🌿17 හමුව🌿

5.3K 760 726
                                    

"අයෝ මන් කියන දේ අහන්නකෝ...පිස්සු නටන්න හදන්නෙපා..."

ෂදිල් කිව්වේ කලබලෙන් කාර් එකට නඟින්න හදපු අයෝධ්‍යාගේ අතකින් අල්ලගෙන...දෙන්නම තෙමෙනවා...මහා ධාරානිපාත වැස්සේ...කුඩයක් ඉහලගන්නවත් ගාණක් නෑ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත්.....

අයෝධ්‍යා ඉන්නේ කේන්තියෙන්...ෂදිල් ඉන්නේ කේන්තිය කලකිරීම අතරමැදි හැඟීමකින්....දෙන්නා අතර ලොකු බහින්බස් වීමක් ඇතිවුනා ටිකකට කලින්...ඒකේ ප්‍රථිපලය වුනේ පාර අයිනේ නවත්තලා තිබ්බ කාර් එකට නැඟලා ඔළුව හැරිච්ච අතේ යන්න අයෝධ්‍යා තීරණය කරපු එක....

අයෝධ්‍යා ඇඳගෙන හිටියේ ලා නිල් පාට සල්වාර් ඇඳුමක්...ඒකෙන් කෙල්ලට ලැබුනේ අහිංසක තැන්පත් පෙනුමක්....ෂදිල් හිටියේ සුදු ෂර්ට් එහෙකට කළු ඩෙනිමක් ඇඳන් රබර් සෙරෙප්පු දාගෙන...එයා ආවේ අයෝධ්‍යාව මුණ ගැහෙන්න....ඒ වුනාට අයෝධ්‍යා මුරණ්ඩු වුනා....

"පිස්සු?...කාටද?....මටද?...ඔව් ඔව් මට පිස්සු තමා ෂදිල්...මාව පිස්සෙක් කලේ කවුද?...ඔහේ...තමුසේ....මාව මැරුවා නම් මීට හොඳයි..."

අයෝධ්‍යා ෂදිල්ගේ අත ගසලා දලා කොල්ලාගේ පපුව මැදට අතක් මිට මොලවලා ගැහුවා....

"විකාර කියවන්නෙපා අයෝධ්‍යා!!! නැට්ට පාගගෙන දඟලන්නෙපා...මන් හැමදේම දන්නවා...හැමදේම...ඔයා මගේ සිද්ව අල්ලගෙන නටන්නේ හොඳ දෙයක් නෙමේ...ඒ ගැන ඔයාට තේරුම් කරන්නයි හැදුවේ...මේක කරන්නෙපා බන්...අහපන්කෝ!!..."

අයෝධ්‍යාගේ පදනම් විරහිත චෝදනා හමුවේ ෂදිලුත් හඬ උස් කරලා කිව්වේ කෙල්ලව පාලනය කරගන්න හිතාගෙන....

"සිද්...සිද්....ඔයාගේ සිද්?....කවද්ද එයා ඔයාගේ වුනේ ආ?..කවද්ද?....එයා මගේ...මේ අයෝධ්‍යාගේ....අර ගේ ඇතුලේ ඉන්න පොඩි එකා සිද්ගේ ලේ...එයාගෙයි මගෙයි ආදරේ සලකුණ...ඒක නෑ කියන්න සිද්ටවත් බෑ....ඒ මගේ රෙහාන්...මගේ සිද්...මගේ මහත්තයා...අපි කසාද බැඳලා නැතත් කවදාහරි එයා මගේ මිනිහා වෙන එක ඔයාට වලක්වන්න බෑ ෂදිල්...අපේ යාළුකම් නැති කලේ මම නෙමේ ඔයා...මගේ කොල්ලාව උදුරගන්න එපා...කොල්ලාව කෙසේවෙතත් මගේ ලමයාගේ තාත්තාව උදුරගන්න එපා මනුස්සයෝ!!!!! මන් වැඳලා කියන්නම්...අපිට පාඩුවේ ඉන්න දෙනවකෝ!!!....."

සිධාරණ්‍ය (Ongoing)Opowieści tętniące życiem. Odkryj je teraz