පතිරණ ඉස්සරහ වුන සිද්දියෙන් පස්සේ ෂදිල්ට බාතෲම් එක අස්සට වැදිලා අඬන්න තරම් හිතුනත් එයා කලේ වැඩ අස්සේ බිසී වුන එක...ඔෆිස් එකේ හැමෝම ගෙදර යනකම් රෑ වෙනකම් එයා වැඩ කලා....
පිස්සුවෙන් වගේ වැඩ කරන එක හිතේ දුක වේදනාව හංගගන්න සමනය කරන්න නියම බේතක් කියලා එයා හිතුවා.....හිත වෙනතකට යවාගන්න ඒක නියම ක්‍රමයක්....
නැත්තම් කඳුලු කම්මුල් දිගේ පල්ලම් බැහැලා හිත මිරිකලා ඇස් රතු කරලා දුක ඇති කරනවා...ජීවිතේ එපා කරවනවා....ඒකට ෂදිල් අකමැතියි...කඳුලු දුක පරදවන්නයි එයාට ඕන....කවදා වෙනකම් එයා කියලත් හිත පාරවගන්නද?....
රෙහාන්ගේ ඩ්‍රයිවර් කපිල එක්ක වැඩට යන්න ගෙදර එන්න රෙහාන්ගේ අප්පච්චි ලෑස්ති කරලා දීපු නිසා එයාට කැමති වෙලාවකට ඔෆිස් එකෙන් යන්න පුළුවන් වුනා....ඒ වුනත් ෂදිල් කවදාවත් එයාට ලැබුන වරප්‍රසාද වැරදියට පාවිච්චි කලේ නැහැ....වෙලාවටත් කලින් වැඩට එන එයා ඔෆිස් ඉවරවෙන වෙලාව පහු වෙනකම්ම වැඩ කලා...
රෝද පුටුවක් එක්ක හරඹ කරන්න ලේසි නෑනේ....කපිල ෂදිල්ට තාත්තෙක් වගේ මනුස්සයෙක් නිසා එයාට රෝද පුටුවෙන් කාර් එකට මාරු වෙන්නත් කාර් එකෙන් බැහැලා රෝද පුටුවට මාරු වෙන්නත් වාරුවක් වුනා....
කපිලට මුලදි අන්කල් කියලා කතා කලත් රෙහාන්ගේ බලපෑම නිසා මුල් නම කියලා කපිලට කතා කරන්න කොල්ලට පුරුදු වෙන්න වුනා...කපිල රෙහාන් ගැන හොඳටම දන්න නිසා ඒ ගැන කණගාටු වුනෙත් නෑ ෂදිල්ට කණගාටු වෙන්න ඉඩ දුන්නෙත් නෑ....
වෙන කෙනෙක්ගෙන් නම් මෙහෙම උදව් ගන්න ෂදිල් කැමති නෑ...එහෙම උදව් ගන්න වුනාම ෂදිල්ට එයාවම එපා වෙනවත් එක්ක....
"අරා...උඹ තාම මොකද කරන්නේ?....අන්න උඹේ හස්බන්ඩ් අද ඩිසයිනින් එවුන්ව රෑ එළි වෙනකම් ඔෆිස් එකේ තියාගන්නලු හදන්නේ....උන්ට අද ඩිනරුත් නැති වෙන සීන් එකක් තියෙන්නේ...චාරුකයා කුණු කුණු ගගා හිටියා....පව් බන් උන්..කෙල්ලන්ට විතරක් රෑ හතට ගෙදර යන්න දීලා..වැඩ කරන්න ගියාම උඹයි බොසායි එක වල්ලේ පොල්....ඒ අතින් නම් කැපෙන ජෝඩුව උඹලා..."
රෙහාන් රෑ වෙනකම් වැඩ කියලා අහස්න කියනකම් ෂදිල් දැනන් හිටියේ නෑ...එයාට පුදුමත් නෑ...එයා රෙහාන්ට ටෙක්ස්ට් එකක් දාන්න ෆෝන් එක අතට ගත්තා...එයා රෙහාන්ට යවපු මැසේජ් විතරයි තිබ්බේ...ආපුවා නෑ...සීන් කලා කියලා දැනගන්න පුළුවන් නිසා එයා දැනගන්නවා රෙහාන් මැසේජ් බැලුවා කියලා....නැත්තම් ඒකත් නෑ..
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing