ෂදිල් ලිෆ්ට් එකේ හතරවෙනි මහලට යන අතරතුරේ ෆෝන් එක බැලුවේ නොසන්සුන්ව....එයාගේ හිත ඇතුලේ දාහක් සිතුවිලි එකට ගැටුනා....
කොල්ලාගේ පපුව වේගෙන් ගැහෙන්නට වුනේ ආගන්තුක මුණගැහීම නිසාම පමණක් නෙමේ රෙහාන්ට නොකියා මේ ගමන ආපු නිසා.....
ෂදිල් හොර හිතකින් කරන්න යන වැඩක් නෙමේ මේක...එහෙම කියලා එයාගේ හිත සම්පූර්ණයෙන් එකඟත් නෑ මේ කරන වැඩේට...
යශෝ හරහා මේ පණිවිඩ එන්න පටන් ගත්ත මුල ෂදිල් හිතා හිටියේ රෙහාන්වත් එකතු කරන් ආගන්තුකයාව මුණගැහෙන්න වුනත් දැන් ඒක වෙනස් වෙලා.....වෙනස් වෙලා තියෙන්නේ සැකය කියන බීජය එයාගේ හිත අස්සට ඇවිත් තියෙන නිසා....
එයා කල්පනා කලේ මේ ගමන ප්රශ්න විසඳයිද එහෙමත් නැත්තම් තව ප්රශ්න එකතු කරයිදත් කියලා... මොනා වුනත් එයාට දැන් ආයෙම හැරෙන්න බෑ ඉදිරියට යනවා මිසක්....
කැබ් එකේ එන අතරතුරේදී එයාට යශෝධරාගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බා කියපු තැනටත් යනවා නේද අහලා....ඔව් කියලා ඉතා කෙටියෙන් ෂදිල් ඒකට පිලිතුරු දුන්නේ හිත ඇතුලේ දෙගිඩියාවක් තියාගෙන....
ඒ කියන්නේ යශෝධරාගේ ඩියුටිය ෂදිල්ව එතනට අද අනිවාර්යයෙන්ම යවන එක වෙන්නෝන....එයා ඒක හරියටම කලා....
එයාට යශෝධරාව පොඩ්ඩක්වත් විශ්වාස නෑ...ඒ වුනාට එයාට අවදානමක් ගන්නම සිදු වෙනවා...නැත්තම් හැමදාම ඉන්න වෙන්නේ නූල් බෝලෙක පැටලී පැටලී.....
ෂදිල් සිතුවිලි රාශියක් එක්ක හිත ඇතුලෙන් පොරබදින අතර ලිෆ්ට් එක හැම මහලකම නැවතුනා....එක එක අය ඒකට ගොඩවුනා....තව අය ලිෆ්ට් එකෙන් බැස්සා....
හරියට ෂදිල්ගේ ජීවිතේ වගේ....හරියට නැවතුන කෙනෙක්ට ඉන්නේ රෙහානුයි අහස්නයි විතරයි බලාගෙන ගියාම.....
හතර වෙනි තට්ටුවට ලිෆ්ට් එකේ ගමන් කරන විනාඩි කීපය පැය ගානක් ගතවෙන වැඩක් තරම් දිගට එයාට හිතුනා....
එයාව මුණගැහෙන්න ඉන්න කෙනා මොකා වුනත් ඉක්මනට ඒ කෙනාව මුණගැහිලා ප්රශ්න වලට උත්තර හොයාගෙන මෙතනින් යන එකයි ෂදිල්ගේ ප්ලෑන් එක...
CZYTASZ
සිධාරණ්ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing