🌿50 හමුව🌿 (2)

4.8K 538 1K
                                    

Warning: mention of blood and sexual activity

රෙහාන් එයා තමා බොස් කියලා හිනාවෙලා කියාගෙන ෂදිල්ගේ මූණට හැරෙනවාත් එක්කම කොල්ලාට ඇතිවුනේ පුදුමය කලකිරීම වේදනාව වගේ එකිනෙකට වෙනස් ඒත් හිත පතුලටම දැනෙන හැඟීම් මහ ගොන්නක්.....

එයා රෙහාන් දිහායි ෆෝන් එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ වෙන දේවල් ඇත්තද නැත්තම් හිතලුවක්ද කියලා තෝරබේරගන්න බැරුව....

දේශාන්ගේ පැත්තෙන් මොනවත් ඇහුනේ නෑ....එයා නිහඬයි..ඒත් එයාගේ හුස්ම ගන්න සද්දේ ෂදිල්ට ඇහුන නිසා එයා දැනගත්තා දේශාන් තාම ලයින් එකේ ඉන්නවා කියලා.....

ෂදිල්ට දේශාන්ගෙන් අහන්න හිතුනා ඇයි එහෙම කලේ කියලා...මීට මොහොතකට කලිනුත් දේශාන් ෂදිල්ට උදව් කලා නේද?..ඉතින් කොහොමද මෙහෙම කණපිට ගැහුවේ....

දේශාන් දෙපැත්තටම වැඩ කලාද?....එහෙම නැත්තම් එයාව රෙහාන් බිලීබෑවද?....එයා ෂදිල්ගෙන් තරහක් පිරිමහන්න හිතාගෙන බොරු කලාද?....

එයාගේ හිත ඇතුලේ ප්‍රශ්න කෝටියයි.....ෂදිල්ට එහෙම හිතුනත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය දේශාන්වත් එයා ෂදිල්ට කරපු රැවටිල්ලවත් නෙමේ.....

ඊටත් වඩා ලොකු රැවටිල්ලකට ෂදිල්ව හසුවෙලා තියෙන්නේ දැන්.....

"දේශාන් අපි පස්සේ කතා කරමු...මට දැන් වැදගත් වැඩක් තියෙනවා කරන්න...."

එහෙම කියලා තමන් ගාව තිබුන ෂදිල්ගේ ෆෝන් එක රෙහාන් කට් කලේ දේශාන්ට මොකවත් කියන්නවත් ඉඩක් නොතියා...

ෂදිල්ට තරහයි...දුකයි...එයාට දැනෙන්නේ හැමෝම එකතු වෙලා පිටපත හදපු නාට්‍යයක එයා චරිතයක් රඟපෑවා කියලා...

වෙන කෙනෙක්ගේ සැලැස්මක් ඇතුලේ මෝඩ විදියට ඉත්තෙක් වුනා වගේ හැඟීමක් තමා කොල්ලාට දැනෙන්නේ....

එයාගේ වචන උගුර ඇතුලේ හිරවෙලා...දෙතොල් තද වුනා....ඉඳලා හිටලා පමණක් කේන්ති ගන්න ෂදිල්ට හුඟාක් කේන්ති ගියා.....ඊටත් වඩා ලොකු දුකක් එයාගේ හිත වෙලාගත්තා.....

එයාට දැනෙන ලොකුම දුක තමා රෙහාන් එයාව රැවැට්ටුවා කියලා හිතට දැනෙන දරුණු වේදනාකාරී හැඟීම...එයාට රෙහාන් එක්ක තමා ලොකුම තරහා ආවේ.....

සිධාරණ්‍ය (Ongoing)Where stories live. Discover now