එහෙනම් එයාට කොයින්ද දරුවෙක්...අහසින් දරුවෝ වැටෙන්නේ සුරංගනා කතාවල විතරයි....ජීවිතේ පලවෙනි වතාවට අරාෂ් කියන්නෙත් අහසින් වැටුන දරුවෙක් නම් කොච්චර හොඳද කියන බොලඳ සිතිවිල්ල ෂදිල්ගේ හිතට ඇතිවුනා...

ෂදිල් හිතුවට අනික් අය විතරයි ඇත්ත නොදැන ලෝක ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ කියලා ඇත්තටම දැන් පැටලිලා ඉන්නේ එයයි...එයා නිසා හැදුන පඹගාලේ එයාම පැටලිලා...ඒ පැටලිල්ල බෙල්ල හිරවෙන තැනකටම ආවොත් ගැලවීමක් නැති වෙනවා...

රෙහාන් එදා බොරු කිව්වද?...දෙන්නා අතර තවමත් යහපත් සම්බන්ධයක් නැතත් රෙහාන් තමන්ට බොරු කරයි කියලා ෂදිල් කවදාවත්ම හිතුවේ නෑ...රෙහාන්ට ඇත්ත කියන්නත් හේතුවක් නෑනේ...මොකද ෂදිල් ආදරේ කලාට රෙහාන් එයාට ආදරේද නැද්ද කියලා එයා තාම දන්නේ නෑ....

ඒ කොහොම වුනත් එදා රෙහාන් කියපු වචන ෂදිල් දැඩිව විශ්වාස කලා...අරාෂ් තමන්ගේ ලේ නෙමේ කියලා රෙහාන් කිව්වාම ඒක ෂදිල්ට අස්වැසිල්ලක් වුනා....

නමුත් අද ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා තියෙන්නේ රෙහාන් ඇත්ත හංගපු නිසාද එහෙමත් නැත්තම් ෂදිල් මෙච්චර කල් ඇත්ත කියලා බොරුවක් රකින්න හදපු නිසාද?...එයාටම තේරෙන්නේ නෑ....

සිධාරණ්‍ය (Ongoing)Donde viven las historias. Descúbrelo ahora