🌿03 හමුව🌿

5.9K 810 960
                                    

නෙත් කේන්තියෙන් වාහනය පදවගෙන එයාගේ ගෙදරට අනෝරා මහ වැස්සෙම ගියේ ෂදිල් අරාෂ්ව පපුවට තුරුල් කරන් පැසෙන්ජර් සීට් එකට තව තව ගුලි වෙද්දී....

එයා දන්නවා නෙත්ගේ කේන්තිය ඇවිලෙන ලේසියට නිවෙන්නේ නෑ කියලා....නෙත් ෂදිල්ට වඩා වයසින් බාල වුනත් එයාට කේන්ති ගියාම ෂදිල් ටිකක් බයයි...හරියට අයියා නෙත් වගේ....

නෙත් කියලා හැමෝම ආදරේට කතා කලාට කොල්ලගේ නම නෙතිල් විශල්ක දිසාසේකර....

කාර් එකේ යනකම්ම මහ සද්දෙන් සිංදු දාගෙන නෙතිල් ගියේ ෂදිල්ට තව දුරටත් බනින්න හිත් නොදීපු නිසා...කොච්චර එයා තව කියෙව්වත් ෂදිල් හ්ම් සද්ද නොකර අහන් ඉන්න බව එයා දන්නවා...නෙතිල් ෂදිල්ට මහ ගොඩක් ආදරෙයි....

නෙතිල් ෂදිල්ගේ හිතුවක්කාර බාල සහෝදරයා...අවුරුදු විසි එකයි වයස....ෂදිල්ට වඩා අවුරුදු පහක්ම බාලයි..කඩවසම් තරුණයෙක් වගේම මහා කේන්තිකාරයෙක්...සහෝදරයා වුනාට නෙතිල් ෂදිල්ගේ එක කුස උපන් සහෝදරයා නෙවේ....

ෂදිල්ගේ පවුලේ හෙවනේ හැදුනට ඇත්තටම නෙතිල් රිය අනතුරකින් අකාලයේ මියැදුණු ෂදිල්ගේ මහප්පගෙයි ලොකු අම්මාගෙයි එකම දරුවා....ෂදිල්ගේ අම්මා තාත්තා නෙතිල්ව එයාලගෙම දරුවෙක් විදියට හදාවඩා ගන්නකොට නෙතිල්ට වයස අවුරුද්දක්වත් නැහැ....

මේ එකක්වත් නෙතිල්ට රහස් නොවුනත් එයා අම්මා තාත්තා විදියට හඳුනගෙන ඉන්නේ ෂදිල්ගේ දෙමව්පියන්වමයි.....එයාට එයාගේ ඇත්තම දෙමව්පියන් ගැන තියෙන්නේ හීනයක් වගේ හැඟීමක්...ඊට වඩා බැඳීමක් ෂදිල්ගේ පවුලත් එක්ක එයාට තියෙනවා....

නෙතිල්ගෙයි ෂදිල්ගෙයි බැඳීම හරිම ඝණකම්..සාමාන්‍ය සහෝදර බැඳීමකින් එහාට ගියපු දැඩි ලෙන්ගතුබවකින් නෙතිල් ෂදිල්ට සලකනවා....වෙලාවකට නෙතිල් පෙන්වන ආධිපත්‍යය දැඩි බැඳීම ෂදිල්ට මහ හිසරදයක්....කොච්චර කිව්වත් වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න කියලා එහෙම ඉන්න නෙතිල් දන්නෙම නෑ...

නෙතිල් කාර් එක ධාවනය කලේ පුදුමාකාර වේගෙකින් වැස්ස නොතකා....හතර වටින්ම කළුවර වැටිලා....ෂදිල් කටපියාගෙන පපුවට තුරුල් වෙලා නින්දට වැටිලා හිටපු පොඩි දරුවගේ හිස් මුදුන සිඹිමින් මඟ දිගට පහුවෙන රූස්ස ගස් බල්බ් වලින් එලිය වුන කඩපිල් දිහා බලාගෙන හිටියේ නෙතිල් එක්ක කතා කරන්න ගිහින් එයාගේ කේන්තිය තව වැඩි නොකරන්න බලාගෙන.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now