🌿32 හමුව🌿

5.5K 703 691
                                    

වර්තමානය....

ගිවන්තගේ ඇස් ලොකු වුනේ කාලෙකට ඉස්සර තමන්ගේ හොඳම යාළුවෙක් වුන බෝඩිමට නිතර ආව ගිය රෙහාන් මල්ලි ෂදිල්ගේ හස්බන්ඩ් බවට සිහිනෙන්වත් එයා නොසිතූ හින්දා.....

රෙහාන්ගේ කාර් එක ඇතුලේ ඉඳන් බය වෙලා බලා හිටපු ෂදිල් දිහා බලපු ගිවන්ත ඊලඟට එයාගේ මුව දෙපසින් තදින් අල්ලන් ඉන්න රෙහාන් දිහා බැලුවා...

රෙහාන් එයාගේ ග්‍රහණය ටිකක්වත් අඩු කලේ නෑ....ෂදිල්ටත් එයා ඉදිරියේ දිග හැරෙන සිදුවීම දිහා බලා ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.....

මොකද ෂදිල් බයම රෙහාන්ගේ කේන්තියට...ඒක අමුතුම කේන්තියක්...ඒ නිසා මෙවෙලේ කරන්න තියෙන නුවණක්කාරම වැඩේ රෙහාන් කියන විදියකට වැඩ කරන එක බව ෂදිල් වටහාගත්තා.....ෂදිල්ටත් ඒක හුරු නැති එකේ ඒකට ගිවන්ත පුදුම වෙන එක අහන්නත් දෙයක් නෙමේ....

ඉස්සර හිටපු රෙහාන් වෙලාවකට කේන්තිකාරයෙක් වුනත් තදයෙක් වුනත් මේ තරම් දරුණුවට නොහැසිරුන බව ගිවන්ත දන්නවා....අද රෙහාන්ගේ හැසිරීම නිසා ගිවන්ත ශොක් වෙලා ඉන්නේ....

කට පුරා එයාට ගිවන්ත අයියා කියලා කතා කරපු නිතර එයාව හොයාහෙන ආපු නිරහංකාරව හැසිරුනු සරල කැම්පස් කොල්ලාට වඩා අද තමුන් ඉස්සරහ ඉන්නේ තමන්ට වඩා වයසින් බාල වුනත් තමන්වත් බය කරන්න හැකි පෞරුෂයක් තියෙන වෙනස්ම රෙහාන් කෙනෙක් කියලා ගිවන්තට තේරුම් යන්න මහ වෙලාවක් ගතවුනේ නැහැ....

"උ....උඹද එතකොට සුදු මල්ලිව මැරි කලේ?....."

ගිවන්තට එයාගේ කන් අදහාගන්න බැරිවුනා...මේ පේන්නේ හීනයක්ද කියලා තමන්ගෙන් අහන්න හිතෙන තරමට එයාව ශොක් වුනා.....

ගිවන්ත විතරක් නෙමේ ඒ කාලේ ඒ දෙන්නා වටේ හිටපු කිසි කෙනෙක් ෂදිල් රෙහාන් අඹුසැමියන් වෙයි කියලා තියා පෙම්වතුන් වෙයි කියලා අනුමානවත් කලේ නැහැ.....

ගිවන්තගේ පුදුම වීම හමුවේ රෙහාන්ගේ මුවේ ඇඳුනේ නෝක්කඩු එහෙත් ජයග්‍රාහී හිනාවක්....ෂදිල් කියන්නේ රෙහාන්ට ට්‍රෝෆි එකක් නෙවේ දකින දකින අයට පෙන්න පෙන්න යන්න...ඒ වුනත් අදාල තැනදී අදාල පාර්ශවයන්ට තමුන්ගෙයි ෂදිල්ගෙයි සම්බන්ධය උලුප්පවලා පෙන්නන්න රෙහාන් කොයි වෙලාවකවත් පසුබට වෙන්නේ නැහැ.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now