නානකාමරයට වැදුන ෂදිල් අතට ගත්ත දුහුල් පිජාමා ඇඳුම දිහා බලලා හීල්ලුවේ හිතට ආපු ආවේගෙට තීරණ ගන්න සුදුසු නැති නිසා...එයාට පිස්සු වගේ...පිස්සු වගේ කිව්වට තවම පිස්සු නොහැදුන එක ගැන එයාට පුදුමයි......
හැමෝම හැමදාම දොස් කිව්වේ එයාට..වෙන අයගේ දුර්වලතා වගේම වැරදිත් ගියේ ෂදිල්ගේ පිටින්...ෂදිල් වැරදිකාරයෙක් එයා වටේ ඉන්න අයගේ ඇස්වලට...
පුන්ච් අරාෂ් හැරුනුකොට අනික් හැමෝටම ෂදිල් වැරදිකාරයෙක්....ෂදිල්ට කෑ ගහලා වැරදි හරිගස්සන්න හිතුනත් එහෙම කරන්න බැරිවෙන තැනට එයාට හරස්වුනා බැඳීම්......
ෂදිල්ව බිහිකල අම්මා අප්පාට ලොකු අයියාට වගේම ඊයේ පෙරේදා වෙනකම් ලඟින් හිටපු මල්ලිටත් එයාව අද නුහුරට පෙනුනා...නිදහසට කාරණා හිතන්න හෝ හොයන්න බැරි තරම් ෂදිල්ගේ හිත වෙහෙසට පත්වෙලා...
තමන් ගොනෙක්ද බූරුවෙක්ද එහෙමත් නැත්තම් පරිත්‍යාගශීලී මිනිහෙක්ද කියලාවත් තේරුම් ගන්න එයාට බෑ....එයාට හැමදාම උවමනා වුනේ හරි දේ කරන්න....
එයා හිතනවා එයා ගත්ත තීරණ නිවැරැදියි කියලා...සමහරවිට ඒවා නිවැරැදි ඇති අනික් අයගේ යහපත ගැන හිතද්දී....ෂදිල්ට ඒ තීරණවලින් වුනේ යහපතක්ද කියලා තව හිතන්න වෙනවා....
ලෝක පූජිත මිනිස්සුන්ට පවා ජීවිතේ වැරදුනා නම් ෂදිල් වගේ කොල්ලෙක්ට වරදින එක අහන්නත් දෙයක්ද....එක වැරදි තීරණයක් තව වැරදි තීරණ දහස් ගානකට පාර කපනවා...
නෙතිල් වුනත් ආවේගශීලීව හැසිරුනේ හරියට එයාගේ හිතේ ඉපදුණ ආදරය ෂදිල් බලෙන් පැල කරපු ගානට....ෂදිල් කිසිදාක නෙතිල්ට බලාපොරොත්තු ඇතිවෙන විදියට හැසිරිලා නැතත් එයාගේ මුනිවත මල්ලි වැරදියට තේරුම් ගත්තා වෙන්නත් පුළුවන්....
නෙතිල් එයාගේ පැත්තෙන් හරි නම් ෂදිල් ෂදිල්ගේ පැත්තෙන් හරි....තමන්ටම තමන්ව වැරදියට පේන්නේ කීයෙන් කීදෙනාටද.....පෙනුනත් පිලිගන්නේ කීයෙන් කීදෙනාද?...
කලින් දවසේ නෙතිල්ගේ මුවින් නිකුත් වුන වචන ෂදිල්ගේ හිතට වද දුන්නා නොසෑහෙන්නම නින්දක් අහලකටවත් නොඑන තරමට....එයා කිව්ව විදිහට ෂදිල් කෙල්ලෙක් නොවෙන නිසා රෙහාන් එයාගේ ඇඟට අත තියන්නේ නැද්ද...ගැහැණියක් නොවීම හෝ රෙහාන්ට කායික පහසක් ෂදිල්ගෙන් නොලැබීමද හැමදේටම වැරදි කියලා කොල්ලාට කල්පනා වුනා..
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing