ෂදිල් කෙලින්ම ගියේ මහගෙදරට...එයාට උවමනා වුනේ ඉක්මනටම රෙහාන්ගේ අම්මාව හම්බෙලා වුනේ මොකක්ද දැනගෙන හැරෙන තැපෑලෙන්ම ගෙදර යන්න...රෙහාන්ගේ කෝල් එක ෂදිල්ගේ හිත කලබල කරලා තිබුනා නොසෑහෙන්න....
රෙහාන් යකෙක් වෙන්න ඕන වෙලාවට බබෙක් වගේ හැසිරෙනකොට ෂදිල්ගේ හිත කලබල වෙනවා....මොකද ඒ හැසිරීම කොයි වෙලේ අනික් පැත්තට වෙනස් වෙයිද කියලා කාටවත්ම කියන්න බෑ...
දිල් කියලා රෙහාන් ෂදිල්ට කතා කලේ හිත ඇතුලේ නැගුන හදිසි ආලවන්තකමක් නිසාද එහෙමත් නැත්තම් වෙන අරමුණකටද කියන එක ගැන ෂදිල් හිතුවෙම නැති තරම්.....ඕනවට වඩා හිතන එකත් හොඳම නෑ.....
පුතාව කපිලත් එක්ක වාහනේ තියපු ෂදිල් මහගෙදරට ගොඩ වෙනකොටම වගේ එලිපත්තට දුවන් ආවේ දෑලබණ්ඩාර නෝනා....එයාව දකිනකොට වෙනදට දැනෙන හිත පිරෙන ගතිය එයාට දැන් දැනෙන්නේ නෑ....
කවුරු කවුරුත් සමහර අවස්ථාවලදී තමන්ටම නොදැනී තමන්ගේ ඇත්ත ස්වරූපය පෙන්වනකොට තමා අනික් අයටත් ඒ අය කොයිවගේද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ....
"ෂදිල් ඔයා ආව එක හොඳයි පුතා...පොඩ්ඩක් ඇතුලට එන්නකෝ..."
කලබලෙන් වගේ ෂදිල්ට නැන්දම්මා හෙවත් මේධා දෑලබණ්ඩාර ලොකු මැණිකේ කතා කරනකොට ලොකු හුස්මක් අත ඇරපු කොල්ලා ෆෝන් එක බලලා ගේ ඇතුලට රෝද පුටුව පදවන් ගියා....
අදත් බරපතල කතාවක් සිද්ද වෙන්න යන වග එයාට ඉවෙන් වගේ දැනුනා....මේ කතා කිරිල්ල පුරුද්දකට යාවිදෝ කියලා එයාගේ හිත වදවුනා..
"මොකක්ද අද වුනේ සිද්ගේ අම්මේ?....සිද් මට කෝල් කලා...එයා හොඳටම බීලා ඉන්නේ..අනේ මන්දා...මන් ඉක්මනටම ගියොත් හොඳයි...."
සාලෙට ආපු ෂදිල් අම්මාගේ ඇස් මඟ ඇරලා ෆෝන් එක දිහා බලාගෙනම කිව්වේ රෙහාන්ගෙන් කෝල් එකක් ආවොත් මිස් නොකරගන්න බලාපොරොත්තුවෙන්....එයාට හදිසියි ගෙදර යන්න...හිත නොසන්සුන්...
රෙහාන් අම්මාත් එක්ක රණ්ඩු වුන වග එයාට කීවේ කපිල වුනත් එයාට කපිලව කේලම්කාරයෙක් හැටියට පෙන්වන්න අවශ්‍ය නොවුන නිසා එයා කපිලව ගාව නොගෙනම කාරණාවට බැස්සා...ෂදිල් කියන්නේ තමන්ට කලින් හැමදාම අනුන්ගේ යහපත ගැනම හිතපු ඒ වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්...ඒකනේ අදටත් ඒවායේ ප්‍රතිවිපාක විඳින්නේ..
YOU ARE READING
සිධාරණ්‍ය (Ongoing)
Fanfictionඅහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing