🌿26 හමුව🌿

6.5K 782 905
                                    

ෂදිල්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තේ තුහින එයාගේ ෆෝන් නම්බර් එක හොයාගත්තේ කොහොමද කියලා හිතාගන්න අමාරු වුන නිසා...ප්‍රශ්නයක් ඉවර වෙන්නත් කලින් තව එකක්....

ඔෆිස් එකේ කෙනෙක්ම දුන්නා වෙන්න ඕන පර්සනල් නම්බර්ස් ක්ලයන්ට්ලා එක්ක ශෙයාර් කරගන්න එක ඇඩ්වර්ක්ස් පොලිසි එකට සම්පූර්ණයෙන් පටහැනි නිසා.....

රෙහාන්ගේ අවසරය අනිවාර්යයෙන්ම අවශ්‍යයි පර්සනල් නම්බර්ස් ක්ලයන්ට් කෙනෙක්ට එම්ප්ලෝයි කෙනෙක් දෙනවා නම්....ඒ දුන්න කෙනාව රෙහාන්ට හම්බ වුනොත් ඒ කෙනා කවුරු වුනත් එයාට අත්වෙන ඉරණම ගැන නම් ෂදිල්ට හිතන්නත් බයයි....

තුහින ඔෆිස් එක ඇතුලේ කාවහරි ශේප් කරගන්න ඇති....සමහරවිට ෂදිල්ගේ ටීම් එකේ කෙනෙක් එක්ක කුළුපගු වෙලා නම්බර් එක ඉල්ලගත්තා වෙන්නත් හැකියි....

ඒ ඔක්කොමත් හරි රෙහාන්ට ආරංචි වුනොත් තුහින ගාව ෂදිල්ගේ මොබයිල් නම්බර් එක තියෙනවා කියලා ලොකු විනාසයක් සිද්ද වෙනවා....

රෙහාන් ඇතුලට ආපු ගමන්ම රෙහාන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා....

"ඕහ් ෂිට්!...නිවාඩුවක් දැම්මත් නිදහසක් නෑ මට...එපා වෙනවා වෙලාවකට මේ ඇඩ් කෙරුවාව...මන් මේ කෝල් එක ආන්සර් කරලා එන්නම් දිල්..."

රෙහාන් ආ පයින්ම කාමරෙන් එලියට ගියේ ෆෝන් එක දිහාම බලාගෙන....ෂදිල් එච්චර වෙලා තද කරන් හිටපු හුස්ම පහලට දැම්මේ රෙහාන් ගිය ගමන්...

එයා වෙව්ලන අත් වලින් ඇඳ උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තාම දැක්කා කෝල් එක කට් වෙලා තිබුන වග...සැනසුම් සුසුම් හෙලපු ෂදිල් ඉතා වේගෙන් තුහිනගේ නම්බර් එක බ්ලොක් ලිස්ට් එකට ඇඩ් කලේ බ්ලොක් ලිස්ට් එකේ තියෙන නෙතිල්ගේ ෆෝන් නම්බර්ස් දෙක දිහා බලාගෙන එයාට හීල්ලෙද්දී...

රෙහාන් කියන්නේ සන්සුන් වුන කුණාටුවක් වගේ පුද්ගලයෙක්...එයා කොයි වෙලේ නිවෙනවද කොයි වෙලේ ඇවිලෙනවද කියලා කියන්න ෂදිල්ට බැහැ...ඒ නිසාම එයා කරන කියන දේවල් ගැන පරිස්සම් වෙන්නම අවශ්‍යයි.....

තුහින ගැන රෙහාන්ට කියනවදෝ නැද්ද කියලා ෂදිල් ලතැවුනේ කිව්වත් නොකිව්වත් රෙහාන් යකෙක් වෙන්න පුළුවන් නිසා.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now